පසුගිය කොටසින්…
“ආන්ටි කොහොමද අද උදේම ආවේ.. “
“මම ඊයේ සරත් අංකල්ට කෝල් කලා..එයා තමයි කිව්වේ.. නැත්නම් මාමයි දුවයි මට කියන්නේ නෑනේ.. “
ආන්ටි අකුරැස්ස ටවුන් එකේන් වාහනේ නවත්තලා අපිව බොන්න කිරි පැකට් 2ක් ගත්තා…
“ පුතා ඇහුව නේද මම කොහොමද මාමව දන්නේ කියලා…? 🤨
“අනේ ඔව් ආන්ටි මාමගෙන් අයහ හැමදාම මාමා කලේ කතාව මගඅරින එක “😒
“එයාට දුක ඇති පුතේ..මං මෙහෙම හම්බවෙයි තියලා හිතන්න නැතුව ඇති.. “😔
ආන්ටි කල්පනාවකට වැටුනා.. ඊට පස්සේ අපි දෙන්නම කිරි පැකට් දෙක බිව්වා..
“තරහ වෙන්න බෑ … ඔබේ ඔය සෙනේහේ …
තව දැනේනවා…
තනි වෙන්න මා දිවිතුරා..
සිත කියනවා…දුක එපා මා නිසා…
ජිවිතේ සුබ වෙනු සදා…”
චාමර වීරසිංහගේ මේ සිංදුව යනකොට ආන්ටි කා එකේ දාලා තිබ්බ රේඩියෝ එකේ සවුන්ඩ් වැඩි කලා…ආන්ටිගේ ඇහැකින් කදුලක් රුරාගෙන යනවා මං දැක්කා…😭😭
මටත් දුකයි..මේ නම් මාමගේ පරණ ආදර කතාවක්මයි කියලා මට හිතුනා…
“මම පුතේ තමරි ඒකනායක.. ඒකනායක කොන්ස්ට්‍රක්ෂන්, ටෙක්ස්ටයිල්, ෆාමසි, ගොසරි ඒ හැම එකක්ම අපේ තාත්තගේ.. මාතර ටවුන් එකේ..පුතා දන්නවද දන්නේ නෑ..“🙄
“දන්නවා ආන්ටි මම මේ ලගදි මාමට ඇදුමක් ගන්න ගියා.. “😳
“මම ,සහන්, මාෂී, අනුරාධ ,එකම ක්ලාස් එකේ..එකම ස්කෝලේ..මාෂිගේ ගෙවල් අනුරාධපුරේ වුනාට එයා හැදුනේ වැඩුනේ ස්කෝලේ ගියේ මාතර නැන්දලගේ ගෙදර ඉදන්..“
“ඉතිං අපි ඒ ලේවල් වලදී තමයි යාලුවෝ වුනේ…සහන් කලේ මැක්ස් ..හරිම දක්ෂ කොල්ලෙක්..හැබැයි හරි දුප්පත්.. ඒත් මං ඉස්කෝලේ කාටවත් අපේ තාත්තා ගැන කියන්න ගියෝ නෑ,. එයයි අනුරාධයි මැක්ක් කලාට මායි මාෂියි කලේ බයෝ..ඒත් සහන්ගේ යාලුවා මාෂී..මගේ යාලුවෙක් තමයි අනුරාධ…ඒ දෙන්නා නිසා තමයි අපි දෙන්නා අදුරගත්තේ…මාමා ඉස්සර ඉස්කෝලේදී ඈත ඉදන් මගේ දිහා බලාගෙන ඉන්නවා..ඒත් පස්සේ මං බලනකොට දැක්කේ නෑ වගේ ඉන්නවා…🫢🫢
ඔහොම අපි යාලුවෝ වගේ සතුටින් හොදට ඉගෙන ගත්තා… ඒ අතරෙදි සහනුයි මායි ගොඩාක් ලං වුනා…එයාගේ බත් එක හැමදාම කෑවේ මං… අම්මෝ ඒ බත් එකේ රස…
“ඔව් ආන්ටි ආච්චි අම්මට හොදට රසට උයන්න පුලුවන්….”
