සද එළිය ඔබ 11- එකොළොස් වැනි කොටස



පසුගිය කොටසින්..

“මට සමාවෙන්න තාත්ති ඒ් වරද කලේ මල්ලි නෙමෙයි..මම මට සමාවෙන්න…“

රණගෙදර මහත්තයා පුදුම වෙලා බලා ඉන්නවා.. සේපාලිත් ඒහෙමයි..

“මටයි තාත්ති ඒ් ගර්ල් එක්ක ඒෆයාර් ඒකක් තිබුනේ..එත් ඒ් තිබුනේ මීට අවුරුදු 2කට කලින්…ඒ් ෆොටෝස් ඇත්ත..ඒත් ඒ් ගර්ල් මාව අතඇරලා වෙන කෙනෙක් එක්ක ගියා… ඒ් නිසයි මම ඒ් ඒෆයාර් ඒක නැවැත්තුවේ..ඒ ගර්ල් ඒ් බෝයි එක්ක එකතු වෙලා මාව බ්ලැක් මේල් කලා තාත්ති… මගේ ෆොටෝස් ෂෙයාර් කරනවා කියලා.. කොහොමත් ඒ්ක මර්ඩර් එකක්..මං ඔක්කොම සාක්ෂි දිලා කටඋත්තරයකුත් දිලා ආවේ.. ඒ් බෝයිව දැන් ඇරෙස්ට් කලා..එයා තමයි ඒ් ගර්ල්ව මරලා තියෙන්නේ..මාව අහුවෙන්නම… බිනුජට ඇඩෙනවා..“

රණගෙදර මහත්තයා ඔලුවේ අත ගහගත්තා…

සේපාලි ඒකපාරටම බිම වැටුනා..‍

‍සහස්නා ඒකපාරටම කෑ ගැහුවා..“ආන්ටි අනේ ආන්ට්…

විපුලි රණගෙදර මහත්තයි පැනලා සේපාලිව අල්ලගත්තා..ගයාන් වතුර කොප්පයක් අරන් ආවා…

 අද එතැන් සිට..👇👇

අක්කා නැගිටින්නකෝ…අක්කා…විපුලි සේපාලිමුණට වතුර ඉස්සා..

විනාඩි කිහිපයකින් සේපාලි වට පිට බැලුවා..

”අනේ නංගි මගේ දරුවා…”

”අපි දැන් ඇත්ත දන්නවනේ අක්කේ… ලොකුවට හිතන්න ඒපා… අපි කෙලින් කටින් ඉන්න ඔ්නි මොනවා කරන්නත්..”

”අනේ අපේ මහත්තයා අපි දරුවට කලේ වරදක්…”

”ඔයා නෙමෙයි මැණිකේ මමයි වරද කලේ…” රණගෙදර මහත්තයගේ ඇස්වල කදුලු..මේ ගැන මීට වඩා හොයලා බලන්න තිබුනා කියලා රණගෙදර මහත්තයට හිතුනා…

” මාත් විස්තරේ ටිකක් දන්නවා අයියේ… එත් මේ තරම් නෑ,..පොඩි පුතා කිව්වා මේක අයියගේ දෙයක් කියලා..” විපුලි කිව්වා..විපුලිගේ කතාව සනාථ කරන්න සහස්නයි ගයානුයි දෙන්නම ඔලුව වැනුවා…

” ඒහෙනම් ඇයි පොඩි පුතා එයා මේ දේවල් කලා කියලා පිලිගත්තේ.., එයාට ඔප්පු කරන්න තිබුනා මේ දේවල් කලේ බිනුජ කියලා ” රණගෙදර මහත්තයා කට හඩ අවදි කලා..

”ඔව් අයියේ මාත් කිව්වා ඒ්ත් කොල්ලා කිව්වේ අයියට ඔ්වා හුරු නෑ..මගේ පිටින්ම ගියාවේ..අයියගේ නම කැත වෙන්න බෑ,.කවදාහරි තාත්තිගේ දේවල් බාර ගන්න ඉන්නේ අයියා ..ඉතිං ඒයාගේ ෆර්සනස් ටී එකට ඩැමේජ් එකක් වෙන්න දෙන්න බෑ කිව්වා…මට ගොඩාක් දේවල් කියලා මාව පොරොන්දු කරගත්තා අයියේ…”

රණගෙදර මහත්තයා ඒහෙමම නැගිටලා වාහනේ යතුර අරන් වේගෙන් ඒලියට ගියා..

”අනේ පුතා යන්න අයියා හිතේ අමාරුවෙන් ඇත්තේ…”

එත් ඒක්කම ගයාන් ගියා..බිනුජ යන්න හැදුවත් විපුලි බිනුජව නැවැත්තුවා…

”ඔයා ඉන්න පුතා… ආවා විතරනේ… මල්ලිව හොයාගෙන ඒයි..”

