විහගි - තුවන්වන කොටස

 


තුන්වන දිගහැරුම

🥰🥰🥰🥰🥰🥰

“ hello මම ඩොක්ටර් තමරි ඒකනායක අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කතා කරන්නේ…මේ විහගි ද? “ඒ පැත්තෙන් ඇහුවා..

මට මොකුත් හිතාගන්න බෑ..ඇයි මේ හොස්පිට්ල් එකකින්…

“ ඔවි ඩොක්ටර් ඇයි මේ දන්නෙ නෑ නේද?“

අද එතැන් සිට….👇👇👇👇👇

“මේ සහන් ඒකනායකගේ දුව ද?”😳

“ ඔව් ඩොක්ටර්  “

“ මිස්ටර් සහන්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා තියෙන්නේ.. “

“අනේ දෙයියනේ ඩොක්ටර් ඇයි මේ? මගේ මාමට ගොඩාක් අමාරුද?”

“ අපි පුලුවන් උපරිම කරනවා දරුවෝ..කලබල නැතුව හිමිට එන්න..,”😳

“ ඩොක්ටර් අපේ මාමව දන්නවද? “😳

“ ඔව් දරුවෝ මාමා ගැන මං තරම් වෙන කවුද දන්නේ? “ එහෙම කියලා ඒ පැත්තෙන් කෝල් එක කට් වුනා…

අනේ දෙයියනේ ඇයි ඒ තරම් අහිංසක මාමටයි නැන්දටයි මේ වගේ කරදර… හොද මිනිස්සුන්ටමයි හැම කරදරයක්ම..අනේ මගේ අම්මේ නැන්දවයි මාමවයි ආරක්ෂා කරන්න.. මං හන්දියේ නිහාල් අංකල්ට කෝල් කරලා විස්තරේ කිව්වම මාමා කිව්වා ඕනි නම් දුවේ දැන්  යමු..මම නැන්දවත් කතා කරගන්නම් කියලා..නිහාල් මාමා අපේ මාමගේ යාලුවා… ඉතිං මම  ඉක්මනට මාමගෙයි නැන්දගෙයි ඇදුම් දෙකකුයි මගේ ඇදුමකුයි බෑග් එකට දාගෙන ලෑස්ති වුනා..කොහොම හරි පාන්දර 4ට වගේ අපිට අනුරාධපුර හොස්පිට්ල් එකට යන්න පුලුවන් වුනා.. 

6 වෙනකල් ලෙඩ්ඩු බලන්න දෙන්නේ නැති නිසා අපි වීල් එකටම වෙලා ඉදියා..ලෙඩ්ඩු බලන්න යන්න දුන්නා 5.45 ට වගේ..මායි නිහාල් මාමයි නැන්දයි තුන්දෙනාම ගියා.. ඇතුලට..යන්න දෙන්න බෑ කිව්වා . මං කිව්වා අපි ගොඩාක් දුර ඉදන් ආවේ..ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ මගේ මාමාලා කියලා..එතකොට හරි එහෙනම් යන්න කිව්වා..

යනකොට මාමා ඉන්නවා ඇදේ හාන්සි වෙලා ..නිදාගෙන…මුලු කකුලම බැන්ඩේජ් කරලා..ඔලුවත් බැන්ඩේජ් කරලා..මුලු මුණම කලුතලා වැටිලා..කලු වෙලා..මුණ ඉදිමිලා…

“ මම දැකපු ගමන් අනේ මාමේ ඇයි මේ කියලා කෑ ගැහුවා“මාමා අවදි වුනේ මගේ කටහඩට..😭😭

“ අනේ චුටියෝ ඔයා කොහේද මෙහේ..“ කොහොමද ඔයා දන්නේ ?

“හොස්පිට්ල් එකෙන් කෝල් කලේ මාමේ .. මොකද වුනේ දෙයියනේ..කෝ නැන්දා? “

මාමා මොකුත් කිව්වේ නෑ..හැමදේම නැති වුනා වගේ හැගිමකින් මා දිහා බලාගෙන ඉදියා..මාමගේ ඇහෙන් කදුලක් ගලාගෙන ගියා…

“මොකද වුනේ සහන්..කෝ මාෂි ?” නිහාල් මාමා ඇහුවා..

“මාෂි අපිව දාලා ගියා නිහාල්” මාමා අඩ අඩා කිව්වා…😭😭

අනේ මගේ නැන්දේ ඇයි මාමේ නැන්දට මොකද වුනේ..මං වාට්ටුව දෙවනත් වෙනකල් කෑ ගැහුවා… නිහාල් මාමයි නැන්දයි අඩනවා..කාටවත් කරදරයක් නොකරපු මගේ රත්තරං නැන්දා….

