විහගි 7 - සත්වෙනි දිගහැරුම🥰

 


පසුගිය කොටසින්..


“ඒකනායක මහත්තයා කට්ටියක් දම්මලා මේක කරලා තියෙන්නේ.. කොල්ලට ටිකක් ඩැමේජ්.. කොල්ලට කවදාවත් බබෙක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා ඩොක්ටර් කිව්වා.. “

අනේ මගේ සහන් කියනවා විතරයි මට මතක…පුතේ…😭😭

අද එතැන් සිට…👇👇👇👇

“අනේ මගේ අහිංසක මාමා…” මට කියවුණා..

“පව් පුතේ..මං නිසානේ එයාට මේ හැමදේම වුනේ… “😭😭

“අනේ මම එහෙම හිතලා කිව්වා නෙමෙයි ආන්ටි.. “

“නෑ පුතේ ඒක තමයි ඇත්ත… එයා ලස්සනට ජිවත් වෙන්න ඉදපු කෙනෙක්…මං නිසා එයාගේ ජිවිතේ නාස්ති වුනා…”

“ඊට පස්සේ මොකක්ද වුනේ ආන්ටි…”😳

මං එදාම ගෙදර ගියා… ගිහින් තාත්තා හම්බවුනා..

“තාත්ති මං කවදාවත් හිතුවේ නෑ.. තාත්ති මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩ කරන කෙනෙක් කියලා… සහන්ට එහෙම දෙයක් කරන්න කලින් තාත්තිට හිතන්න තිබ්බා..එයත් මනුස්සයෙක් කියලා..ඇයි තාත්ති මේ තරම් චීප් වැඩ කරන්නේ..තාත්තිට මොන දේ කලත් කවදාවත් මාව සහන්ගෙන් ඈත් කරන්න බෑ.., “

“දරුවෙක් වදන්න බැරි මිනිහෙක් එක්ක ගිහින් උඔ මොනවා කරන්නද? “තාත්තා හරි සමච්චලේට හිනාවුනා..😔

“මං සහන්ට ආදරේ කලේ ළමයි හදන්න විතරක් නෙමෙයි තාත්ති..එයාට ඒ දේ තිබුනත් නැතත් මම එයාව අත අරින්නේ නෑ,.. “කියනවත් එක්කම චටාස් ගාලා මගේ කනට ගැහුවා…මට එක පාරටම ක්ලාන්තේ වගේ හැදුනා…ඒත් එක්කම ලීලා අම්මා ඇවිල්ලා අනේ මහත්තයො බේබිට ගහන්න එපා… කෑ ගැහුවා..😭😭

තාත්ති එක පාරම එලියට බැහැලා වාහනේ අරන් වේගෙන් ගියා…මගේ ඔලුවේ කැරකැවිල්ල අඩු නැති නිසා අපි හවස බේත් ටිකක් ගන්න ගියා..ඩොක්ටර් කිව්වා බල්ඩ් එකක් චෙක් කරන්න කියලා…අපේ ෆැමිලි ඩෝක්ටර් එයා නිසා මං හැමදේම එයාට කිව්වා… එයා අනුරාධගෙත් යාලුවෙක්…

මං ඩොක්ටර් ගාවට යනකොට එයා නලල අත ගගා ලොකු කල්පනාවක ඉදියා…

“තමරි යු ආ ෆෙග්නට්.. “😳😳

මට මුකුත් හිතාගන්න බැරි වුනා… ඒත් මට පුදුම සතුටක් දැනුනා.. මගේ ආදරේ තාම ජිවත් වෙනවා කියලා මට දැනුනා…මට ඇඩුනා…

🥰

“මේ ප්‍රශ්න එක්ක මිස්ටර් ඒකනායක මේ දේ දැනගත්තෝත් තමයි ප්‍රශ්නේ…” ඩොක්ටර් කිව්වා..

“අනේ ඩෝකටර් මට මේ දරුවා ඕනි.. මට විසදුමක් දෙන්නකෝ…”😳😳

අපි අනුරාධට එන්න කියලා… විස්තරේ කියමු…අපි අනුරාධට විස්තරේ කියලා..හැමදේම ඇරේජ් කරගත්තා… ඒත් මම තනියම තමයි බෝඩින් වුනේ… මේ අතරේ සහන් ටිකක් හොදවෙලා හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ කලාම අනුරාධ ගිහින් සහන්ව මම ඉන්න බෝඩිමට එක්කන් ආවා…

“සුදුනෝනා ඇයි මට කතා නොකලේ… කියලා සහන් මාව බදාගත්තා…. “

“ඊට පස්සේ මං එයාට මගේ චුටි බංඩි පැටියව පෙන්නුවා..එයා මගේ බඩ අතගාලා හොදටම ඇඩුවා.. “

“දැන් මාස 5ක් ..තව පොඩි කාලයයිනේ තියෙන්නේ…දැන් මගේ මහත්තයත් මා එක්ක ඉන්නව නේද? “

මම එහෙම අහනකොට අනුරාධ හඩ අවදි කලා.