”මං මේ ලගදි කොල්ලට කෑ ගැහුවා නැන්දි..පවි පොඩි ඒකා..මං නිසා දවස් 14ක් හිරේ..” බිනුජ අම්මවයි නැන්දවයි තුරුල් කරන් ඇඩුවා..

”කොල්ලගේ මනුස්සකම පුතේ..පිටට නොපෙන්නුවට පැලෙන්න ආදරෙයි අපි හැමෝටම..විශේෂයෙන් අයියට..කොහේ ඉදියත් අඩ අඩ ඇත්තේ… ”

”තාත්ති මල්ලිට ගැහුවද අම්මි..”

”ඔව් පුතේ පව් පොඩි ඒකා කියලා සේපාලි ඇඩුවා..

ගයාන් තමයි වාහනේ ගත්තේ… කොලඔ හැම තැනම ඇවිදලා ඇවිදලා බැලුවත් ධනුජ ගැන විස්තරය්ක් හොයා ගන්න බැරි වුනා… 

”ඇයි පුතා ඔයාවත් මට මේ ගැන නොකිවේ..”

”මට බය හිතුනා අංකල්..අනික ධනුවා මාවයි සහස්නා නංගිවයි පොරොන්දු කරගත්තා…”

”හිරේ යනවට වඩා පොරොන්දු කඩන ඒක හොද නැද්ද? රණගෙදර මහත්තයා ඇහුවා..

”අයියට ඒ්වා පුරුදු නෑ කියලයි කිව්වේ අංකල්.. අයියගේ නම කැත කරන්න බෑ කිව්වා…

හීනියට රණගෙදර මහත්තයගේ ඇහෙන් කදුලක් කඩාගෙන වැටුනා.. 

ගයාන්ටත් අප්සට්… මේ ධනුවා ෆොන් එකත් ඔෆ් කරගෙනනේ අංකල්… 

එත් ඒක්කම රණගෙදර මහත්තයා ෆොන් ඒක අතට ගත්තා..පුතා මේ නම්බර් ඒක වැඩද බලන්න… කියලා ගයාන්ට නම්බර් ඒකක් දුන්නා..

ගයාන් ඒ් ගමන්ම ඩයල් කරලා රණගෙදර මහත්තයා අතට ෆොන් එක දුන්නා…

”හෙලෝ ගයාන් පුතා ද ?

”හොලෝ කවුද මේ ..ගයාන් කියලා කෙනෙක් නෑ නෑ..

”ඒතකොට පුතාගේ නම

”මම සෙනුර

”පුතා කොහෙන්ද මේ කතා කරන්නේ…

”මම අනුරාධපුරේ… 

”ආ ඒහෙනම් රෝන්ග් නම්බර් එකක් ..කියලා අංකල් ෆොන් එක තිබ්බා..‍

”කොල්ලා ඉන්නේ අනුරාධපුරේ පුතා… ”

ඒ් කොහොමද අංකල් ?

නෑ මට මේ නම්බර් එකෙන් ඊයේ කෝල් එකක් ආවා..කතා කලේ නෑ ඒත් ..ටිකක් වෙලා ගිහින් කට් කලා..මට හිතෙනවා ඒ් කොල්ලා කියලා.. මට ඒ්ක දැනුනා…

”ධනුජ මේ ලොකේ වැඩියෙන්ම ආදරේ අංකල්ට.. ”

”මම දන්නවා පුතා..ඒ් ආදරේ නිසාමයි මට මේ දේ දරාගන්න බැරි වුනේ…” රණගෙදර මහත්තයා හරිම පසුතැවිමකින් කිව්වා…

”අංකල් ඒත් ලොකේෂන් ඒක හොයාගන්නේ කොහොමද?

”මං ඔ්.අයි.සි රංවලට දැම්මා..දැන් චෙක් කරලා ෂෙයාර් කරයි..අපි යමු..”

”මං විස්තරේ කිව්වා රංවලට..අර බෝයිව ඇතුලට දායි..ගෙදර අය නම් දැනුවත් නෑ කියලා කියන්නේ..ඒත් එයලගෙන් ප්‍රශ්න කරයි.. අපරාදේ මගේ කොල්ලා..හිර බත් කෑවා…”

”මොනවා කරන්නද අංකල්.. උනදේ වුනා… එත් ධනුවා කියන්නේ පවුලක ඉන්න ඔ්නිම කොල්ලෙක් අංකල්.. යාලුවෙක් වුනත් මගේ සහෝදරයින්ට වඩා මට ලගයි.. මට කරදර නිසා තමයි අපේ ගෙදර නාවේ…” ගයාන් කියවගෙන ගියා…

හවස 6 වගේ වෙනකොට රණගෙදර මහත්තයා අනුරාධපුරේට ආවා… රංවල මහත්තයා දාපු ලෝකේෂන් එකේ අවසාන හරියේ තමයි ඉදියේ..ඇතින් පුංචි ගඩොල් වලින් බැදපු ගෙයක් තියෙනවා… ඒ් ගෙදර විශාල මිදුලක් තිබුනා.. රෑ 7වගේ වෙලා නිසා කලුවර වැටිලා තිබුනේ..

