සද එළිය ඔබ 08- අටවැනි දිගහැරුම



පසුගිය කොටසින් 

”හෙලෝ තාත්ති‍‍‍.. ඒන ගමන් තාත්ති… ”

” ඉන්න තැනකින් ඉක්මනට ගෙදර එනවා..මේ දැන්මම..”

”තාත්ති..ඇයි මේ..”

”ඇයි මේ කියලා කියන්නම් ඉස්සෙල්ලාම ගෙදර ඒනවා.. තාත්තගේ කටහඩේ ලොකු තරහක් තියෙනවා කියලා ධනුජට හිතුනා.”

”තාත්ති මට මෙහෙම කවදාවත් කතා කරලා වෑ ගයියා.. කියලා කොල්ලා වාහනේ අරන් පැයක් යන්නත් කලින් ගෙදරට ආවා..

කොල්ලා වාහනෙන් බැහැලා දුවගෙන ගෙදර ගියා… ‍

”තාත්ති… කියා‌‌ගෙන යනකොට රණගෙදර මහත්තයා ධනුජට චටාස් ගාලා කනට ගැහුවා…

අද එතැන් සිට👇👇

“ අනේ අපේ මහත්තයා ඇයි මේ දරුවට ගහන්නේ..“ සේපාලි අඩාගෙන ධනුජ ගාවට ගියා..😢😢

“ ගහලා මදි මම මෙහෙම දරුවෝද හැදුවේ කියලා හිතෙනවා..“ රණගෙදර මහත්තතයා කේන්තියෙන් වෙව්ලමින් කිව්වා..

“ ඇයි තාත්ති මං මොනවද කලේ..? “😌😌

“ අර කෙල්ලෙක් අනාථ කරලා ඒ කෙල්ල වහබීලා ..බඩේ දරුවෙකුත් ඉදලා…පව් වැඩ කරන්න එපා මිනිහෝ… උඔ මි/නි/ම/රු/වෙක්..“

“අනේ අපේ මහත්තයා මේ මොනවද කියන්නේ මගේ පුතා මෙහෙම දේවල් කරනවද? අනේ මහත්තයෝ… “ සේපාලි විලාප තියන්න උනා..කෙල්ලටයි , ගයියටයි දුකයි ..මොකද මේ පරිප්පුව බිනුජගේ කියලා දෙන්නම දන්නවා…  දැන් තමයි .ධනුජ මොකද වෙලා තියෙන්නේ කියලා තේරුනේ..

“මේ බලන්න නෝනේ මේ තරම් සාක්ෂි තියනකොට ආයේ මොන කතාද? ඒ් කෙල්ල ලියුමකුත් ලියලා මැරිලා තියෙන්නේ.. මෙයාගේ වෙන සම්බන්ධයක් අහුවෙලා..“

සේපාලි එහෙමම පුටුවේ ඉදගත්තා… 

එත් එක්කම රණගෙදර මහත්තයට කෝල් එකක් ආවා… 

“ඔයා ඔයාගේ රාජකාරිය කරන්න ඔෆිසර්... මගෙන් බාධාවක් නෑ..“

 සේපාලි අඩනවා.. සහස්නත් සේපාලි ලගට වෙලා ඉදියේ.. ගයාන් ධනුජව ඇදගෙන එලියට ගියා..

“පිස්සුද ධනුවා ඇත්ත කියපන් අංකල් උඔ ගැන වැරදියට හිතාගෙන ඉන්නේ..බිනුජයා රටින් පැන්නේ ඔය නිසා වෙන්න ඇති..“

“මටත් එහෙම හිතෙනවා..එත් මේක සුයිසයිඩ් එකක්.. අයියට මේ ප්‍රශ්න පුරුදු නෑ මචං..තාත්තිලා එහෙමම හිතා‌ගෙන ඉදපුදෙන්.. එත් මගේ හිතට අමාරුයි ..තාත්ති කවදාවත් මට අතක් උස්සලා නෑ…“

“ ඇත්ත කියපන් නැත්නම් මං කියන්නම්..“ ගයාන් යන්න හැරෙනකොටම ධනුජ ගයාන්ගේ අතින් ඇල්ලුවා.

“තාත්තිට කියන්න ඒපා..මේ ප්‍රශ්නේ මගේ එක්කම තිබුනදෙන්.. අයියගේ ප්‍රතිරූපේ විනාශ කරන්න ඔ්නි නෑ.. මොකද එයාට කවදහරි තාත්තිගේ මේ දේවල් බලාගෙන ඉන්න වෙනවා.. ඒ් නිසා..ප්ලීස් ගයියා… “ 

ගයාන් අතින් බිත්තියට ගැහුවා.‍.. ඒතකොටම වගේ තමයි පොලිස් ජිප් එක ගෙදරට ආවේ..