“ඒක රික්ස් එකක් මචං අන්කල් තාම තමරිව හොයනවා..පිස්සු හැදිලා වගේ..ආයේ සහන්ව ෆලෝ කලොත්… “

මං පුලුවන් හැමවෙලාවෙම එන්නම් සුදුනෝනා ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න..දවසක් ඇර දවසක් ලීලා අම්මා ඇවිල්ලා රෙදි සෝදලා වැඩ ටික කරලා දුන්නා.. මං කියන කෑම ජාතිත් හදාගෙන ආවා…

“අනේ ආන්ටි… ඊට පස්සේ…

“මං ඒ අවුරුද්දේ එක්සැම්වලට මෙඩිකල් දැම්මා.. කොහොම හරි මට චුටි පැටියා ලැබෙන්න දින ලැබුණා.. අපි එතකොට ඉදියේ මහරගම ..ෆයිවර්ට් හොස්පිට්ල් එකකට අනුරාධ මාව එක්කන් ගියා ඩිලිවරි එකට..සහනුත් හිටියා.. “

“මාස 9ක් කුසේ තියාගෙව හදපු මගේ දරුවව මට බලාගන්නවත් බැරි වුනා පුතේ..”

ආන්ටි කඩුවෙල ටවුන් එක පහුවෙනවත් එක්කම වාහනේ නවත්තලා හොදටම ඇඩුවා…

අනේ ආන්ටි අඩන්න එපා… චුටි බබාට මොකද වුනේ ආන්ට්…😭😭😭😳😔😔

එයා අපිව දාලා යන්නම ගිහින් පුතේ…😔😔😔

සහන් මාව බදාගෙන ඇඩුවා…ඒත් එක්කම අනුරාධ ඇවිල්ලා “ සහන් ඉක්මනට පලයන්.. අන්කල් එනවා..”

“යන්න සුදු ඔයාට ආයි කරදර කරයි.. “මං ඉක්මනට එන්නම් මැණික..දුක් වෙන්න එපා…😳

“ එක පාරටම ඇතුලට ආපු තාත්තා මාව බදාගත්තා…😔

“මාව ඒ තරමට එපා වුනාද මගේ රත්තරං… ඇයි මෙහෙම දේවල්..දැන් ගෙදර යමු… “😔

“අනේ මට මගේ දරුවා බලන්න ඕනි තාත්තා…මං කෑගහලා ඇඩුවා.. “😭😭😭

“හිත හදාගන්න දුව … හිත හදාගන්න… “තාත්තා කිව්වා…

මං ගෙදර ඇවිත් මාස දෙකක් වගේ පිස්සු වැටිලා ඉදියේ… අපේ අවසාන බලාපොරොත්තුවත් සුන් වුනා නේද කියලා මට හිතුනා..ඒත් ඒ අතරේ සහන්ට මම ගන්න ට්‍රයි කලාට එයාගේ ෆොන් වැඩ කලේ නෑ.. මාෂිගෙන් කතා කරලා විස්තරේ ඇහුවම එයා දැනගෙන ඉදියෙත් නෑ…

ඔහොම මාස 5ක් ගෙවිලා ගියා… දවසක් උදේ තාත්ති මට කතා කලා…😳😳

“සහන් ඔයාට ඇත්තටම ආදරේ නම් ඔයාව බලන්න එන්න තිබුනා… ඔයාට බැරිද අනුරාධව මැරි කරලා ජිවිතේ හදාගන්න… “

“මං මැරි කරනවා නම් මැරි කරන්නේ සහන් විතරයි..”මං ටිකක් හයියෙන් කිව්වා..

තාත්ති කිසිම දෙයක් නොකියා කාමරේට ගියා..

මේ අතරේ මට කින්ඩි රෝගයක් හැදුනා.. ඩොක්ටර් ලා කිව්වේ කිඩ්නි එකක් බද්ධ කරන්න වෙනවා කියලා… තාත්තිට කොයි තරම් සල්ලි තිබ්බත් වැඩක් වුනේ නෑ.. මට මැච් වෙන කිඩ්නි එකක් හොයාගන්න බැරි වුනා… 😭😭

ඔය අතර වාරයේ අනුරාධ අපේ පවුලට ගොඩාක් සම්බන්ද වෙලා තිබුනා..

එයා තාත්තට කියලා තිබුනා එයාගේ කිඩ්නි එක තමරිට දෙන්නම් කියලා…

තාත්ති ඒ නිසා එයාට අපේ බිස්නස්වල ෂෙයාර් වලින් 3න් 1ක් දෙන්න පොරොන්දු වෙලා තිබුනා…

කොහොම හරි ඒ ඔපරේෂන් එකත් තිබුනේ මහරගම ෆයිවර්ට් හොස්පිට්ල් එකේ..

