දෙවැනි දිගහැරුම
පෙර කොටසින්…
විහගිගේ අම්මා නැතිවුනාට පස්සේ විහගිට හව් හරණක් නැති වුනා..ඉතිං පිහිටට හිටියේ විහගිගේ මාමායි..විමලි නැන්දලයි විතරයි..අද එතැන් සිට..👇👇👇
මම මගේ රෙදි ටිකයි ..ඕනි කරන පොත් ටිකකුයි දාගෙන සාලෙට ආවා…සාලේ තිබ්බ අම්මගේ ෆොටෝ එක අරන් බෑග් එකට දාගත්තා..විමලා නැන්දා තාමත් අඩනවා..පහන්දි නංගිත් අඩනවා..😭😭
මහතුං මාමා අපේ මාමා එක්ක කතාවක්..අපි එලියට ආවාහම මාමා දොර වහලා යතුර මට දුන්නා…
මම ආයෙත් ගේ දිහා බැලුවා…දැන් ඉස්සරහට මට මගේ ජිවිතේ ගෙවන්න වෙනවා..තනියම… කියලා දිග හුස්මක් ගත්තා.
ඊට පස්සේ මම විමලා නැන්දටයි මහතුං මාමටයි දණ ඔබා වැන්දා..මොකද මේ තරම් දවසක් මාව පරිස්සමින් බලාගත්තට…
මාමයි මායි රත්නපුරෙන් ඇඹිලිපිටියට ගිහින් එතනින් මාතර බස් එක ගත්තා…යන ගමන් කන්න රෝල්ස් දෙකකුයි කිරි පැකට් දෙකකුයි ගත්තා..බස් එකේ යන ගමන් මාමා මගෙන් ඇහුවා මොනවද චුටියෝ දැන් කරන්න හිතන් ඉන්නේ කියලා..
පොඩි කාලේ ඉදන් මාමා මට කිව්වේ චුටි කියලා ආදරේට..මාමාගේ වයස 33ක් ..රස්සාවට කලේ ඔය electric items repair කරන එක..මාමගේ නම සහන්…නැන්දගේ නම මාෂි..වයස 30යි..නැන්දා ඉතිං ගෙදර තමයි ඉන්නේ..මාමා තමයි පවුලේ බාලයා.. මගේ අම්මා තමයි පොඩි අක්කා..ලොකු අම්මා නම් ඉන්නේ රට..එයාලා අපි කා එක්කවත් සම්බන්ධයක් පවත්වන්නේ නෑ..
“ තාම මුකුත් හිතලා නෑ මාමේ .. රිසාල්ට් බලලා පොඩි ජොබ් එකක් හොයාගන්නවා” මම කිව්වා..
මං දැක්කා එහෙම කිව්වහම මාමගේ මුණ වෙනස් වෙනවා..😒
“ඇයි මං දැන් කිව්වද? චුටිව මට බරක් කන්න බොන්න දෙන්න බෑ කියලා ආ “ මාමා ටිකක් තදින් ඇහුවා..🤔
“නෑ මාමේ ..මාමා මට මේ කරන උදව් මට මැරෙනකල් අමතක වෙන්නේ නෑ..මට කියලා කවුද ඉන්නේ..ඉදපු තාත්තා කලේ අම්මව මරාගත්තු එක..මං හරි අසරණයි මාමේ.. “මං කිව්වා …
“අම්මට මං ඔයාව ලැබෙන්නත් කලින් ඉදන් කිව්වේ ඕක අතඇරලා ගෙදර එන්න කියලා.. ආච්චියි ආතායි කොයි තරම් දුක් උනාද අම්මා ඕක කරගත්තු නිසා..එයාගේ මොකක් හරි පවක් තියෙන්න ඇති.. ඒකනේ ඔය දුකේම ගිලිලා ඉදියේ..අම්මා හොදට ඉගෙනගත්තු කෙල්ලෙක්.. බයෝ සයන්ස් කලේ.. 1shy එකේ ඒ එකයි බී දෙකයි.. මෙඩිසින් යන්න ඕනි කියලා ආයේ ලියන්න ඕනි කිව්වා.. ඒ අතරේ එහා ගෙදර අක්කගේ මල ගෙදරක ගිහින් තමයි තාත්තා එක්ක යාලුවුනේ..අපි වුනත් මුල් කාලේ හිතුවේ මිනිහා හරි හොදයි කියලා “ මාමා දුකින් කිව්වා..
