සිව්වැනි දිගහැරුම
පසුගිය කොටසින්…
සුදුපාට බී.එම්.ඩබ්ලිව් කාර් එකක්…ඇවිල්ලා මිදුලේ නතර කරලා තිබුනා…ආපු කෙනා දැන් තමයි බහින්න හදන්නේ…
“ අනේ දෙයියනේ ඩොක්ටර්” මට කියවුනා…
අත එතැන් සිට…👇👇👇
මම එකපාරටම මාමගේ මුණ දිහා බැලුවා…මාමා හරි අසරණ පාටකින් බලාගෙන ඉදියා මම දැක්කා..
ඩොක්ටර් බෑග් තුනක් වගේ උස්සගෙනගෙට ගොඩවුණා..
“ ඩොක්ටර් කොහොමද ?“🥰
“ඉන්නවා පුතේ.. සොරි සහන් මට මාෂිගේ ෆියුනරල් එකට එන්න බැරිවුනාට “ ඩොක්ටර් හරි දුකින් මාමාට කිව්වා..
“ඒකට කමක් නෑ තමරි “ මාමා කිව්වා..
ඩොක්ටර් හරියටම නැන්දගේ නමත් දන්නවා..මාමත් තමරි කියලා කතා කලේ..මට තෙරෙන්නේ නෑ මුකුත්..
“පුතේ මාමා මගේ හොදම යාලුවා..මම ඔයාගේ මාමාව ගොඩාක් කල් ඉදන් හොයා හොය ඉදියේ..ඒත් කවදාවත් මම ඔයාගේ මාමවයි නැන්දවයි මේ විදියට හම්බවෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ…”ඩොක්ටර් ඇස් යන්තමට පිහිදානවා මං දැක්කා..😔
“ ඩොක්ටර් තේ ටිකක් බොමු ..මාමා එක්ක කතා කර කර ඉන්නකෝ , මං එන්නම්“මං කිව්වා…
මම කුස්සියට ඇවිත් කිරි තේ එකක් හැදුවා..හදලා මාමටයි ඩොක්ටටයි දෙන්නටම අරන් ගියා… යනකොට ඩොක්ටර් නලාව තියලා මාමාව චෙක් කරනවා..
“ ආයේ කවදද පුතේ ක්ලිනික් යන්න තියෙන්නේ “ මම රත්නපුර හොස්පිට්ල් එකට හරවලා දෙන්නම්…
“ඩොක්ටර් මම හිතුවේ මාමට සිංහල බෙහෙත් ටිකක් කරන්න “
“එකෙත් ගැටලුවක් නෑ.. පුතාට පුලුවන්ද මේ දේවල් “ ඩොක්ටර් ඇහුවා..
“මම පොඩි ජොබ් එකක් කලා ඩොක්ටර් එකෙන් අයින් උනා…කොහොම හරි මාමාව නැගිට්ටවනවා මම “
ඩොක්ටර් මගේ ලගට ඇවිත් මගේ ඔලුව අතගෑවා..
“ඔයාගේ මාමටයි නැන්දටයි තියෙන උතුම් ගති තමයි පුතේ ඔයාටත් තියෙන්නේ..නේද සහන්?”🥰
“හරි පින්වන්ත කෙල්ල , එත් අපේ පව් කරගහනවා දැන් “මාමා කිව්වා…😔
“පිස්සුද මාමේ ..අම්මා නැතිවුනේ මට 16 දි… එදා ඉදන් අද වෙනකල් මට අම්මා තාත්තා වුනේ ඔය දෙන්නා…හැමදාම හිතුනේ මගේ අම්මා ආයේ ඉපදිලා කියලා.. ඒ තරම් ආදරයක් රැකවරණයක් ඔයාලා මට දුන්නා..ඒකට මං ආත්ම ගාණක් ණයයි… “😔😔
“පුතා මොනවද දැන් කරන්න හිතාගෙන ඉන්නේ… “ඩොක්ටර් ඇහුවා.
