පසුගිය කොටසින්..👇👇👇
“අම්මි තාත්ති මට බනිද දන්නේ නෑ,..“
“නෑ පුතා කන්නකෝ…මං තාත්ති එක්ක ඒන්නම්…“
“රණගෙදර මහත්තයා කෑම මෙසේ ලගට ඇවිත් ධනුජව ඇදගෙන එලියට ආවා..
“ඔයා වගේ මනුස්සයෙක්ට මේ ගෙදර ඉඩ නෑ.. කෙල්ලෙක්ට බොරු කියලා අනාථ කරලා ..තව කිරිසප්පයෙකුත් මරාගෙන උඔට බත් කන්න පුලුවන්ද? පව් කාරයා…
“ අනේ මහත්තයා ඇයි මේ… ඔහොම කියන්න ඒපා..මගේ දරුවා ඒහෙම කෙනෙක් නෙමෙයි…“
“මේ සේපාලි පැත්තකට වෙලා ඉන්නවා..තව මෙතෙන මෙයාව සුද්ද නොකර..මං හොදට හොදයි..නරකට නරකයි…“ ධනුජව ඒලියට දාපු රණගෙදර මහත්තයා දොර වැහුවා..
අද එතැන් සිට👇👇👇
“අනේ ඇයි මහත්තයා මෙහෙම කරන්නේ…අපි තාම හරියටම ඇත්ත දන්නේ නෑ..“ සේපාලි කිව්වා…
“අයියේ ඔයාගේ කේන්තිය සාධාරණයි…එත් කොල්ලව මෙහෙම ඒලියට දාන්න පුලුවන්ද?“
“අහිංසක කෙල්ලෙක් මරාගෙන ඒ් කෙල්ලගේ බඩට දරුවෙකුත් දිපු මනුස්සයෙක් මෙහෙම ඒලියට දාපු ඒක ගැන සතුටු වෙන්න නංගි…“
ඒත් අයියේ… 😓😓
රණගෙදර මහත්තයා අතින් විපුලිට නවත්තන කියලා කාමරේට ගියා…ධනුජට ඇඩෙනවා…ධනුජ පාරේ දිගට අඩ අඩමයි ගියේ.. මට සතුටුයි ඒ්ත් ඔයා ගැන තාත්ති ඔයා හරිම සාධාරණ මනුස්සයෙක්..මේ තරම් කේනිතයක් දැනෙන්නේ ඔයාට හිත හොද කමටමයි… “ ධනුජ හිතින් හිතුවා…
ධනුජට දුකයි.. මේ වෙලාවේ ගයාන්ට වුනත් කරදර කරන්න බෑ මොකද? ගයියගේ තාත්තා ලෙඩින් ..ගෙදර තව ප්‍රශ්න තියෙනවා.. ඒ නිසා හොදම දේ කොලඔින් ටික දවසකට පිටට යන ඒක තියලා ධනුජ හිතුවා..තාත්තිට මාව පෙන්නේ නැතුව ටික දවසක් ඉදියාම කෙන්තිය අඩු වෙලා යයි කියලා ධනුජ කල්පනා කලා…
ඊටත් පස්සේ ධනුජ සෙනුරට කෝල් ඒකක් ගත්තා… සෙනුර කියන්නේ ධනුජගේ යාලුවෙක්..කැම්පස් කාලේ ඉදන් … ඉස්සර ධනුජ සති ගනන් ගිහින් නැවතිලා ඉන්නවා.. මේ වැඩත් ඒක්ක කොල්ලට ලගකදි කතා කරන්නවත් වුනේ නෑ…
ධනුජ ආයේ පාරක් හිතන්නේ නැතුවම සෙනුරට කෝල් එකක් ගත්තා. වෙලාව රෑ 8යි..දෙපාරක් රින්ග් වෙනකොටම සෙනුර ෆොන් ඒක ගත්තා…
“ලොක්කා ඔයාට අපිවත් මතක් වෙනවා නේද?
|“සමාවෙයන් මචං ගන්න බැරි වුනාට..කරදර ටිකක ඉදියේ…“
“අනේ ඇයි ධනුවා..“
“ විස්තරේ පස්සේ කියන්නම්.. මොකද කියන්නේ ටී ෂර්ට් ඒකයි ෂෝටයි විතරයි තියෙන්නේ මෙහෙමම නගින්නද අනුරාධපුරේට?“
“අහන්නත් දෙයක්ද ධනුවා..මං ඒන්නම් වෙලාවට… “
“වැව් මාලු එක්ක බත් රෙඩි..“
“ හරි මං ගන්නම්….“
ධනුජ ඒත් ඒක්කම ගයියට කෝල් එකක් ගැහුවා…
“ ධනුවා මොකෝ සීන් ඒක…“
“උඔ වැඩද? මං පොඩි දවසකට කොලඔින් පිට යනවා…අපේ අම්මිවයි තාත්තිවයි අර කෙල්ලවයි පොඩ්ඩක් බලපන්…“
“ ඇයි කොහේද යන්නේ ධනුවා..“
“මං ආවම කියන්නම්..උඔ වැඩක් කරගනින්නකෝ…මං තියන්නම් මචං..“
ධනුජ ෆෝන් එක ඔෆ් කරගත්තා… මොකද කොල්ලට හරිම දුකයි..තාත්ති ඒ්ත් වැරදි නෑ කියලා ධනුජ දන්නවා..ඒයාගේ කෙන්තිය සාධාරණයි.. ඒ්ක අපිට වුනානම් විතරයි ඒ් වේදනාව දැනෙන්නේ… ධනුජට අයියා ගැන හරිම කලකිරිමක් දැනුණා…රට ගියා ගියාමයි..තාම අම්මිටවත් අරන් නෑ … කොල්ලට සහස්නවත් මතක් වුනා..ඒත් කතා කලානම් කොල්ලට කෙල්ල යන්න දෙන්නේ නෑ,..ඒ් නිසාම ඉවසගෙන ධනුජ හිටියා…
ධනුජ 12.50 ට බස් ඒකෙන් බැස්සා.. බහිනකොටම සෙනුර ඉදියා… සෙනුර ධනුජව බදාගත්තා…
“මාවත් මතක් වවුනා එහෙනම්…“
“මතක් වෙනවා සෙනුරයා… “
“ධනුවා මොකක් හරි අවුලක්ද?“
ධනුජ ඔලුව වැනුවා..
