පසුගිය කොටසින්...👇👇
“පුතා මං මිනිහව ඇරෙස්ට් කරන්නම්.. දුවව ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියන්න..මං අපේ කට්ටියත් එවන්නම්..,
ජයදේව අංකල් කිව්වා..ජයදේව කියන්නේ පොලිසියේ ඕ.අයි.සි.. පවන්ගේ ලගම හිතවතෙක්.. කොකටත් හොදයිනේ කියලා තමයි පවන් අංකල්ට කතා කරලා විස්තරේ කිව්වේ…
පවන්ට දුකයි කෙල්ලට මෙහෙම වුනේ පවන් නිසා.. දෝතට කෙල්ලව ගත්තු පවන් කෙලින්ම ගියේ හොස්පිට්ල් එකට..
ඩොක්ටර් අනේ ඉක්මනින් … පවන්ගේ ඇස්වලින් කදුලු වැටුණා…
“ටිකක් අමාරුයි මිස්ටර්..අපි උපරිම උත්සහ කරන්නම්…“
අද එතැන් සිට...👇👇
පවන් එහෙමම අයිසියු එක ගාව පුටුවේ ඉදගත්තා… පැයක් විතර යනකොට තමයි ඩොක්ටර් එළියට ආවේ..පවන් ඉක්මනින් ගිහින් ඩොක්ටර්ව හමුවුනා..
“දැන් අවදානමක් නෑ පුතා.. “ එහෙම කියපු ඩොක්ටර් පවන්ගේ උරහිසට තට්ටු කලා… එතකොට තමයි පවන්ගේ හිතට සැනසීමක් දැනුනේ ..ඊටත් විනාඩි 30කට විතර පස්සේ තමයි කෙල්ලව රෑම් එකකට දැම්මේ…
පවන් රෑම් එකට එනකොට කෙල්ල නිදාගෙන ඉදියේ..පවන් ඇවිත් කෙල්ලගේ ඔලුව අතගෑවා..එතකොටම තමයි නෙතුමි ඇස් දෙක ඇරියේ…
“අනේ මට සමාවෙන්න සර්….“කියනකොටම පවන් කෙල්ලගේ අතින් ඇල්ලුවා…🥹
සමාව මොකටද? ඔයාට මොකක් හරි කරදරයක් කියලා දැනුන නිසා තමයි මං ඔයාව ෆලෝ කලේ දරුවෝ…
“සර් ඔෆිස් එකේ වැඩ ටිකත් මග ඇරෙනවා. අනික මිස්ටර් මහේන් කෝටේෂන් එක අදම ඉල්ලුවා..මං ඒක ෆයිනල් කරලා ඉවරයි..සර් පුලුවන් නම් ඒක බලනවද?“
“මං ඒ ටික බලන්නම්..පණ්ඩිත කෙල්ල ඉක්මනින් සනීප වෙන්නකෝ… “ මං ඔයා ලගට මාලා අක්කව එවන්නම්…මං ඉක්මනින් ඒ වැඩ ටික බලලා එන්නම් දරුවෝ…“
මාලා අක්කා කියන්නේ පවන්ගේ ගෙදර වැඩ ටික කරගෙන ඉන්න ආන්ටි…එයා නෙතුමිටත් හරි ආදරෙයි.. මොකද නෙතුමි සර් අතේ කේක් කෑල්ලක්…විශේෂයෙන් මොනවහරි හැදුවොත් අරන් යවනවා…
සර් ගිහින් පැයක් වගේ යනකොට මාලා ආන්ටි ආවේ අඩාගෙන…
“අනේ ඇයි මිස් මේ මොකක්ද කරගත්තේ…“😭😭
“අනේ අඩන්න එපා මාලා අම්මා… මේ මගේ දෛවය… මං මිස්ට කිව්වනේ මිස් ඔය යකාගෙන් අයින් වෙන්න කියලා…
නෙතුමි හැමදේම මාලා ආන්ටිට කියනවා..මොකද සතියකට දවස් තුනක්වත් නෙතුමි මාලා ආන්ටි එක්ක කතා කරනවා..