“මම ඩොක්ටර් ඒලෙවල් ලිව්වා බයෝ වලින්…රිසාල්ට් බලලා දෙයක් කරනවා…මගේ හැම වියදමක්ම දැරුවේ මාමා…”
“ඩොක්ටර් මුකුත් හිතන්න එපා..අපේ මාමාව දන්නේ කොහොමද? ඩොක්ටර් අනුරාධපුරේ නෙමෙයිද?” මං ඇහුවා…
“ ඒක දිග කතාවක් පුතේ… දවසක කියන්නම්..මේ දේවල් හංගන්න ඕනි දේවල් නෙමෙයි..ඒ වගේ පරිත්යාගශ්රිලි මිනිස්සු ලොකේ ඉන්නවා කියලා හැමෝම දැනගන්න ඕනි…”😔😔
මාමා ඈත පාර දිහා බලාගෙන ඉදියා…
“පුතේ දැන් අපි කන්න දෙයක් හදමු නේද ඩොක්ටර් ආන්ටිට බඩගිනි ඇතිනේ.. ගොඩාක් දුර ඉදන් ඇවිත්…”
“ඔව් මාමේ මං හදන්නම් ඉක්මනට…ඩොක්ටර් අදම යනවද?” මං දුකින් ඇහුවා..
“ඔව් පුතේ ටිකක් හවස් වෙලා යනවා.. හෙට 2ට ඩියුටි… “
“රෑ වෙලා යන්න එපා තමරි උදේම යන්න…” මාමා කිව්වා…
මං දැක්ක ඩොක්ටර් පොඩි කෙල්ලෙක් වගේ ඔලුව වැනුවා…🥰
“ඩොක්ටර් පහළ ළිදක් තියෙනවා… තව ටිකකින් ගිහින් නාගනෙ එමුද? මං හිනාවෙලා ඇහුවා..
“අනේ මං හරි ආසයි පුතේ , පුතේ තව එක දෙයක්.. “
“ මොකක්ද ඩොක්ටර් “
“මට ඩොක්ටර් කියන්න එපා..මට ආන්ටි කියන්න..මමත් ඔයාගේ මාමාගේ වයසෙමයි..”
“අනේ ඒත් ඩොක්ටර්”
“ඔය ඉතිං ආයෙත් කියනවා.. මමත් ඔයාගේම නැන්දා කියලා හිතන්නකෝ..ඒත් කවදාවත් මට එයාගේ තැන නම් ගන්න බෑ”
“නැන්දා තරම් හොද කෙනෙක් මගේ ජිවිතේට දැකලා නෑ..එයාලා හරි ආදරෙන් ඉදියේ…මාත් හැමදාම පැතුවේ ඒ වගේ ආදරයක්.. “ මං කිව්වා…
“ ආන්ටි මැරි කරලද?
“ නෑ..පුතේ ස්ටිල් එලෝන්..තනි ජිවිතේ තරම් සැපතක් වෙන කොයින්ද? එයා හිනාවෙලා කිව්වා..
ඒත් ඒ ඇස්වල ලොකු දුක් කතාවක් තියෙනවා කියලා මට හිතුනා..
මං ඉක්මනට බත් උයලා කරවල තෙල් දාලා…පොල් සම්බෝලයක් හැදුවා.. තව නිහාල් මාමා ගෙනත් දීපු කොස් කෑල්ලක් තිබිලා ඒකත් තැම්බුවා..ඊට පස්සේ මාමාගේ මුණ අතපය හෝදලා ඇදුමක් ඇන්දුවා..මේ හැමදේම ආන්ටි හරි ආදරෙන් බලාගෙන ඉදියා…
ඊට පස්සේ අපි දෙන්නා පහල ළිදට ගිහින් නාගෙන ආවා..
“අද තමයි පුතේ සැහෙන්න කාලෙකින් ඇගට දැනෙන්න නා ගත්තේ…”
“දැන් කවදද මාමාව වෙද මහත්තයාගාවට එක්කන් යන්නේ..”
“ හෙට කතා කරලා දිනයක් දාගන්නවා ආන්ටි…බලංගොඩ තමයි ඉන්නේ..මෙහේ ඉදන් ටිකක් දුරයි..නිහාල් මාමාගේ වීල් එක කතා කරගන්නවා…”
“පුතේ මං සල්ලි ටිකක් දෙන්නම් මම ආයේ එන්න තව සතියක් වගේ යයි.. මේ ටිකේම ඔපරේෂන් ටිකක් තියෙනවා.. ඒ නිසා..”