Nurse කෙනෙක් ඇව්ල්ලා කිව්වා මෙතන කෑ ගහන්න එපා පුතා ..තව අමාරු පේෂන්ට්ලා ඉන්නවනේ.. දුව විහගිද ..ඩොක්ටර් පොඩ්ඩක් කතා කරනවා.. කිව්වා..

මම අඩ අඩ ගියා ඩොක්ටර්ගේ රෑම් එකට..

“ ඊස් දිස් විහගි.. “ඩොක්ටර් ඇහුවා..

“යර්ස් ඩොක්ටර් අයිම් විහගි  “ 

“ පුතා සහන්ගේ කවුද ?”

“ මගේ අම්මගේ මල්ලි ඩොක්ටර්”

“පුතා මාමාලා ඊයේ රැ  ඇක්සිඩන්ට් වෙලා…වීල් එකේ ගිහින් තියෙන්නේ .එතකොට ටිපර් එකක වැදිලා.. පුතාගේ නැන්දි හොස්පිටල් එකට ගේනකොටම නැති වෙලා.. “

මට දරාගන්න බැරි වුනා..මම මේසෙට ඔලුව තියාගෙන ඇඩුවා..ඩොක්ටර් නැගිටලා ඇවිල්ලා කිව්වා.

“පුතේ ජිවිතේ හැටි ඔහොම තමයි..අපි හිත හදාගමු..”

“මාමටත් ගොඩාක් අමාරුද ඩොක්ටර්..”

“සහන්ටත් ටිකක් ඩැමේජ්..එයාට රිකව වෙන්න ලොකු කාලයක් යයි පුතේ..අපි එයාව නැගිට්ටවමු… මං ෆියුනරල් එකේ හැමදේම ඇරේජ් කරලා තියෙන්නේ…”

“එතකොට ඩොක්ටර් කොහොමද මාමාව දන්නේ’’

එයා මගේ…….. යාලුවෙක් කියලා හිතමුකෝ… අදටත් මං ජිවත් වෙන්නේ එයා නිසා…පුතේ.. ඒවා පස්සේ කතා කරමු…මාමාව ඩිස්චාජ් කරලා දෙන්නම් අපි එයාවත් අරන් යමු..මං පුලුවන් ඉක්මනට එන්නම්...

විහගිට මොකුත් හිතා ගන්න බෑ..මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ..අනික නැන්දා නෑ කියලා නිකමටවත් හිතෙන්නේ නෑ…අම්මා නැති වුන දවසේ ඉදලා අද වෙනකල් විහගිට අම්මා තාත්තා වුනේ මේ රත්තරං මාමයි නැන්දයි..ඒත් ඒ වගේ යහපත් අයටම මේ දේවල් වෙන්නේ කියලා විහගි හැමවෙලාවෙම හිතුවා..

මාමා විල්චෙයාර් එකේ මාතරට නිවසට එනකොට නැන්දගේ මල ගෙදරට සුදානම් කරලා මිනිය ගෙනවිත් තිබුනා… ඒත් මාමට නැන්දව බලන්න නැගිටගන්නවත් පුලුවන් කමක් තිබුනේ නැ.. මම මාමව බදාගෙන ඇඩුවා… මාමා ඇවිල්ලා තිබුනේ Private male nurse කෙනෙක් එක්ක.. නැන්දගේ පැත්තේ හැමෝම වගේ මල ගෙදරට ආවා… ඒත් වැඩිය කවුරුත් මාමා එක්ක කතා කලේ නෑ..එකට හේතුව ඒ අයගේ අකමැත්තෙන් තමා නැන්දා මාමා එක්ක ඇවිල්ලා තිබුනේ…ඉස්සර නැන්දලු මාමාගේ හොදම යාලුවා ..මට හොදට මතකයි අම්මා කියනවා එහෙම…

මල ගෙදර කටයුතු ඉවර වුනා…මාමයි මායි ගෙදර විතරක් ගෙදර තනිවුනා.. කවදාවත් නැන්දා නැති අඩුව ඒ තැන කාටවත් ගන්න බැරිවේවි කියලා හිතුනා…

මාමාගේ කකුල ඇටේ කුඩුවෙලා කියලා තමයි හොස්පිට්ල් එකෙන් කිව්වේ… ඒ නිසා ඒක හොද වෙන්න කාලයක් යනවා කියලා කිව්වා..මාමාගේ වැඩ හැමදේම කලේ මං..ඒක මට කිසිම බරක් වුනේ නෑ…මං සතියක් විතර Shop එකේ වැඩට ගියේ නෑ..ඒ නිසා මම අද පොඩ්ඩක් එතනට ගිහින් කතා කරලා එන්න හිතුවා..මොකද ඉදිරියට මට මාමව හොදකරගන්න ඕනි..ගෙදර වැඩ බලන්න ඕනි..මාමව ඕනි වෙලාවට හොස්පිට්ල් ගෙනියන්න ඕනි.. මේ දේවල් එක්ක රැකියාව දිගටම කරගන්න බැරිවෙයි කියලත් හිතුනා…

