පළමු දිගහැරුම
“විහගි … විහගි.. විහගියෝ කොහොද ඉන්නේ ඉක්මනට ව/රෙ/න් කෙල්ලේ…”
“අම්මට ගොඩාක් අමාරුයි… හොදටම ලේ/ යනවා… ඉක්මනට මහතුං මමාගේ ත්‍රීවීල් එකට එන්ඩ කියපන්…”
“කෙල්ලේ උඹ පලයන් අපේ ගෙදරට නංගි එක්ක ඉදපන්.. මායි මහතුං මාමයි ඉ/ස්පි/රිතා/ලෙට යනවා දැන්..” විමලා නැන්දා එහෙම කිව්වා…
“අනේ නැන්දේ… අනේ මගේ අම්මා..,” මට ඉකිගැසුණා… අම්මට සිහිය නෑ.. මුලු ඇගම කලුතලා වැටිලා..
මං විහගි මගේ වයස 16 යි.ගම රත්නපුරේ. මගේ හැමදේම වුනේ අම්මා..තාත්තා කලේ හැමදාම බිලා ඇවිල්ලා අම්මට ග/හ/පු එක..අම්ම තමයි තේ වත්තේ වැඩ කරලා ගෙදර හැම අඩුපාඩුවක්ම බැලුවේ..තාත්තා කලේ කාගේ හරි කුලිවැඩක් කරලා ලැබෙන සල්ලිවලින් හොදට බී/පු එක විතරයි…
අම්මා අසනීප වුනේ ඊයේ එහෙම බීලා ඇවිල්ලා ග/හ/පු පාරකින් අම්මගේ ඔ/ලුව වැ/දි/ලා බිත්තියේ… එහා ගෙදර විමලා නැන්දා තමයි අපේ හැමදේටම ආවේ..මට මේ දේවල් නිසා තාත්තා ගැන දැනුනේ පුදුම ක/ල/කි/රි/මක්..තාත්තාට අඩුම මං ගැනවත් ගානක් නෑ..අම්මා එක්ක ර/ණ්/ඩු වුනේ ගෙදර ඔප්පුව ඉල්ලලා.. අම්මා දුන්නේ නැති උනාම තමයි අම්මට ග/හ/ලා තියෙන්නේ…එතකොට මං හිටියේ කඩේට ගිහින් සීනි ගෙන්න…
රෑ 10ට විතර තමයි විමලා නැන්දලා ආවේ..ඒ එනකල් මායි පහන්දි නංගියි සාලේ පුටුවට වෙලා බලාගෙන ඉදියා…
“නැන්දේ අම්මට කොහොමද ? අනේ නැන්දේ කියන්නකෝ…”😭😭😭😭
“ අම්මට ටිකක් අ/මා/රැ/යි කෙල්ලේ… දොස්තරලා බලලා පුලුවන් දෙයක් කරයි…දැන් තාත්තව පො/ලි/සි/යෙන් කුදලගෙන ගියේ.. ප/ව්කා/රයා”
මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ වුනා… මගේ රත්තරං අම්මා… මගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මං දෙවියන්ගෙන් වැදලා ඉල්ලුවා..
උදේම මායි විමලා නැන්දයි අම්මා බලන්න වාට්ටුවට ගියා… යනකොට අම්මා ඉදපු ඇදේ කවුරුත් නෑ.. අම්මව කොහේට හරි එක්ක යන්න ඇති කියලා හිතුන නිසා විමලා නැන්දා එහා පැත්තේ ඇදේ ඉදපු ලෙඩාගෙන් අම්මා කෝ කියලා ඇහුවා..
“අනේ ඒ ලෙඩා ඊයේ රැ ම/ළා.. දොස්තරලා මෙතන වට වෙලා ගොඩාක් දැගලුවා ඒත් බේරගන්න බැරි උනා “😭😭😭
මට කියපු කිසිදෙයක් ඇහුනේ නෑ වගේ ..මාව පාවෙනවා වගේ කියලා හිතුනා…ඒත් එක්කම මට සිහි නැති වුනා..
“විහගියෝ අනේ කෙල්ලේ නැගිටපන්..අම්මා ගෙනාපු ආයුෂ ඉවරයි කෙල්ලේ.. “
මං විමලා නැන්දව බදාගෙන ඇඩුවා.. මටත් අම්ම ලගට යන්න ඔිනි කියලා හිතුනා…අනේ මගේ රත්තරං අම්මේ ඇයි ඔයා මාව දාලා ගියේ…
පහුවදා හවස අම්මගේ පාංශකුලය ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා කලා…පොඩි මි/නි පෙට්ටියේ අම්මා හරියටම ඉදියේ නිදාගෙන ඉන්නවා වගේ..ඒ වෙනකොටත් තාත්තව හි/රේ දාලා තිබ්බා.. මට තාත්තා ගැන දැනුනේ හරිම අ/පුලක්.. මාතරින් අපේ නෑදෑ කෙනෙක් වෙන අපේ පොඩි මාමා ඇවිල්ලා තිබ්බා..මට කා එක්කවත් කතා කරන්න තරමි සිහියක් තිබ්බේ නෑ..