“ සර් අපිට පුතාව ඇරේස්ට් කරන්න වෙනවා… “

සේපාලි අඩාගෙන ගිහින් ධනුජව බදාගත්තා… 

“ධනුජ සේපාලිගේ මුණ දෝතින්ම බදාගෙන “අම්මි මාව විශ්වාස කරනවා නේද? “

“මං දන්නවා මගේ පුතා එහෙම දෙයක් කලේ නෑ කියලා… “

“සේපාලි මට ඉන්නේ ඒක පුතයි..ඒ් බිනුජ විතරයි… ආයේ මෙයා මේ පවුලේ කෙනෙක් නෙමෙයි.. මං දුක්වෙනවා මේ වගේ මනුස්සයෙක් හැදුව එකට“ 

ධනුජ රණගෙදර මහත්තයා දිහා බලාගෙනම ඉදියා…ධනුජට හරි දුකක් දැනුනා…ඊටත් විනාඩි 20කට විතර පස්සේ ධනුජ පොලිසියේ අය එක්ක ගියා..‍

එත් ඒක්කම ගයියත් බයික් ඒක අරන් ගියා..ඔය අතරේ විපුලිත් දුවගනෙ ආවා..

රණගෙදර මහත්තයගේ ඇස් පෙගිලා .. උඩට ගිහින් කාමරේ දොර වේගෙන් වගගත්තා.

“අන‌ේ මගේ කොල්ලා එහෙම කරන්නේ නෑ නංගි… “

“දන්නවා අක්කේ මං අයියා එක්ක කතා කරන්නම්.. “

පහුවදා උදේ ධනුජ උසාවියට කැදෙව්වා..  ධනුජ වෙනුවෙන් ලෝයර් කෙනෙක්ව ඇල්ලුවේ විපුලියි ගයානුයි..එත් ධනුජට ඇප ගන්න බැරි වුනා.. ධනුජට දවස් 14කට බන්ධනාගාරයට යන්න සිද්ධ වුනා…

ගයාන් විපුලිට මේ වෙනකොට සේරම විස්තරේ කියලා තිබුනේ..විපුලි දුක්වුනේ කොල්ලට හිරේ යන්න වුන ඒකට… විපුලි අයියට මේ දේවල් කියන්න හැදුවත් ගයාන් ඒ්ක වැලැක්කුවේ ධනුජගේ ඉල්ලීම නිසා…

“පුතා අපි යන් ඒ් ගෑණූ ළමයගේ දෙමාපියන් හම්බවෙන්න… එත් මෙයාලා ටුවින්ස්ලා කියලා නොකියා ඉමු“

“ඔව් එහෙම කරමු ආන්ටි…“

කඩුවෙල ටවුන් ඒක පහුකරලා ටිකක් දුර යනකොට තමයි ගෙවල් තිබුනේ ..බෝමිරිය පැත්තට වෙන්න… ඊයේ තමයි මලගෙදර අවසන් කටයුතු තිබිලා තියෙන්නේ…

“සමාවෙන්න අම්මා .. අපි මේ කිසිදෙයක් දන්නේ නෑ…විස්තරයක් දැනගන්න ආවේ…“

“ඉදගන්න නෝනා..ඉදගන්න මහත්තයා..“ අහිංසක අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි.. ඒත් එක්කම ගයානුයි විපුලියි දැක්කේ මල් මාලයක් දාලා තියෙන කෙල්ලගේ රෑපේ..හරිම ලස්සන කෙල්ලෙක්..ඇයි බිනුජ මේ කෙල්ලට මෙහෙම දෙයක් කල‌ේ කියලා විපුලි හිතුවා..“

“මේ ප්‍රශ්නේ වුනේ මගේ අයියගේ පුතාට .. “

“මහත්තයා නිතර මෙහේ ආවා ගියා නෝනා..අපි එත් කෙල්ලට කිව්වා මහත්තයා අපිට පැහෙන්නේ නෑ කියලා..එත් කෙල්ල මේ දේවල් ඇහුවේ නෑ…“

“කොච්චර කාලයක්ද පුතා මෙහේ ඒන්න අරන්…“

 “මාස 5ක් වගේ නෝනා.. “

“අපිට අකමැති වෙන්න දෙයක් තිබුනේ නෑ..මහත්තයත් හොදයි ඒ්කයි අපි පාඩුවේ හිටියේ..ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා හිනෙකින්වත් හිතුවේ නෑ..“

“අපේ දරුවා එක්ක සම්බන්ධේ තියෙන අතරේ මහත්තයට වෙන සම්බන්ධයකුත් තිබිලා.ඒ්ක දැනගෙන හිතේ අමාරුවට තමයි මෙහෙම කරගෙන තියෙන්නේ…“අම්මා අඩ අඩ කිව්වා..ඒ් තාත්තත් අඩනවා..

