පසුගිය කොටසින් 😊👇👇
උදේ 5ට වගේ තමයි ධනුජ ඇහැරුනේ.. ධනුජගේ ඇදේ ඔලුව තියාගෙන ඉන්න කෙල්ලව ඇක්කම ධනුජට හිල්ලුනා...පව් මුලු රෑම ඇහැරලා..ඊට පස්සේ ධනුජ බැලුවේ රණගෙදර මහත්තයා දිහා.. “පව් තාත්ති ඔයා... “කියලා ධනුජ හිතින් හිතුවා..
ඊට පස්සේ කලේ ධනුජ ෆොන් එක බලපු එක.. දන්නේ නැති නම්බර් එකකින් කෝල්ස් ගොඩාක් අරන් තිබුනා... ඊටත් පස්සේ වට්ඇප් එකේ තිබුන ෆොටෝස් ටික දැක්කම ධනුජට එක පාරටම නැගිට්ටුනා...
අද එතැන් සිට👇👇👇
ධනුජ ආයේ ෆොන් ඒක දිහා බැලුවා…ඒත් එක්කම සහස්නා ඔලුව උස්සනවා දැකපු නිසා ධනුජ ෆෝන් ඒක පැත්තකින් තිබ්බා..
”අයියේ ගුඩ් මොනින්… අනේ ගොඩාක් වෙලාද ඇහැරලා.. මට කතා කරන්න එපැයි…”😟
” අනේ නෑ නංගියෝ … දැන් නැගිට්ටේ…”😇
” ඉන්න අයියේ මං තේ ටිකක් හදන්නම්… ”😇
එත් ඒක්කම රණගෙදර මහත්තයයි ගයානුයි ධනුජ ලගට ආවා…රණගෙදර මහත්තයා හරි ආදරෙන් කොල්ලගේ ඔලුව අතගෑවා… ධනුජ තාත්තිගේ අත ආදරෙන් අල්ලලා ඉම්බා… ගයාන්ගේ පපුව හොස් ගාලා ගියා… කෙල්ලත් තේ හදන ගමන් බලාගෙන ඉදියේ … ධනුජ කියන්නේ හරිම ආදරණීය චරිතයක් කියලා සහස්නට හිතුනා..
සහස්නා හතරදෙනාටම තේ හැදුවා.. තේ බිලා රණගෙදර මහත්තයා ගියේ ඩොක්ටර්ව හමුවෙන්න..
” නංගිටත් අපි නිසා හරි කරදර නේද?” ගයාන් ඇහුවා…😪
”අනේ මට මොන කරදරයක්ද අයියේ… මං අද මෙහෙම ජිවත් වෙන්නේ අයියලා නිසා… ඒ්කට මං හැමදාම උදේ හවස පින් දෙනවා..🙏
එතකොට තමයි රණගෙදර මහත්තයා ඩොක්ටර් එක්ක රෑම් ඒකට ආවේ…
”දැන් කොහොමද පුතා..දැන් බ්ල්ඩ් කවුන්ට් අප් වෙනවා..”
”දැන් ටිකක් අඩුයි වගේ අංකල්… ගෙදර යන්න තිබුනොත් ඇති අංකල්…”
” සහන් මෙන්න වැඩක් …සේපාලි ඒක්ක හුරතල් වෙවි ඉන්න වෙන්න ඇති …😍 ” කියලා හිනා වුනා.. ඒ කතාවට කට්ටියටම හිනා ගියා..කොහොම හරි එදා හවස ධනුජව ඩිස්චාජ් කලා.. කොල්ලා ගෙදර ඒක්කගෙන යනකොට විපුලිත් ඇවිල්ලා ඉදියා…
”සුදු මහත්තයා දැන් අඩුයි නේද මැණීකේ… ”😍
”ඔව් පුංචියෝ කියලා කොල්ලා පුංචිව බදාගත්තා… ” ඒතකොටම සේපාලිත් ඇවිත් ධනුජව අතගගා ඇඩුවා…
” අනේ මොනවහරි අමාරුවක් තිබුනොත් කියන්න රත්තරං… ඔයාලා දෙන්නා තමයි මගේ පණ…”
හරි හරි අම්මි කෝ අඩන්න ඒපා… දැන්… කියලා ධනුජ අම්මගේ ඇස් පිහදාගත්තා…
ටික වෙලාවක් කතා කර කර ඉදපු විපුලි ගියේ සහස්නා එක්කමයි…මොකද කෙල්ලටත් මහන්සියි..මේ ටිකේ නිදිමරලා… රණගෙදර මහත්තයත් වොෂ් ඒකක් දාගන්න ගියා… ඒ් අතරේ ධනුජ ගයියවත් අරන් කාමරේට ගියා..
”මොකද බං මේ එකපාරම…”
”ධනුජ දොර ලොක් කලා..”