“ඒ මනුස්සයා මට ඒක කරන්න දුන්නේ නෑ..දැන් ඒක කරන්න හැදුවම තමයි මේ මාව මරන්න හැදුවේ..“ඒත් එක්කම පොලිසියේ තුන්දෙනෙක් ඇවිත් නෙතුමිගෙන් කටඋත්තරයක් ලියා ගත්තා…
ඒත් එක්කම වගේ තමයි තුහිනගේ මල්ලියි තුහිනගේ තාත්තයි ආවේ.. කොහොමත් නෙතුමිට තුහිනගේ පවුලේ හැමෝම ආදරෙයි…
“දුව දැන් කොහොමද? අපේ එකාගේ කොහොමත් සිහිය විකල් වෙලා තියෙන්නේ දැන්… මං ඊයේ තමයි මේ දේවල් හරියටම දැනගත්තේ… මගේ එකා තමයි දුව ඒත් මට එහෙම දරුවෙක් වැඩක් නෑ… “
“අනේ තාත්තේ මං තුහිනගෙන් අයින් වෙන්නයි හැදුවේ.. මට එහෙම ජිවිතයක් වැඩක් නෑ තාත්තේ ..“
“මාත් ඔයාට ඕනි උදව්වක් කරනවා පුතේ.. අම්මා දන්නවද මේ දේවල්…“
“අනේ අම්මට නම් මුකුත් කියන්න එපා තාත්තේ…එයා හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ..මේ දේවල් දැනගත්තෝත් ලෙඩවෙයි..මට ඉන්නේ එයා විතරයි..“
ටිකක් වෙලා කතා කර කර ඉදපු තාත්තයි මල්ලියි ගියා..එයාලා ගියේ දුකින්..ඒත් දැන් වෙන කරන්න දෙයක් නෑ කියලා නෙතුමි හිතුවා… හවස 6 වගේ වෙනකොට පවන් හොස්පිට්ල් එකට ආවේ මාලා ආන්ටිට යන්න කෑබ් එකක් බුක් කරලමයි..ඒත් එක්කම කෑම පාර්සල් දෙකකුත් ආන්ටි අතේ සර් තිබ්බා…
“මාලා අක්කා අද ගිහින් උයන්න එපා..තාත්තිට මං කෝල් කලා..එයාව පොඩ්ඩක් බලන්නකෝ..“
“ හරි සර් මං ගිහින් එන්නම් එහෙනම්…
මාලා අම්මා ගියාට පස්සේ පවන් කෙලින්ම ගියේ ඩොක්ටර් හමුවෙන්න…විනාඩි 15කට විතර පස්සේ රෑම් එකට එනකොට කෙල්ලට නින්ද ගිහින්…හිමිට දොර ඇරගෙන ඇතුලට ආපු පවන් දැක්කේ සුරංගනාවියක් වගේ ඉන්න මේ කෙල්ලට ඇයි මේ තරම් කරදර වුනේ කියලා…ඇත්තටම තුහින කියන්නේ අමු මෝඩයෙක් කියලා පවන්ට හිතුණා…
“සර්..මට කතා කරන්න එපැයි..පොඩ්ඩක් නින්ද ගියා…“ නෙතුමි සමාව අයදින ස්වරයේන කිව්වා..
“ඒකට කමක් නෑ දරුවෝ… ලේසි පහසු දේවල්ද වුනේ..“
“ටික කාලයක් යනකල් පේන්ස් එයි කිව්වා… හෙට ඩිස්චාර්ජ් කරගන්න පුලුවන් වෙයි කිව්වා…“
“ඒක නම් හොදයි සර් මෙහෙම ඉන්න ගියාම එපා වෙනවා… “ නෙතුමිගේ ඔලුව වටේට බැන්ඩේජ් එකක් දාලා තිබුනා..මොකද යකඩ පොලු පාරක් තමයි නෙතුමිගේ ඔලුවට වැදුනේ..
ඊට පස්සේ පවන් එයා ගෙනාපු ඉදිආප්ප ටික කෙල්ලට අනලා කැවුවා.. කෙල්ල අතින් කන්නම් කිව්වත් පවන් හරි ආසාවෙන් තමයි කෙල්ලට කැවුවේ..ඊටත් පස්සේ දෙන්නා එක්ක ගොඩාක් දේවල් කතා කර කර ඉදියා..
“සර් එතකොට ආයේ මැරි කරන්න අදහසක් නැද්ද? “ නෙතුමි එකපාරටම අහපු දෙයින් පවන් ගොලු වුනා..