“අම්මත් මට කිව්වා ඉස්සර තාත්තා හරිම ලස්සනයිලු .. කාර් එකෙන්ලු එන්නේ එයාව බලන්න.. පස්සේ යාලුවන්ට එකතු වෙලා බිලාලු හැමදේම නැති කරගත්තේ කියලා “ මං කිව්වා..
“ ඕව කිව්වා කියලා දැන් වැඩක් නෑ චුටි..ඔයා හොදට ඉගෙන ගන්න..මං දන්නවා පොඩි අක්කා ඔයා ලගින්ම ඇති ..ඔයාව බලාගෙන…”මාමා එහෙම කිව්වේ ඇස්වල කදුලු පුරෝගෙන.. දන්නෙම නැතුව අපි මාතර ටවුන් එකටත් ඇවිල්ලා…ඊට පස්සේ අකුරැස්ස බස් එක ගත්තු අපි හවස 4 වෙනකෙට ගෙදරට ගියා..
යනකොට නැන්දා ඉදියා ..නැන්දා මාව හරි ආදරෙන් වැලදගත්තා..නැන්දට හිතෙන්න ඇති අනේ අම්මත් නැති ළමයනේ කියලා..
ඇග හෝදගෙන එනකොට නැන්දා මගේ බෑග් එක කාමරෙන් තියලා..තේ එකකුත් අරන් ආවා…
“චුටියෝ ඔයා මේ කාමරේ ඉන්න රත්තරං… දැන් කිසිදෙයක් හිතන්න එපා…අපි ටික දවසක් මෙහෙම ඉදලා හිමිට කල්පනා කරමුකෝ මෙකාද කරන්නේ කියලා…” කියලා නැන්දා කිව්වා..
කවදත් නැන්දයි මාමායි මටයි අම්මයි ආදරෙයි..ඒක හැමදාම අම්මා කිව්වා…
ගමනේ මහන්සියටද මන්දා මට පොඩිඩ්ක් නින්ද ගියා…
“මගේ රත්තරං මැණික ජිවිතේ අලුතින් පටන් ගන්න… මං ඔයා එක්කම ඉන්නවා” ❤️
කියනකොටම කවුරු හරි ඇවිත් මගේ ඔලුව අත ගෑවා වගේ දැනුනා..ඒත් එක්කම මට ඇහැරුනා..මං කාමරේ හැමතැනම අම්මව හෙව්වා..මට ඇඩුනා..එතකොට මාමායි නැන්දයි කාමරේට ආවා…
“අම්මා ආවා මාමේ මගේ ඔලුවත් අතගෑවා ..අනේ එයා දැන් නෑ…”මං කෑ ගහලා ඇඩුවා.. නැන්දා මාව බදාගෙන ඔලුව අතගානවා..😭😭
“චුටියෝ අම්මා ඔයා එක්ක ඉන්නවා..එත් අපි හිත හදාගමු මැණික ”නැන්දා කිව්වා…
මේ විදියට දින සති මාස ගෙවිලා ගියා..අම්මගේ තුන්මාසේ බණ අම්මගේ මහ ගෙදර සුළුවට කෙරුණා…ඒත් මට මේ ටික කාලෙට අම්මව මතක් නොවුන දවසක් නැති තරම්…හැමවෙලේම හදවත අඩනවා…
මම උදේ නැගිටලා මිදුල අතුගානකොට කඩේ ලගට ගියපු මාමා හදිස්සියෙන් දුවගෙන එනවා…
“අනේ ඇයි මාමේ මොකද වුනේ “මං බයෙන් ඇහුවා..
මාමා හති අරිමින්,”චුටියෝ ඔයා විභාගේ පාස්වෙලා ..ඒ 9යි චුටියෝ…මේ දැන් විමලා නැන්දා කෝල් කලේ….” කිව්වා…
මම එහෙමම මිදුලේ ඉදගත්තා…මට සතුටුයි..ඒ වගේම දුකයි…
“මගේ අම්මත් අද ඉදියනම් කොයි තරම් සතුටු වෙයිද මාමේ..ඇගිලි ගෙවෙනකල් තේ දලු කඩලා මට ඉගැන්නුවේ “මං කිව්වා..