”අඩෝ උඔ මාව අ/ත/ව/ර/ය/ට ලක් කරන්නද ඒක්කන් ආවේ..අයියෝ දෙයියනේ..මාව බේරගනියෝ…”😎
”පිස්සුද යකෝ … මේ බලපන්” කියලා ධනුජ ගයියට ෆොන් ඒක දික් කලා…
”මේ මොනවද ධනුවා මේ.. ”
”ඒ්ක තමයි බං.. මං හිතන්නේ මේක වැරදීමක්… ”
ධනුජ ගයාන්ට පෙන්නුවේ වට්ස්ඇපි චැට් එකක්..එකේ තිබුනේ ධනුජගේ ෆොටෝස් ගර්ල් කෙනෙක් එක්ක.. ඒ්ත් ඒ් ධනුජ නෙමෙයි බිනුජ… ඒ්ත් ඒ් ගර්ල් මැසේජ් කරලා තිබුනේ ධනුජගේ නම කියලා.. මොකද දෙන්නම ඒකම සමාන නිසා සමහර වෙලාවට සේපාලිටත් දෙන්නව පැටලුන අවස්ථා තිබුනා
”වැරදිීමක් කියමුකෝ..ඒ්ත් ධනුවා නම හරිනේ… ”
”මාත් ඒක තමයි කල්පනා කරන්නේ.. ඒ් ෆොටෝස්වල තියෙන ටී ෂර්ට් ඔක්කොම මගේ… ”
”මට බිනුජව නම් ෂුවර් නෑ ධනුවා..ඔ්කා ලෝකයා… උඔව අහුකරන්න හදනවද දන්නේ නෑ,.. ”
”පිස්සුද බං..අයියා එහෙම කරනවද මට… ”😏
බලමුකෝ මොකද වෙන්නේ කියලා…
ධනුජ අසනීප වුන නිසා සතියක් විතර රෙස්ට් කලා..මොකද සේපාලි ධනුජට ගෙදරින් හෙල්ලෙන්න දුන්නේ නෑ… ඔය අතරේ බිනුජ රට යන්න ලැස්ති වෙනවා කියලා රණගෙදර මහත්තයට කියලා තිබුනා.. ඒ් ඇයි කියලා ඇහුවම කිව්වේ යාලුවෙක් ඒක්ක ටුවර් ඒකක් යනවා..මාසෙකින් වගේ ඒන්නේ කියලා විතරයි… අයියගේ මේ හැසිරිම ගැන ධනුජත් ඉදියේ හරිම හිතේ අමාරුවෙන්…
ඊට පස්සේ ආයෙත් ධනුජ හොටෙල් ඒකේ වැඩ ටික ඉවර කරන්න ගයාන් ඒක්ක උඩවලවේ යන්න ලැස්ති වුනා… පොඩි වැඩ වගයකට ටවුන් ඒකට යන්න ඔ්නි නිසා ධනුජ බයික් ඒකේම ටවුන් ඒකට ගියා..ඒ් යනකොට ධනුජ දැක්කා අයියගේ වාහනේ Mount view හොටෙල් ඒක පැත්තට යනවා. ඒ් යනවත් එක්කම ධනුජත් වාහනේ ෆලෝ කලා…
හොටෙල් ඒක ගාව නවත්තපු වාහනෙන් බැස්සේ ගර්ල් කෙනෙකුයි අයියයි ධනුජ කෝකටත් කියලා දෙන්නගේ ෆොටෝ ඒකක් අරන් තියාගත්තා.. ඒ්ත් ඒදා ෆොටෝවල ඉදපු ගර්ල් නෙමෙයි කියලා ධනුජට තේරුනා…
අයියා ගෙදර ආවේ රෑ 10ට විතර… ඒ් වෙනකල් ධනුජ බලාගෙන ඉදියේ අයියා එනකල්..මේ කරන වැඩේ ගැන අහන්න…
බිනුජ වොෂ් ඒකක් දාගෙන ආවට පස්සේ ධනුජ කෙලින්ම ගිහින් අයියා ලගින් වාඩි වුනා..
”ඇයි නින්ද යන්නේ නැද්ද?
” අයියා කොහොද අද ගියේ…”
” මගේ වැඩකට එලියට ගියා.. ඇයි?
”ඒතකොට මේ මොකක්ද?
බිනුජ ඒකපාරටම ගැස්සුනා..
” ආ මේ මගේ යාලුවෙක්… ටී ඒකක් බොන්න ගියා…”
”එතකොට මේ යාලුවා.. ? ” ධනුජ බිනුජට පෙන්නුවේ ඒදා වට්ස්ඇපි ඒකට ආපු පින්තුර ටික…”
”මල්ලි උඔ පාඩුවේ ඉදපන්..මගේ දේවල්වලට ඇගිලි නොගහා.. අනිත් ඒක උඔ තාත්තිට හරි අම්මිට හරි මේවා කියන්න බෑ.. මගේ ලයිෆ් ඒකට ඇගිලි ගහන්න එපා..”