“මාමේ මොකද කරන්නේ… මං පොඩ්ඩකට Shop එකට ගිහින් එන්න කියලා මාමේ… “

“මුකුත් නෑ දුව නැන්දා ගැන හිතුවා ටිකක්.. “

මගේ පපුව හෝස් ගාලා ගියා…මටත් මගේ අම්මට පස්සේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ දිපු කෙනා…ඇයි දෙයියනේ අපිට මෙහෙම වුනේ …

“නැන්දා කවදාවත් කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි මාමේ..හොදම විතරක් කරපු කෙනෙක්..ගිය ආත්මෙක කරපු පවකට තමයි එහෙම දෙයක් වුනේ.. “

“ඒක ඇත්ත පුතේ ,ඒ වගේ හොද ගැණියෙක් කවදාවත් මං දැකලා නෑ“

“ මාමේ එදා හොස්පිට්ල් එකේ ඉදපු ඩොක්ටර්ව මාමා දන්නවද? මේ හැමදේටම වියදම් කලේ එයා..ඇයි ඒ කියලා මට අදටත් හිතාගන්න බෑ…

“පුතා දැන්  ඉක්මනට ගිහින් එන්න..වැස්සකුත් එනවා..කුඩයක් අරන් යන්න..මම මෙහෙම ඉන්නම් පුතා එනකල්… “

“හා මාමේ එහෙනම් …”

මං ගිහින් කලමනාකරතුමා හමුවෙලා විස්තර කිව්වා..

“සර් මට මාමාව ඉක්මනට සනීප කරගන්න ඕනි.. ඒ නිසා මට දිගටම වැඩට එන්න බැරි වෙයි.. ඒක කියලා යන්න ආවේ සර්  “

“ඔයා හරි හොදට හැදුනු ගුණ යහපත් දරුවෙක්..ඔයාට ඕනිම වෙලාවක ආයේ එන්න හිතුනොත් දෙපාරක් හිතන්න එපා..කතා කරන්න මට.. “

මම සර් ට දණ ගහලා වැන්දා… වැඩකරපු අයටත් කියලා මං ආවා..එනකොට මාමට කියවන්න පත්තරෙකුයි..කන්න මාලු පාන් 2කුයි ගත්තා… පව් මගේ මාමා තනියම ඇති ඔහේ…

මම ගෙදර යනකොට නිහාල් මාමා ඇවිල්ලා ඉදියා.. මං ගිහින් දෙන්නට තේ ටිකක් හැදුවා..

“ මාමේ තේ බොන්න..  “ 

“මේ ආපු ගමන් පුතා තෙත් හැදුවද , පුතේ මං කිව්වේ සහන් මල්ලිට අපි සිංහල බෙහෙත් ටිකක් කරලා බලමුද කියලා… “

“ ඔව් මාමේ මාත් කල්පනා කලේ ඒක..මං ජොබ් එකෙන් අයින් වුනා..දැන් පොඩ්ඩක් මහන්සි වෙලා මාමව සනීප කරගන්නවා..හෙට අනිද්දම රිසාල්ට් එයි..ඒකත් බලලා කරන දෙයක් හිතනවා..මං කොහොම හරි මාමව සනීප කරගන්නවා “

මාමගේ ඇස්වල කදුලු..නිහාල් මාමත් බිම බලාගන්නවා මං දැක්කා…තේ බීලා ටිකක් වෙලා ඉදපු නිහාල් මාමා ගියා ටවුමට යනවා කියලා…

මං මාමගේ ඇග සෝදවලා..මාමාව සාලටෙ එක්කන් ආවා..මාමා කුස්සියට ආවා විල්චෙයාර් එකේම මං බත් උයන්න හැදුවා විතරයි… වාහනයක් මිදුලේ නතර කරනවා ඇහුවා..

මම මාමවත් අරන් ඉස්සරහට ආවා…🙄

සුදුපාට බී.එම්.ඩබ්ලිව් කාර් එකක්…ඇවිල්ලා මිදුලේ නතර කරලා තිබුනා…ආපු කෙනා දැන් තමයි බහින්න හදන්නේ…

“ අනේ දෙයියනේ ඩොක්ටර්” මට කියවුනා…😳😳

ඉතිරිය සිව්වන කොටසින්….

ඉතිං කතාව ලස්සනයි නම් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..😍😍😍❤️❤️❤️❤️🥰🥰🥰🥰

Post a Comment (0)
Previous Post Next Post
//