ඔපරේෂන් එකෙන් පස්සේ මට ටිකක් හොද වුනා..ඒත් මම හැමදාම බලාගෙන ඉදියේ මගේ සහන් මාව හොයාගෙන එයි..ඇවිල්ලා මගේ නලලට කිස් එකක් දීලා මාව ආදරෙන් බලාගනි කියලා…

එයින් මාස කිහිපයකින් වගේ අනුරාධගේ ගෙදරින් මට විවාහ යෝජනාවක් ආවා..තාත්ති කිව්වේ ඔයා ජිවත් වෙන්නේ අනුරාධ නිසා ඒ නිසා අනුරාධව මැරි කරන්න කියලා…

දවසක් අපේ ගෙදර ආපු අනුරාධ කියපු කතාවෙන් මගේ මුලු ජිවිතේම කඩාගෙන වැටුණා..

“සහන් මාෂිව මැරි කරලා තමරි… තවත් එයා වෙනුවෙන් බලාඉන්න එපා…”😭😭😭

“මගේ සහන් මට කවදාවත් එහෙම කරන්නේ නෑ..”

එතකොට අනුරාධ සහන්ගෙයි මාෂිගෙයි වෙඩින් ෆොටෝ එක මට පෙන්නුවා..මට ලොකු දුකක් දැනුනා ..ඇයි සහන් මාව අතඇරියේ කියලා…

“අපි දන්නේ නැතුවම කැම්පස් එක ගාවට ආවා…ඔන්න පුතාගේ ජිවිතේ අලුත් වෙන තැන… හොද කල්පනාවෙන් වැඩ කරන්න…”

“ආයි දවසක මං ඉතුරුවා කියන්නම්.. දැන් යමු…”

මම බැහපු ගමන් මාමට කෝල් එකක් ගත්තා..

“ මං බලාගෙන ඉදියේ චුටියා ගන්නකල්….“

ආන්ටි මාත් එක්කම ඔරියන්ටේෂන් එක ඉවර වෙනකල් ඉදියා..ඊට පස්සේ ආන්ටි මාව එක්කගෙන කෑම ටිකක් කන්න Banna Leaf එකට එක්කන් ගියා…

“මොනවද පුතේ කන්නේ… මෙතන රස රයිස් ඇන්ඩ් කරි එකක් තියෙනවා..ඉස්සර මායි සහනුයි එනවා මෙතනට කන්න.. “

ඒ තරම් සතුටින් ඉදපු ඒ දෙන්නා වෙන් කරපු එක ලොකු පවක් කියලා මට හිතුනා…😳

ආන්ටි ඊට පස්සේ මොකද වුනේ කියන්නකෝ…

“ ඊට පස්සේද ඉතිං මාත් අනුරාධ එක්ක වෙඩින් එකට ලෑස්ති වුනා… මම එදා මාෂිට කෝල් කලාට පස්සේ මගේ ෆොන් එක ඔෆ් කලා..ඔන් කරලා බලනකොට මාෂි කෝල්ස් ගොඩාක් අරන්…”

මට මාෂි එක්ක තරහක් නෑ..දුකක් විතරයි තිබුනේ…කොහොම හරි මාෂි කිව්වා විනාඩි 5කට එයාව හමු වෙන්න කියලා..මං හා කියලා මාතර බීච් එකට ගියා…

“මට සමාවෙන්න තමරි.. ඔයා අනුරාධව මැරි කරපු නිසයි මං සහන්ට ලං වුනේ.., “😳

“ මොකක්..? මං අනුරාධව මැරි කලා…“😳😳🙄

“ඔව් අනුරාධ අපිට ඔය දෙන්නගේ වෙඩින් ෆෝටෝ එකත් පෙන්නුවනේ..”

“මොනවද මේ වෙන්නේ..මං අනුරාධව මැරි කලේ නෑ මාෂි..තාත්තිගේ බල කිරිමට මං කිව්වේ කැමති දෙයක් කරන්න කියලා..මොකද මට කිඩ්නි එක ඩොනේට් කලේ අනුරාධ.”😔

“තමරි මේ මොනවද වෙන්නේ? එතකොට අර අහිංසකයා කරපු දේවල්..”🙄🙄

“මාෂි මට තේරෙන්නේ නෑ..”

“සහන් තමයි ඔයාට කිඩ්නි එක ඩොනේට් කලේ තමරි..මං හිතුවේ ඔයා ඒක දන්නවා ඇති කියලා… “

මං වැල්ලෙම ඉදගත්තා , ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..

මම කෑ ගහලා ඇඩුවා… අනේ මගේ සහන්…මට සමාවෙන්න… මට මීට වඩා ඔයා ගැන හිතන්න හොයලා බලන්න තිබුනා කියලා…😭😭😭

ඉතිරිය අටවැනි කොටසින්…

ඉතිං කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..ඒ විතරක් නෙමෙයි මගේ page එකට ගිහින් page එක follow කරලා සහයෝගයක් දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා…🥰🥰🥰

Post a Comment (0)
Previous Post Next Post
//