මං එයාට මගේ කෑම එක දෙනවා… මගේ ගොඩාක් වෙලාවට පාන්, නුලුඩ්ස් සැන්විචස් ඔය වගේ දේවල් තමා තියෙන්නේ..ඒක කාලා එයා හැමදාම හවසට මගේ ලගට එනවා..Lunch box එක දෙන්න..ඒක දීලා තැන්කියු තමරි කියනවා..
මං විහිලු කරනවා…😍😍
ඔය වගේ දින සති මාස ගෙවිලා ගියා..අපි ආදරේ කරන්න පටන් ගත්තා.. ඒක හරි ලස්සන ආදරයක්..එයා මට ගොඩාක් ආදරේ කලා…මාෂියි අනුරාධයි තමයි අපිට උධව් කලේ..අපි දෙන්නම කතා වුනා කැම්පස් යන්න..හොද රිසාල්ට් එකක් දාන්න උපරිම මහන්සි වුනා..මං එයාගෙන් තමයි ගොඩාක් දේවල් ඉලෙන ගත්තේ..එයා අපි තුන්දෙනාටම කුප්පි දැම්මා..🥰🥰
ඔහොම ඉන්නකොට පුතේ කොහොම හරි අපේ තාත්තිගේ කනට අපි දෙන්නගේ එෆයාර් එක ගිහින් තිබුනා..එතකොට විභාගෙය මාස 6ක් වගේ ඇති…අනුරාධ ටිකක් සල්ලි තියෙනවා..එයාගේ තාත්තා මන්ත්‍රී කෙනෙක්…අපේ තාත්තා අනුරාධව දන්නවා…මොකද අනුරාධ අපේ ගෙදර එන නිසා… මේ වෙනකොට මං සහන්ට කියලා තිබ්බේ අපේ තාත්තලා ගැන..සහන් කිව්වේ ඒ කිසි දෙයක් එපා.. මං ඔයාව බලාගන්නවා සුදුනෝනා කියලා.. හැමදාම සහන් මට ආදරේට කිව්වේ සුදු නෝනා කියලා…
දවසක් තාත්ති “ සුදු පුතා ඔයා ස්කුල් එකේ බෝයි කෙනෙක් එක්ක කතා බහ කරනවද? මගේ ඇග හීතල වෙලා ගියා..😳😳
“එහෙම විශේෂයක් නෑ තාත්ති… බෝයිස්ලත් මගේ යාලුවෝ තමයි… “ කියලා ෂේප් වුනා… ඒත් තාත්ති හොද මීටරෙන් ඉන්නවා කියලා මං දැනගත්තා…🙄
කොහොම හරි අපි එක්සෑම් ලිව්වා…සහන් ඉංජිනියේරින් යන්න සිලෙක්ට් වුනා.. මාත් මෙඩිසින් යන්න සිලෙක්ට් වුනා.. අපි දෙන්නම දැම්මේ colombo university එකට… දැන් ඔයා මේ යන්නෙත් අපේ කැම්පස් එකට..
“ඒත් ආන්ටි මාමා දිගටම කැම්පස් ගියාද? “
“නෑ පුතේ.. මාමා හැමදේම අතඇරියා..මට මාමව අතඇරුණු නිසා…එකට මට හුස්මක් ගන්න වාරයක් ගානේ සහන්ගෙන් සමාව ඉල්ලනවා… “
අපි දැන් මාතරින් හයිවේ එකට දාලා එනවා… මට ඊලගට මොකද වුනේ කියලා දැනගන්නකල් ඉවසුමක් නෑ..