“හරි ඔ්වා පස්සේ කතා කරමු ගිහින් ඇග සෝදගෙන වොෂ් එකක් දාගෙන…“
සෙනුරගේ අම්මයි නංගිත් ඇහැරලා ඉදියා..ධනුජ යනකල්ම.. ධනුජ ඇග සෝදගෙන එනකොට සෙනුරගේ අම්මා කෑම මේසේට කෑම ඇරලා තිබුනා…
“අම්මි කෑවද ? “ ධනුජ හරි ආදරෙන් ඇහුවා…
“අපි කන්නම් පුතේ පුතා කන්නකෝ… “
“අනේ අම්මි දැන් 1ටත් ලංවෙලා..ඔහොමම ඒන්න අපි කමු…“ ඊට පස්සේ හතර දෙනාම ඒකතු වෙලා කෑම කෑවා.. ධනුජට එත් කටවල් දෙකක් තුනක් කනකොට හිරවුනා.. සෙනුර ඉක්මනින් වතුර විදුරැවක් දුන්නා…. අම්මි ඔයාලා බඩගින්නේ ඇත්තේ…ධනුජට හිතුනා..
කාලා ධනුජයි සෙනුරයි ඒලියට ආවා.. ඒතකොට තමයි සෙනුර හැමදේම දැනගත්තේ…
“ඒතකොට මේ හැමදේම අයියා නිසා?“
“මම හිතන්නේ නෑ සෙනුරයා අයියා ඒ් තරම් තර්ඩ් ක්ලාස් දෙයක් කරයි කියලා..මෙතන වෙන දෙයකුත් තියෙනවා…“
“ඒ් මොකක්ද ධනුවා?“
“දවසක් මට අයියා රණ්ඩු වෙනවා ඇහවා..ඒතකොට ඒයා කිව්වේ අරු එක්ක ගියේ නැත්නම් අදටත් අපි ඉන්නවා හොදින් කියලා…“
“අයියා කතා කලෙ ්නැද්ද තාම..“
“මං ගත්තේ නෑ සෙනුරයා… මං දන්නවා මෙතන වෙන දෙයක් තියෙන්නේ කියලා…බලමුකෝ..ඇත්ත එලිවෙයි…“
“සර්ට දුක ඇති බන්… සර් උඔට පණ ඇරලා…“
“ තාත්ති පව් බං..මටත් දුක ඒ්කයි..අම්මි ලෙඩ වෙයිද දන්නේ නෑ මේ ප්‍රශ්න නිසා…“
“ සර්ට ඇත්ත කිව්වොත් මොකද ධනුවා…“
“ ඇත්ත කිව්වා නම් තාත්තා මට කරපු දේම අයියට කරයි බං..අනික අයියා ඒහෙම කටු කාපු මිනිහෙක් නෙමෙයි.. කවදාහරි අයියා තමයි මේ බිස්නස් බලන්න ඒ්නි..මොකද මං වෙනම මගේ දේවල් ටිකක් කරගෙන යනවා..ඒ් නැතත් මං තාත්තිගේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්නේ නෑ බං…අනික අයියා පව් බං.. මට බෑ බං පොර අසරණ වෙලා ඉන්නවා බලන්න…“
“අපි බලමුකෝ ධනුවා… කියලා සෙනුර ධනුජගේ උරිස්සට තට්ටු කලා…
ඒදා වුන හැමදේම විපුලි ගිහින් සහස්නට කිව්වා..කෙල්ලට හරිම දුකයි..මොකද ඒයාලා හැමෝම දන්නවා ධනුජ එහෙම දෙයක් කලේ නෑ කියලා..මේ අතරේ විපුලි පුලුවන් තරම් උත්සහ කලේ බිනුජව සම්බන්ධ කරගන්න…
“හෙලෝ පුතා මං විපුලි….බිනුජව කොන්ටැක් කරගන්න පුලුවන්ද?“
ඉතිරිය දසවැනි කොටසින් බලාපොරොත්තු වන්න…😍😍😍
කතාව ගැන ඔයාගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්නත් අමතක කරන්න ඒපා…