“සර් මම වැරදි දෙයක්ද ඇහුවේ..“
“නෑ දරුවෝ…ප්‍රභානි මගේ ජිවිතේ ඇතුලේ කරපු දේවල් එක්ක මං ආයේ එහෙම දෙයක් හිතන එකක් නෑ.. මම වැටුණු තරම් මම අඩපු තරම් දන්නේ මං විතරයි කෙල්ලේ…“
“අනේ සර්… හැමෝම ප්‍රභානි මිස් වගේ නෑ… “ නෙතුමි පවන්ගේ හිත සනස්වන්න වගේ කිව්වා..
“එහෙමයි කියල හිතන්නත් අමාරුයි දරුවෝ අපි බලමුකෝ…දැන් පණ්ඩිත කෙල්ල නිදිය ගන්නවද? නිදි මරන්න හොද නෑ…“
ඔය විදියට දවස ගෙවිලා ගියා… නෙතුමි උදේ 5ට ඇස් අරිනකොටත් පවන් කෙල්ලගේ ගාව ඉදගෙන ඉන්නවා… පුටුවෙම නින්ද ගිහින්… පව් දෙයියනේ.. කියලා නෙතුමිට හිතුනා..
කොහොම හරි පහුවදා හවස නෙතුමිව ඩිස්චාජ් කලා.. හොස්පිට්ල් එකේ පේමන්ට් එක සම්පුර්ණයෙන්ම කලේ පවන්… නෙතුමි ඇගේ කෙඩ්ට් කාඩ් එක කොයි තරම් දෙන්න හැදුවත් පවන් ගත්තේ නෑ… මාලා අම්මත් ඇවිත් ඉදියා..
කෙල්ල ඇවිද්දේ Crushes වලින්… දෙපාරක් හිතන්නේ නැතුව කෙල්ලව දෝතට ගත්තු පවන් කෙල්ලව වාහනේ ඉස්සරහින් තිබ්බා… නෙතුමිගේ ඇස් දෙකයි පවන්ගේ ඇස් දෙකයි එක සමාන්තරව ගොඩාක් ලගින් හමුවුනා..නෙතුමිගේ හිතේ මොකක්දෝ දෙයක් මතු වුනත්…මේ දෙවිකෙනෙක් වගේ මනුස්සයා ගැන එහෙම හිතන්නවත් හොද නෑ කියලා තමයි නෙතුමි හිතුවේ..
නෙතුමි හිතුවේ තනියම බොඩිම් කෑල්ලට වෙලා මේ දේවල් කොහොම කරගන්නද කියලා..ඒත් මේ ජිවිතේට කොහොම හරි මුහුණ දෙනවා කියලයි නෙතුමි හිතුවේ…කොහොම හරි රාජගිරියේ කිට්ටුවදි නෙතුමිට පොඩි දුකක් දැනෙන්න ගත්තා… මොකද තව විනාඩි කිහිපයකින් නෙතුමිට පවන්ගෙන් සමුගන්න වෙන නිසා..
පවන් බෝඩිම තියන පාරට හරවන්නේ නැතුව කෙලින්ම යනකොට නෙතුමි පවන් දිහා බැලුවා…
“අපි ටික දවසක් අපේ ගෙදර ඉමු දරුවෝ… මට ඔයාව මෙහෙම බෝඩිම් කෑල්ලක දාන්න බෑ..“🥹🥹
“අනේ සර්…“ කියනකොටම නෙතුමිට හෝ ගාලා ඇඩුවා..
මාලා අක්කගෙත් ඇස්වල කදුලු..පවන්ට දුකයි.. ඉතිං ඉස්සරහ තිබුන පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාව නවත්තලා පවන් බැහැලා ගියා..