ධනුජට හිතාගන්න බැරි වුනා…අයියා මෙහෙම කතා කරයි කියලා ධනුජ කවදාවත් හිතුවේ නෑ…”
රෑ වෙනකල් කල්පනා කරපු නිසාද මන්දා ධනුජට නින්ද ගියා… නැගිටිනකොට 9ත් පහුවෙලා… ගොඩාක් දවසකින් සහස්නව බලන්න බැරි වුන නිසා ධනුජ හිතුවේ සහස්නව බලන්න යන්න…ඒත් ඒක්කම වගේ ධනුජට කෙල්ලගෙන් කෝල් එකක් ආවා…
”ගුඩ් මොනින් නංගියෝ..මම මේ ඔය පැත්තේ ඒන්න හැදුවා විතරයි….”
”බොරු කියන්න හොද නෑ අයියා…”
”බොරු නෙමෙයි කෙල්ල…මගේ හිතට ටිකක් අවුල්..හෙට උඩවලවේ යන්න කියලා ඉන්නේ…ඒ් නිසා අද එන්න ඉදියේ…”
”හා අයියා පරිස්සමට එන්නකෝ….”
ධනුජ දවල් 1 වගේ වෙනකොට සහස්නගේ ගෙදරට ගියා.. විපුලිත් අද වැඩ නිසා සහස්නා හිටියේ හරිම පාලුවෙන්…ධනුජ ඉතිං කෙල්ල ඒක්ක දියත උයනට ග/ියා..
”අයියේ ඇයි දුකින් වගේ.. මොකක්ද ප්‍රශ්නේ…?
” නෑ නංගි අපේ අයියා ටිකක් වෙනස් මේ ටිකේ..මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නවා වගේ පෙන්නේ..”
”ඇයි අයියේ ඒහෙම… ”
”ධනුජ ෆොන් ඒකේ තිබුන ෆොටෝස් ටික පෙන්නවුා.. විස්තරේ කිව්වා…”
”ඒ් ගර්ල් ඒක්ක කතා කරලා බැලුවොත් අයියේ..”
” මට බෑ නංගි මැදිහත් වෙන්න..බලමුකෝ… ඒන විදියකට…”
”නංගිත් යමුද උඩවලවේ…”😍
”අනේ හරි ආසයි අයියේ..හරි මං ඒන්නම උදේට ගන්න… ධනුජ කෙල්ල දිහා හරි ආදරෙන් බලන ගමන් කිව්වා…
පහුවදා උදේ 5ට වගේ ධනුජ ගයාන් සහස්නා උඩවලවේ යන්න පිටත් වුනා… එදාම තමයි බිනුජ ටිකට්ස් බුක් කරගෙන ඔ්ස්ට්‍රේලියා ගියේ… උදේ ඉදන් හොටෙල් ඒකේ තිබුන වැඩ ටික කරපු කට්ටිය හවස 5ට වගේ ගෙදර ඒන්න පිටත් වුනේ…හරිම මහන්සියෙන්… ඒහෙම ඇවිල්ලා කොස්ගම හරියෙදි තේ ඒකක් බොන්න කියලා ගයාන් වාහනේ නැවැත්තුවා…ගයාන් උණූවෙන් ආප්ප ලුණුමිරිස් අරන් ආවා..කට්ටිය වාහනේ තියාගෙනම තමයි කෑවේ.. ඒ්ත් ඒක්කම රණගෙදර මහත්තයා කොල් කලා.. කනගමන් ඉදිය නිසා ධනුජ ෆොන් ඒක ස්පිකර් දැම්මා…
”හෙලෝ තාත්ති.. ඒන ගමන් තාත්ති… ”😇
” ඉන්න තැනකින් ඉක්මනට ගෙදර එනවා..මේ දැන්මම..”😡😡
”තාත්ති..ඇයි මේ..”😳😳😲
”ඇයි මේ කියලා කියන්නම් ඉස්සෙල්ලාම ගෙදර ඒනවා.. තාත්තගේ කටහඩේ ලොකු තරහක් තියෙනවා කියලා ධනුජට හිතුනා.”
”තාත්ති මට මෙහෙම කවදාවත් කතා කරලා වෑ ගයියා..😢😢 කියලා කොල්ලා වාහනේ අරන් පැයක් යන්නත් කලින් ගෙදරට ආවා..
කොල්ලා වාහනෙන් බැහැලා දුවගෙන ගෙදර ගියා…
”තාත්ති… කියාගෙන යනකොට රණගෙදර මහත්තයා ධනුජට චටාස් ගාලා කනට ගැහුවා…😳😲😱😱
ඉතිරිය 08 වැනි කොටසින් බලාපොරොත්තු වන්න…
ඉතිං කතාව ගැන අදහස් පහලින් කොමෙන්ට් කරන්න අමතක කරන්න ඒපා…
lassanai
ReplyDeleteharima lassana kathawak. ithuru kotas tikath ikmnatama danna
ReplyDeleteදවසගානෙම දාන්නකෝ. අපි හරිම ආසාවෙන් ඔයාගේ කතා කිවනවා..
ReplyDelete