“ අනේ සල්ලි එපා ආන්ටි , මං එකතු කරගන්තු සල්ලි ටිකක් තියේ..ඒ ටිකෙන් පිරිමඑගන්න පුලුවන්“
“හරි ඒක තියාගෙන මෙකෙන් දැනට වියදම් කරගන්නකෝ..,” කියලා සල්ලි ටිකක් මගේ අතේ රැදෙව්වා..එතන රැපියල් හතලිස්දාහක් තිබ්බා…
“ අනේ ආන්ටි ඇයි මේ තරම් ..මේ තරම් එපා..,”
“ හරි පුතේ දැනට තියාගන්නකෝ…මාමට කියන්න එපා..එයා කැමති නෑ කාගෙන්වත් සල්ලි ගන්න..” ආන්ටි කිව්වා..
රැ 8ට විතර අපි තුන්දෙනාම කෑම මේසේට කෑම ඇරලා කන්න ගත්තා…මම මාමාට බත් බෙදලා දීලා ඇන්ටිටත් බත් බෙදලා දුන්නා…මාත් බෙදාගෙනම පුටුවෙන් ඉදගත්තා…
මේ වෙනකල් නිහඩියාවේ ඉදපු මාමා බත් කටක් කාලා ආන්ටි දිහා බැලුවා..
“ තමරි කොහාමද ජිවිතේ…මහත්තයයි බබාලයි හොදින් ඉන්නවද? “
“ඔව් ඔව් “🫢
ආන්ටි මැරි කලේ නෑ කිව්වනේ එතකොට මේ මොකක්ද කියන්නේ.. මං කල්පනා කලා..
“ඇයි තමරි එහෙම කිව්වේ.. “
“ මහත්තයයි බබාලවයි මං තාමත් මං හොයනවා සහන්.“ආන්ටි හිනාවෙලා කිව්වා..
“ තේරැනේ නෑ තමරි“
“ මම මැරිකලේ නෑ සහන්“😔
මාමට එකපාරටම කැස්සක් ආවා..මම ඉක්මනින් නැගිටලා මාමට වතුර එකක් දුන්නා..😳😳
ටිකක් වෙලා යනකල් මාමා කෑවේ නෑ..
“ එතකොට තමරි අනුරාධ?“
“ එයාගෙන් proposal එකක් ආවා තමයි ..ඒත් මං කැමති වුනේ නෑ.. ඩැඩිගෙන් බේරෙන්න බැරිනිසා මං highers studies වලට UK ගියා සහන්..”
“ කෑම රසයි.. ඒත් බඩගිනි නෑ චුටියෝ දැන් ඇති කියලා මාමා අතසෝදගෙන කාමරේට ගියා.. “
ආන්ටිත් කෑම එක අතගගා ඉදියා..මටත් කන්න බෑ දුකයි.. ඒනිසා මාත් අතහෝදගෙන කෑම මෙසේ අස්කලා..ආන්ටි උදේ 6ට විතර ගියා… මාමයි මායි තනිවුනා…මං උදේම ආන්ටිට ගෙනියන්න පාන් හදලා දුන්නා සීනි සම්බෝල දාලා..යනකොට මට ආන්ටිගේ නම්බර් එක දීලා ගියේ..කතා කරන්න කියලා..
මම උදේ ටවුන් එකට ගියා.මාමට හොද ඇදුමක් ගන්න..මොකද දවසක් දෙකක් වෙද ගෙදර තවතින්න වුනොත් කියලා.. වෙදමහත්තයා අමාරු ලෙඩ්ඩු දවසක් දෙකක් වෙද ගෙදර තියා ගන්නවා කියලා නිහාල් මාමා කිව්වා..
ටවුමට ගිහින් ගෙදරට ආවා විතරයි මගේ ඉස්කෝලේ යාලුවෙක් වුන සෙනුලි කොල් කලා..
“ විහගියෝ රිසාල්ට් දාලා.. ඉක්මනට බලන්න..මට නම් ටිකක් මදි මෙඩිසින් යන්න.
“
මම ඉක්මනට internet එකට ගිහින් රිසාල්ට් බැලුවා..මගේ ඇස්වලින් කදුලු වැටෙනවා..
“මාමේ මාමේ අනේ ඉක්මනට එන්නකෝ මාමේ කියලා මං කෑ ගැහුවා…”
ඉතිරිය පස්වන දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…🥰🥰🥰
ඉතිං කතාව ලස්සනයි නම් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..🥰🥰😍😍❤️❤️❤️❤️❤️❤️