“අම්මා කොහේ හරි ඉදන් සතුටු වෙනවා ඇති පුතේ, මාමයි නැන්දයි කිව්වා…
එදාම මම මාමා එක්ක රත්තපුරේ මගේ ඉස්කොලේට ගිහින් ගුරුවරු හම්බවෙලා…සහතික ටිකත් අරන් ආවා…
මාමාට හරිම සතුටේ …”ඔන්න නැන්දා විභාගේ පාස් වුන නිසා රස කෑමක් හදනවා චුටිට..පොඩි පාටියක් දාමු කිව්වෙ ..මං නිහතමානිව හිනා වෙලා කුස්සියට ගියා..
නැන්දා කහ බත් උයලා..චිකන් හදලා..අලතෙල් දාලා..කට්ලට් හදලා..මුලු ගේම සුවදයි…
“අනේ මෙච්චර ඇයි නැන්දේ?මං කවදාවත් මේ තරම් කෑම කාලා නෑ..උපරිම උනොත් දෙකයි..පරිප්පුයි සම්බෝලයි..ඒත් බත් පිගන් තුනක් විතර කන්න පුලුවන් අම්මා උයන විදියට “ මං කිව්වා…
“දුක හිතෙන කතා කියන්න එපා චුටියෝ..අතීතය අමතක කරලා දාමු…” මාමා කිව්වා…
“මං ඒලෙවල් නොකර ඉන්න හිතුවා මාමා …බයෝ කරන්න ආසාවෙන් උන්නේ..ඒත් මට බෑ තවත් මාමාට බරක් වෙන්න,”
“මොකක්ද දැන් මට තියෙන බර…ඔයා මගේ දුව..මම ඔයාට හොදට උගන්වනවා..ඒක නැන්දයි මායි තිරණය කලේ මීට ගොඩාක් කලින්…ඔයා යන ගමන ඔයා යන්න…” මාමා කිව්වා…මං මාමා ලගට ගිහින් වැන්දා…මාමට පින් මාමේ…මාමාත් නැති වුනා නම් මට මේ වෙනකොට පිස්සු හැදිලා..
මේ විදියට දවස් ගෙවිලා ගියා..මම මාතර තියෙන හොදම girls පාසලකට කිසිම ගැටලුවක් නැතිව ඇතුල් වුනා..මම බස් එකේ උදේ හවස ගෙදර ආවා..අමතර පංති කිහිපයකට සහභාගි වුනා..මාමා තමයි හැම වියදමක්ම දැරුවේ..මේ විදියට නොදැනිම අවුරුද 2ක ගෙවුනා..නැන්දයි මාමයි මට පණ වගේ..මාත් එහෙමයි…
ඒ ලෙවල් විභාගයත් මං ලිව්වා..ඊට පස්සේ මාමාට උදව්වක් දෙන්න හිතාගෙන මම පොඩි කොම්පියුටර් කඩයක වැඩකට ගියා.. මාමා නම් කැමති වුනේ නෑ..ඒත් මම ගියා..
මම වැඩට යන නිසා නැන්දටත් ගෙදර තනියට ඉන්න බෑ කියලා නැන්දා පොඩි දවසකට අම්මව බලලා එන්න යන්නද ඇහුවා… අනුරාධපුරේ..
“ අනේ මගේ නැන්දේ මේ මොනවද අහන්නේ.. ගිහින් එන්න.. ඉක්මනට හැබැයි එන්න..මටත් පාලුයි..මං මේ දේවල් බලාගන්නම්…“ මං කිව්වා…
පහුවදා උදේ නැන්දලා ගියා..මං shop එකට ගියා …හවස ගෙදර එනකොටත් මාමා ඇවිල්ලා නෑ..දුරනේ ගියේ ඒ නිසා මං මාමාට ඇග සෝදන්න උණු වතුර ටිකක් හදලා…උයන්න ගත්තා..බත් එක උයලා…පරිප්පු හැදුවා..සම්බෝලයකුත් හදලා ..බිත්තර තැම්බුවා… ඊට පස්සේ භාජන සෝදනකොට කොල් එකක් ආවා ..
“ hello මම ඩොක්ටර් තමරි ඒකනායක අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කතා කරන්නේ…මේ විහගි ද? “ඒ පැත්තෙන් ඇහුවා..
මට මොකුත් හිතාගන්න බෑ..ඇයි මේ හොස්පිට්ල් එකකින්…
“ ඔවි ඩොක්ටර් ඇයි මේ දන්නෙ නෑ නේද?“
ඉතිරි කොටස තුන්වැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…
ඉතිං ඔයාලගේ අදහස් පහලින් කොමෙන්ටි කරන්න අමතක කරන්න එපා..