“අනේ අඩන්න එපා මිස්..අපේ සර් රත්තරං දෙවි කෙනෙක්..“
“මටත් දුක ඒකමයි මාලා අක්කේ මම නිසා සර් විදින දුක ගැන..“
පවන් ආයේ කාර් එකට ගොඩවුනේ අයිස් කොෆි 4ක් අරගෙනමයි..නැගලා ඒක බොන්න හදලා දුන්නා…
“ඔයා ඔහොම දුක් වෙන්න එපා කෙල්ලේ…ඔයා එහෙම දුක් විදින්න ඕනි කෙනෙක් නෙමෙයි..දැන් ජයදේව අංකල් කතා කලා..තුහිනව ඇතුලට දාලා දවස් 14කට..😡😡
“එයා කරන පව් එයා ගෙනියයි සර්.. මට දුක මගේ පව් සර් ටත් කරගහන්න වුන එක..“
“මාව බේරන්න ජිවිතේ දිපු මනුස්සයට මං මේ සලකනවා මදි දරුවෝ..“
“මීට වඩා මොනවද සර් ..සර් නම් මිහිපිට දෙවි කෙනෙක්..මගේ ජිවිතේ දැන් මට ඇති දෙයක් නෑ සර්.. මං මැරුණත් මගේ අම්මට දුක තියෙයි… දැන් ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ සර්..My life is going to End… “
ඒ ගැන මුකුත් නොකියපු පවන්..වාහනෙන් බහිනකල් කිසිම දෙයක් කතා කලේ නෑ…ඊටත් විනාඩි 30කට විතර පස්සේ සර් ගේ ගෙදරට ආවා…
සර් මාව කෙලින්ම වඩාගෙන මට වෙන්කරපු රෑම් එකට එක්කන් ගියා.. කොහොමත් මට මෙහේ තව සතියක් විතර ඉන්න වෙනවා … රෑම් එක හරිම පිලිවෙලයි… මම මාලා අක්කගේ උදව්වෙන් වොෂ් එකක් දාගෙන හිමිට මාලා අක්කා එක්ක සාලෙට ආවා..එනකොට පවන් තාත්තා එක්ක කතාවක්…
“කොයි තරම් අහිංසක ලස්සන දරුවෙක්ද පුතේ…“
නෙතුමි හරි නිහතමානිකමට හිනා වුනා…
“ප්‍රභානිගේ ප්‍රශ්න නිසා බිස්නස් නැතිමවෙලා යන්න තිබ්බ කාලේ..මාව වගේම මගේ බිස්නස් හයියෙන් අල්ලන් ඉදපු කෙල්ල තාත්තේ… මේ කෙල්ල නැත්නම් මම අද මෙතන නෑ.. “
මම එහෙමයි කියලා දෙයක් කලේ නෑ ලොකු සර්… හැබැයි සර් ට වැටෙන්න දුන්නේ නෑ… මොකද මේ රස්සාව මම කලේ හරිම භක්තියකින්…
“මම දන්නවා පුතේ… “🥹🥹
මේ විදියට සතියක් වගේ ගෙවිලා ගියා..නෙතුමි ටිකෙන් ටික තනියම ඇවිදින්න පටන් ගත්තා..පවන් හැමදාම උදේ ගිහින් රෑ වෙලා තමයි ගෙදර ආවේ..මොකද මේ දේවල් නිසා වැඩ ටිකක් හිර වෙලා තිබුනේ..නෙතුමි ලැප් එක පවන්ට කියලා ගෙන්නගෙන ගෙදර ඉදන් ඔෆිස් එකේ වැඩ ටික කලා..ඒකත් පවන්ට ලොකු සහනයක් වුනා..එදා ඉරිදා දවසක් නිසා රසට කිරිබත් ටිකක් හදලා මේ තාත්තටයි පුතාටයි දෙන්න ඕනි කියලා නෙතුමිට හිතුනා…උදේම නැගිටලා කුස්සියට ගිහින් කිරිබත් ටික හදන්න ගන්නකොට මාලා අම්මත් ආවා..
“අනේ ඇයි මිස් උදේම…“
“සර් ට කිරිබත් ටිකක් හදලා දෙන්න හිතුවා අක්කේ…පුලුවන් නම් මට පොල් චුට්ටක්…“
“හරි මිස් මම ගාලා දෙන්නම්..“
නෙතුමි හරිම සුවදට කිරිබත් හදලා ඒත් එක්කම කලුවට සැමන් කරියකුයි ලුණුමිරිසුයි හැදුවා..ඊට පස්සේ පවන්ටයි තාත්තටයි මාලාඅක්කටයි නෙතුමිටයි කිරි තේ ටිකත් හැදුවා..කිරි තේ එක නම් රසට ආවා කියලා කෙල්ලට හිතුනා..
මිස්ම ගිහින් දෙන්න මිස්.. මාලා අක්කා හරි ආදරෙන් කිව්වා.. නෙතුමි යනකොට ලොකු සර් නැගිටලා පත්තරේ බලනවා…
“ගුඩ් මොනින් ලොකු සර්..මේ තේ එක..
“ඇයි පුතේ මාලා නැද්ද?