ගයාන් වේගෙන් ගිහින් වාහනේ මිදුලේ නතර කලා..

ඒතනම තිබුන කොහොඔ ගහ ගාව තිබුන බංකුවේ වාඩිවෙලා හිටපු සෙනුර එක පාරටම නැගිටලා ඉස්සරහට ආවා..එත් ඒක්කම ධනුජත් ආවා..අනේ සරමක් ඇදගෙන ටී ෂර්ට් ඒකකුත් දාගෙන ඉන්න කොල්ලව දැක්කම තමයි රණගෙදර මහත්තයගේ ඇගට ලේ ටිකක් ඉනුවේ…ගයානුයි රණගෙදර මහත්තයි ඒකපාරටම වගේ වාහනෙන් බැස්සා..

”මචං අංකල් නේද? සෙනුර ඇහුවා..

”ඔව් මචං තාත්ති..

රණගෙදර මහත්තයට කේන්තියි..නොකිවට ඇගේ ලේ වතුර වෙලා තිබුනේ..අඩුම ෆොන් ඒකවත් ඔන් කරගන්න තිබුනා කියලා හිත හිතමයි ආවේ..

ධනුජ හිමිට රණගෙදර මහත්තයා ගාවට ආවා..

”ලැස්තිවෙනවා ගෙදර යන්න.. රණගෙදර මහත්තයා සැරින් කිව්වා.

” මට ගෙයක් නෑ නේ තාත්ති.. ධනජු දුකින් වුනත් කෙලින්ම කිව්වා..

එත් ඒක්කම රණගෙදර මහත්තයා කොල්ලව බදාගත්තා..ගයාන් සෙනුරට විස්තරේ කිව්වා….

”ඇයි පුතේ මේ තරම් දේවල් ..කවුරු වෙනුවෙන් වුනත් ඔය වගේ දේවල් ඇගේ දාගන්නවද?

”මං ඔයාලට ‌ෙගාඩාක් ආදරෙයි තාත්ති…ඔයා මාව ගෙදරින් ඔයාගේ දරුකමෙන් අයින් කලා කියපු වෙලාවෙම මට මැරෙන්න හිතුනා තාත්ති..ඒත් මට ඔයාව මැවිලා පෙනුනා… මොකද ඇත්ත දැනගත්තම තාත්ති මට සමාව දෙයි කියලා හිතුනා… ධනුජට ඇඩෙනවා..රණගෙදර මහත්තයත් කොල්ලව බදාගෙන ඇඩුවා…”

”ඇත්ත ඔප්පු කරන්න ඔයාට තිබුනා පුතේ…” 

”මං කොහෙමද තාත්ති ඒකම වෙලාවේ ඒකම බඩින් ආපු මගේ අයියව අහු කරලා මං බේරිලා පැත්තකට වෙන්නේ…ඔයා මට එහෙම උගන්නලා නෑ..”

”මං දන්නවා පුතේ මං දන්නවා..”

මාව ඔ්නි වෙලාවක ගෙදරින් ඒලියට දාන්න තාත්ති… මං පාරක වුනත් ඉන්නම්..ඒත් ඔයාගේ දරුකමින් අයින් කරන්න ඒපා තාත්ති..මාව මැරෙයි‍‍‍‍‍..මං මේ ලෝක‌ේ අම්මිටත් වඩා ඔයාටයි වැඩියෙන්ම ආදරේ තාත්ති… ප්ලිස් කියලා කොල්ලා රණගෙදර මහත්තයට වැන්දා…”

රණගෙදර මහත්තයා කොල්ලව තුරුල් කරගෙන ඇඩුවා.. ගයාන්ටයි සෙනුරටයි ඇඩෙනවා.. 

ඊටත් පස්සේ සෙනුරගේ ගෙදරින් බතුත් කාලා තමයි කට්ටිය කොලඔ ඒන්න පිටත්වුනේ.. ඒන්න කලින් ධනුජ සෙනුරට ජොබ් එකකුත් ඔෆර් කලා..මොකද සෙනුර පුදුම දුකක් විදින්නේ…මේ තරම් කල් සෙනුර ගැන හොයලා බලන්න බැරි වුන ඒක ගැන ධනුජ දුක් වුනා…

වාහනේ නැගලා ටික දුරක් ඒනකොට ගයාන් කටහඩ අවදි කලා..‍

මේ ධනුවා ෆොන් ඒක ඔන් කරපන්..නැත්නම් මේ ඒක්කම හොස්පිට්ල් යන්න වෙන්නේ අර කෙල්ල මේ ටිකේ අඩාගත්තු ගමන්… මට දැන් 100 පාරක් විතර ගත්තා… 

ධනුජ ගයාන්ගේ අත මිරිකුවා..රණගෙදර මහත්තයටත් හිනා… 

ඉතිරිය 12 වන දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…












Post a Comment (0)
Previous Post Next Post
//