මිනිපෙට්ටියයි ඉතිරි ඒවටයි වියදම් කරලා තිබුනේ මාමායි විමලා නැන්දයි.. අම්මා ගැන පොඩ්ඩක් හරි හොයලා බැලුවේ මාමා විතරයි..
අවසන් කටයුතුවලින් පස්සේ හත් දවසේ දානේ පොඩියට මාමා වියදම් කරලා කලා.. මට කියලා තිබ්බේ කරේ තිබ්බ කරාබු දෙක විතරයි..
“මාමේ මට කියලා තියෙන්නේ මේ කරාබු දෙක විතරයි..ඒකත් විකුණලා අම්මගේ දානෙට පිරිකරක්වත් ගමු මාමේ “කියලා මං කිව්වා…
මාගේ ඇස්වල කදුලු පිරුණා මං දැක්කා..විමලා නැන්දත් අඩනවා…
“ ඕක තියාගන්න මගේ මැණික ..උ/බ කවදාවත් තනිවෙලා නෑ.. උබේ අම්මා උබේ ලගින්ම ඉදි…,”මාමා මගේ ඔලුව අත ගෑවා..
ඒ අතරේ උ/ස්සා/වියේ නඩුවට සා/ක්ෂි දෙන්න මාත් ඉදිරිපත් වුනා.. මට තාත්තා දිහා බලන්නවත් බෑ..මගේ අම්මට ඒ අපරාධය කරපු මනුස්සයා..කොහොම හරි තාත්තට මිනිමැරුම් චෝදනාවට අවුරුදු 7කට අච්චුවකත් නියම වුනා…මාමා නම් කිවේ ඒ අච්චුවත් මදි කියලා..
ඊට පස්සේ ගෙදර ආවට පස්සේ තමයි මාමයි විමලා නැන්දයි මාත් එක්ක කතා කලේ…
‘ විහගි පුතේ ..දැන් මේ ගෙදර තනියම ඉන්නද කල්පනාව.., මාමා මගෙන් ඇහුවා.
“ වෙන මොනවා කරන්නද මාමේ” මං කිව්වා..
“ ඔයාට තනියම ඉන්න බෑ පුතේ.. මාත් ඉදිරියට හැමවෙලෙම ගෙදර නැනේ..අනික ජිවත් වෙන්න විදියක් තියෙන්නත් ඕනි..”
“මං මොකක් හරි රස්සාවක් හොයාගන්නම් මාමේ..” මං කිව්වා…
“ රස්සා කරලා හරියනවද ඉගෙන ගන්නේ නැද්ද ආ..” පොඩි මාමා සැර වුනා.. පොඩිමාමා විතරයි දැන් මහගෙදර ඉන්නේ.. ගිය අවුරුද්දේ තමයි ආච්චි අම්මත් නැති වුනේ..
“ පුතාට පුලුවන් නම් මහගෙදර යං..මං ඒ දවස්වල ඉදන් කිව්වේ මේ හැමදේම අතඇරලා අම්මට මහගෙදර එන්න කියලා.. මායි නැන්දයි විතරනේ ඉන්නේ..අපිට කියලා වෙන කවුරුත් ඉන්නවයැ..” මාමා කිව්වා..
“මාමේ නැන්දා කැමති වෙයිද? “මං ඇහුවා..
“නැන්දා තමයි එන්න කිවවේ “ මාමා කිව්වා…
ඊ්ට පස්සේ මං විමලා නැන්දා දිහා බැලුවා..විමලා නැන්දා කදුලු පුරෝගෙන මා දිහා බලන් ඉදියා..
“ උබ පලයන් පුතේ උබට වරදින්නේ නෑ,”විමලා නැන්දා මගේ ලගට ඇවිත් ඔලුව අත ගෑවා..මහතුං මාමත් මගේ ඔලුව අතගෑවා…
ඉතිරිය දෙවැනි දිගහැරැමෙන් කියවමු..🥰🥰🥰🥰
ලයික් කරන්න..කොමෙන්ට් කරන්න යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා…😘😘😘😘😘😘😘🤩🤩🤩😍😍😍😍