“ඉන්නවා ලොකු සර් අද මම උයලා තේ හැදුවා..“
“හරිම සුවදයි…පුතාගේ අම්මගේ තේ එක වගේ…“
ඊට පස්සේ තෙතුමි ගියේ පවන්ගේ රෑම් එකට… ගිහින් දොරට තට්ටු කලා… ඉන්න මාලා අක්කේ මං එන්නම්…
එකපාරටම ඇවිත් දොර අරිනකොට පවන් දැක්කගේ කෙල්ලගේ මුණ..පවන්ට ඒ මුණෙන් ඇස් ගන්න බැරි වුනා…
“ගුඩ් මොනින් සර්…ඇයි බයවෙලා වගේ..
“ නෑ කෙල්ලේ වෙනදා..“😳😳
“ මට හිතුනා අද සර් ට කන්න කිරිබත් ටිකක් හදන්න.. ඉතිං හැදුවා..තේ බීලා එන්න සර්..“
“අනේ ඇයි මහන්සි වෙන්නේ දරුවෝ…මේ තනියම හිට ගත්තා විතරයි..“
අනේ එහෙම නෑ සර්.. මං මේ දේවල් කරන්නේ හරිම සතුටින්..ඒත් එක්කම පවන් තේ උගුරක් බිව්වා..
“අම්මා ආවා වගේ නෙතුමි…ඒ රසමයි…“ කොල්ලගේ ඇස්වල කදුලු…🥹🥹
“ලොකු සරැත් කිව්වා සර්…“
ඊටත් පැය භාගෙකට විතර පස්සේ කිරිබත් ටික මෙසේට ඇරියා…කිරිඉත් ටික පවනුයි තාත්තයි කෑවේ හරි ආසාවෙන්… නෙතුමිට හරි සතුටුයි…
“අද නම් අම්මා ඇවිත් බලාගෙන ඇති පුතා..“
“ඔව් තාත්ති “කියන ගමන් හරි ආදරණීය බැල්මකින් කොල්ලා කෙල්ල දිහා බැලුවා…
කොහොම හරි තුහිනට ඇප ලැබිලා..ඒ නිසා මෙහේ ඉන්න එක ගැටලුවක් වෙන්න පුලුවන් කියලා නෙතුමි පවන්ට කිව්වා..මොකද තුහින ඕනිම දෙයක් වාසියට ගන්න කෙනෙක්… සර් ව මොන දේකට හරි ඇදලා ගනියි කියලා නෙතුමි හිතුවා..ඒ නිසා නෙතුමි අද හවසම බෝඩිමට යනවා කියලා හිතුවා..
“සර් වැඩක්ද?“😳
“ එන්න කෙල්ල..කොහේ යන්නද මේ ඇදගෙන..“
“සර් මං බෝඩිමට යන්න කියලා…“
පවන්ගේ මුණ අදුරු වුනා…
“තුහිනට ඇප ලැබිලා සර්… මම දැන් තනියම ඉන්න ඕනි..මොකද ඉස්සලේලාම ඩිවෝස් එක ගන්න ඕනි..මේ දේවල් එක්ක ඉක්මනින් ඒක කරගන්න පුලුවන්…අනික සර් පරිස්සමින්…“
“ඇප ලැබිලා කියලා මං දැනගෙන ඉදියේ දරුවෝ..කිව්වේ නැත්තේ කලබල වෙයි කියලා.. මට බයයි ඔයා පිට ඉන්නකොට..“😔😔
“බය වෙන්න එපා සර්..තුහිනට වැඩිම උනොත් කරන්න පුලුවන් මාව මරන එක..ඒකටත් මම ලැස්තියි..“
“ඒක කියනකොටම පවන් නෙතුමිගේ අතින් අල්ලලා ඇදලා ගත්තා…
“අපි කවුරුත් මැරෙනවා..ඒත් මැරෙන්න ඕනි වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන්..ඒ නිසා ඔතනින් ගැලවෙන්න බලන්න… හැමදාම ජිවිතේ එකම විදියට නෑ..“
“මං එහෙම හිතන්නම් සර්…“ එහෙම කියලා නෙතුමි පවන්ට දණ ගහලා වැන්දා..
පවන් කෙල්ලගේ හිස හරි ආදරෙන් පිරිමැද්දා..