“ඔය අතර වාරයේ අපේ තාත්ති මට ෆොපෝසල් හෙව්වා..මම තව අවුරුදු කිහිපයකින් ඩොක්ටර් කෙනෙක් නිසා.. “
ඉතිං මං තාත්තිට කිව්වා..සහන් ගැන.. එයා නිසා තමයි මං අද මෙතන ඉන්නේ.. එයත් දැන් ඉංජිනියර් ෆැකල්ටි එකේ.. ඒ නිසා ස්ථාවරයක් හදාගන්න පුලුවන් කියලා මං කිව්වා..😍
“හිගන්නෙක්ට උඔබ දෙන්නද මං මෙච්චර මහන්සි වෙලා උඔව හැදුවේ?” කියලා තාත්තා කෙන්තියෙන් කෑගැහුවා…😭😭
තාත්තා එදායින් පස්සේ මා එක්ක වැඩිය කතා කලේ නෑ..අම්මා නැති වුන දවසේ ඉදලා තාත්තා තමයි මට හැමදේම..එත් ඇයි මාව තාත්තා තේරුම් ගන්නේ නැත්තේ කියලා මං හිතුවා..
නිවාඩුවෙන් පස්සේ මං කැම්පස් ගියාම සහන් ඇවිල්ලා ඉදියේ නෑ… සතියක් විතර ෆෝන් ඔෆ්.. මගේ ඇගේ ලේ වතුර වෙලා තිබුනේ..මං රෑ එළිවෙනකල් අඩ අඩ ෆොන් එක දිහා බලා ඉදියා..ඒ දවස්වලත් මාෂි එක්ක මං නිතර කතා කලා..පස්සේ මාෂි එක්ක සහන්ගේ ගෙදර ගියා..”
“පුතාව දන්න නිහාල් මාමා..එයත් මගේ යාලුවෙක්.. නිහාල් අයියා අපිට ගොඩාක් උදව් කරලා තියෙනවා…එයා තමයි කිව්වේ සහන් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලා..”
“ මං අඩ අඩා මාෂි එක්ක මාතර හොස්පිට්ල් එකට දිව්ව හැටි මට අද වගේ මතකයි පුතේ…“ 😭😭😭
අපි යනකොට සහන් වෝඩ් එකේ ඇදක ඉන්නවා..මුලු ඇගමෙ තැලුම්… හරියට ගුටි කාලා වගේ.. මුණ බලන්න බෑ දුකයි… අතකුත් කැඩිලා..කකුලකුත් කැඩිලා…😭😭😭
මං ගිය ගමන් සහන්ගේ මුණ ඉඔගෙන ඉඔගෙන ගියා..
“අනේ ඇයි රත්තරං මොකද මේ… “ මං අඩ අඩ ඇහුවා..මාෂිත් අඩනවා..නිහාල් අයියත් සහන්ගේ ඔලුව අතගගා ඉදියේ එතකොට..😒😔😔
“සුදුනෝනා ඔයා හොදින් නේද? “සහන් ඇහුවා..😳😳
“අනේ ඇයි මගේ සහන් ඇයි කතා කලේ නැත්තේ… මොකද මේ වුනේ ඔයාට..“
“ලොකු අවුලක් නෑ සුදුනෝනා දන්නේ නැද්ද පොඩි ඇක්සිඩන්ට් එකක්.. “
“හරි පොඩි දෙයියනේ …මට ඇත්ත කියන්න මොකක්ද වුනේ…”
ඇත්ත තමයි සුදුනෝනා දැන් යන්න…මං කෝල් කරන්නම්..අද ෆොන් එක ගෙනත් දෙයි නිහාල් අයියා.. මං ගන්නම්..දැන් යන්නකෝ රත්තරං…
“ මං ආයේ සහන්ව ඉඔලා..ආයේ හෙට උදේ එන්නම් කියලා එලියට ඇවිල්ලා නිහාල් අයියගෙන් විස්තරේ ඇහුවා..
“ඒකනායක මහත්තයා කට්ටියක් දම්මලා මේක කරලා තියෙන්නේ.. කොල්ලට ටිකක් ඩැමේජ්.. කොල්ලට කවදාවත් බබෙක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ඩොක්ටර් කිව්වා.. “
අනේ මගේ සහන් .....කියනවා විතරයි මට මතක…පුතේ…
ඉතිරිය හත්වැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…
ඉතිං කතාව ලස්සනයි නම් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..🥰🥰🥰😍😍😍😍