“සමාවෙන්න අම්මේ අපේ දරුවා නිසා…“

“දැන් මොනවා කරන්නද නෝනේ හැමදේම වෙලා ඉවරයි.. අපිට කෙල්ල නැති වුනා… “තාත්තා කිව්වා…

ඊටත් පැයක් විතර ඉදලා විපුලි වියදමටත් සල්ලි ටිකක් දිලමයි එහෙන් ආවේ… බෝමිරිය ඉදන් කඩුවෙලට ඒනකල් විපුලිවත් ගයාන්වත් කතා කලේ නෑ…

“චුටි පුතා පව්…නොකරපු දේකට වන්දි ගෙවනවා.. කෙල්ලව මග අරින්න තමයි ලොකු පුතා රට ගියේ හදිසියේ..ඒත් එයාත් මෙහෙම දෙයක් හිතන්න නැතුව ඇති.. මම ඊයේ ඉදන් එයාව කොන්ටැක් කරගන්න ට්‍රයි කරනවා…“

“මාත් ගත්තා එයාගේ යාලුවට ෆොන් දාලා වැකේෂන් ගිහින් කිව්වා..“

“අයියෝ දෙයිය්නේ මේ දරුවගේ වැඩ නිසා අර කොල්ලා හිර බත් කනවා..“ විපුලි අඩමින් පැවසුවා..

“අංකල් කතා කරා නම් ධනුවා ඒලියට ගන්න තිබ්බා…එත් අංකල් ධනුවට ආයේ ගෙදර ඒන්න එපා කිව්වා…“

“අයියා ආදරේට ආදරෙ වගේ තමයි පුතේ අනිත් පැත්තටත් , සමාවක් නෑ..ඒත් කොල්ලට වුන දේ ආසාධාරණයි.. “

මේ දවස් ටිකේම සේපාලි හැඩු කදුලින් තමයි දවස ගත කලේ..රණගෙදර මහත්තයත් මේ ටිකේ ගෙදර ඉදියේ ..සේපාලි එක්කත් වැඩි කතාවක් නෑ… සේපාලිගේ දුක නිවන්න ලගින් ඉදියේ සහස්නා… සහස්නටත් හරිම දුකයි.. නිතරම ගයාන්ට කතා කරලා ඇහුවේ ඇත්ත අංකල්ට කියමු කියලයි..ඒත් ගයාන් ධනුජගේ ඉල්ලීම නිසා හැමදේම ඉවසන් ඉදියා..

දවස් 14කට පස්සේ තමයි ධනුජට ඇප ලැබුනේ… ධනුජ එක්කරගෙන විපුලි ගෙදර ආවා… ධනුජ ඒනගමන් විපුලිව පොරොන්දු කරගත්තා මේ දේ රහසක් විදියට තියාගන්න…සේපාලි කොල්ලව බදාගෙන ඇඩුවා..😭😭

“ඇයි පුතේ මේ ? “‍

“ඒ් දේවල් වෙලා ඉවරයි අම්මේ..මං වරදක් කලේ නෑ..ඒත් කෙල්ල පවු..ඒ් පවුලට මං පුලුවන් උදව්වක් කරනවා..“

“හරි දැන් ඇඩුවා ඇති කොල්ලට වොෂ් එකක් දාගන්න දෙන්න අක්කේ…අපි යන් ඉක්මනට කෑම ටිකක් හදන්න… “

කොල්ලා ඇග සෝදගෙන ඇවිත් කෑම මෙසේ ඉදගත්තා විතරයි.. රණගෙදර මහත්තයා ගෙදර ආවා..

“අම්මි තාත්ති මට බනිද දන්නේ නෑ,..“

“නෑ පුතා කන්නකෝ…මං තාත්ති එක්ක ඒන්නම්…“😳😳

“රණගෙදර මහත්තයා කෑම මෙසේ ලගට ඇවිත් ධනුජව ඇදගෙන එලියට ආවා..

“ඔයා වගේ මනුස්සයෙක්ට මේ ගෙදර ඉඩ නෑ.. කෙල්ලෙක්ට බොරු කියලා අනාථ කරලා ..තව කිරිසප්පයෙකුත් මරාගෙන උඔට බත් කන්න පුලුවන්ද? පව් කාරයා… 

“ අනේ මහත්තයා ඇයි මේ… ඔහොම කියන්න ඒපා..මගේ දරුවා ඒහෙම කෙනෙක් නෙමෙයි…“

“මේ සේපාලි පැත්තකට වෙලා ඉන්නවා..තව මෙතෙන මෙයාව සුද්ද නොකර..මං හොදට හොදයි..නරකට නරකයි…“ ධනුජව ඒලියට දාපු රණගෙදර මහත්තයා දොර වැහුවා‍‍‍😡

ඉතිරිය 9 වැනි කොටසින්….

කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න අමතක කරන්න ඒපා…


Post a Comment (0)
Previous Post Next Post
//