ලොකුසර් ටයි මාලාටයි වැදපු නෙතුමිව පවන් බෝඩිමට ඇරලුවා… ඊට පස්සේ නෙතුමිට ඔෆිස් එකට එන්න ඔෆිස් එකේ වාහනයකුත් ඇරේන්ජ් කරලා දුන්නා…මේ විදිට මාස තුනකුත් ගෙවිලා ගිය..නෙතුමි හැම සති අන්තයේම පවන්වයි තාත්තවයි බලන්න ගියා.. රසට එයාලා ආස කරන කෑම ජාති හදලා දුන්නා..මොනවා වුනත් මේ වෙනකොට පවන්ගේ හිතත් ටිකක් ගැස්සිලා තිබුනේ..
කෙල්ලගේ දික්කසාද නඩුව මාස 4ක් වගේ යනකොට අපහසුවක් නැතුව ලැබුණා… කෙල්ල දවසක් ඔෆිස් එකේදි සිකුරාදා ලිව් එකක් ඉල්ලුවා… දෙපාරක් හිතන්නේ නැතුව ලිව් එක දිපු පවන් නිකමට වගේ ඇයි කියලා ඇහුවා…
“ගෙදර ගිහින් ඉදලා එන්න හිතුනා සර්.. දැන් හිත නිදහස්..“
“ඊයේ ඩිවෝස් එක ගත්තම අද තමයි සෙලිබේට් කරන්න ඕනි..ඔයා යන්න දරුවෝ…ගිහින් අම්මි එක්ක ඉදලා එන්න..“
කෙල්ල අම්මා බලන්න ගිහින් පැය දෙකක් විතර අම්මව බදාගෙන ඇඩුවා…අම්මා කිව්වේ නෙතුමිට මාරකයකින් ගැලවුනා කියලා හිත හදාගන්න කියලමයි…ඊටත් දවසකට පස්සේ උදේ වරැවක නෙතුමිට කෝල් එකක් ආවා..ඒ පවන්ගෙන්..
“සර් ගුඩ් මොනින්…“
“වෙරි ගුඩ් මොනින් දරුවෝ…මට පොඩ්ඩකට ගෙදර ලොකේෂන් එක දානවද?
“ඇයි සර් හදිස්සියක්ද? 😳😳
“ඔව් ලොකු හදිස්සියක්…“🙄🙄
“අනේ ඇයි සර් …
“කෙල්ලයි අම්මිවයි පොඩ්ඩක් බලලා යන්න හිතුවා…
“අනේ සර්… මට කියන්න එපැයි…ඉන්න මං ඉක්නට වට්ස්ඇප් කරන්නම්…“
ඊටත් පැයකට විතර පස්සේ පවන් නෙතුමිගේ ගෙදර ආවා…නෙතුමි පැෂන් බීම හදලා තිබුනේ… ආපු ගමන් පවන් පැෂන් බීම එක බිගෙන බිගෙන ඉදියේ..
“හරි තිබහක් තිබුනේ දරුවෝ…“🥹🥹
අම්මා සර් එක්ක කතා කර කර ඉන්නකෝ…මං කෑම ටික මේසේට අරින්නම්…
පවන් අම්මා එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉදියා..ඊටත් විනාඩි 20කට විතර පස්සේ කෑම කන්න ආවා…
“මොනද සර් අම්මා කියන්නේ…“
“පැය ගානක් බදාගෙන ඇඩුවා කිව්වා..“
මට කියලා ඉන්නේ මෙච්චරයිනේ සර් අඩන්නත්…
නෙතුමි..කිරිකොස් හදලා සුදුබත් උයලා..චිකන් හදලා බොංචි කිරට උයලා..වැව් මාලු ටිකක් බැදලා තිබුණා…සර් හරි ආසාවෙන් බත් ටික කෑවා..කොහොමත් ඒ වෙනකොට සවස 3 වගේ වෙලා තිබුන නිසා..නෙතුමිත් සර් එක්කම බෝඩිමට යන්න ලැස්ති වුනා…යන්න කලින් පවන් අම්මට දණ ගහලා වැන්දා…නෙතුමිත් අම්මට වැන්දා… අම්මා නෙතුමිව බදාගනෙ ඇඩුවා..කෙල්ලටත් දුකයි…ඒත් ආවා…
දරුවෝ මට ටිකක් කතා කරන්න ඕනි..මේ හරියේ නිදහස් තැනක් තියෙනවනම් කියන්නකෝ…
ටිකක් ඉස්සරහට එනකොට ලස්සන පාරක් ගාව පවන් වාහනේ නැවැත්තුවා..
“ඉතිං කෙල්ල දැන් මොනවද කරන්න හිතං ඉන්නේ..“
“තාම හිතලා නෑ සර්… එහෙම කියලා හිතන්න දේකුත් නෑ..අම්මව බලාගෙන හිමිට ජිවිතේ ඇදගෙන යනවා..“
“ආයේ මැරේජ් එකක්?
“බෑ සර් ආයේ ඒ දුකට වැටෙන්නේ නෑ…
පවන් කාර් එකෙන් බැහැලා ගියේ තැබිලිගෙඩියක් අරන් එන්න…
ඒත් එක්කම අම්මගෙන් නෙතුමිට කොල් එකක් ආවා..
“ඕව් අම්මා කියන්න..“
“අම්මා ඇයි අම්මා ඇයි අඩන්නේ …“
“මට සතුටුයි පුතේ…“
“ඇයි අම්මා මොකටද? මොකද වුනේ…“
“ ඒ දරුවා ගෙදරටම ඇවිත් ඇහුවේ පුතා ගැන“
“මොන දරැවද අම්මා..“
“පවන් මහත්තයා පුතේ… “
“අනේ මට තේරේන්නේ නෑ අම්මා..
“මහත්තයා ආවේ අද ඔයා ගැන මගෙන් අහන්න..තාම ඔයාට කිව්වේ නෑ කිව්වා මං අකමැති නම් එයා ඒ අදහස අතඅරගන්නම් කිව්වා..කැමති නම් දරුවෙක් වගේ බලාගන්නම් කිව්වා පුතේ…ඒ දෙවිකෙනෙක් ..අතඅරගන්න එපා.. මිනිස්සුන්ගේ ජිවිතවල අවාසනාව ගියාම වාසනාව උදාවෙනවා..
අම්මා ෆොන් එක තියනකොට නෙතුමිගේ ඇස්වලින් කදුලු වැටුනා..නෙතුමි එහෙමම ඔලුව පාත් කරගත්තා…
පවන් වාහනේට නගිනකොටම දැක්කේ කෙල්ල ඔලුව ගහගෙන අඩනවා..තැබිලි ගෙඩිය අතඅරපු පවන් ඉක්මනට කෙල්ලව කෙලින් කලා..
“ඇයි දරුවෝ ..මොකද වුනේ..“
ඒත් එක්කම පැනපු නෙතුමි පවන්ව බදාගත්තා…
“මොකද වුනේ කියන්නකෝ…“පවන් හරි ආදරෙන් ඇහුවා..
“අම්මා කතා කලා..ඔයා දෙවියෙක් අත ඇරගන්න එපා කිව්වා…“😳😳🥹🥹🥹
පවන්ගේ කදුලක් කෙල්ලගේ අත උඩට වැටුනා… ඒත් එක්කම පවන් හරි ආදරෙන් කෙල්ලගේ නලල ඉම්බා…
අපි දෙන්නම ආදරේ නිසා දුක් විදපු අය…දැන්වත් ජිවිතේ විදිමු..සර් කිව්වා…
ඊටත් මාස දෙකකට පස්සේ චාම්ව පවන්ගෙයි නෙතුමිගෙයි වෙඩින් එක ගත්තා..ඊට පස්සේ දෙන්නම ඔෆිස් ගියේ එකට… නෙතුමිගේ අම්මවත් පවන්ගේ ගෙදරට ගෙන්න ගත්තා…මේ දෙන්නා එකතු වුන එකට පවන්ගේ තාත්තා ඉදිියේ හරිම සතුටින්…
“මහත්තයෝ අද නම් මගේ ඇගට අමාරුයි..උදේ ඉදන් ඔලුවත් රිදෙනවා…“
“ඒ මොකෝ මැණීක.. ගෙදර යමුද එහෙනම්..
“එපා එපා පිස්සෝ… දැන් හරියයි…“🫢🫢
ඔෆිස් එකට ගිහින් නෙතුමි පුරුදු විදියට වැඩ ටික කරන්න ගත්තා… දවල් 12ට් වගේ නෙතුමිට නිකන් කැරකැවිල්ලක් වගේ හැදුනා…නෙතුමි ඉක්මනින් පුටුවේ ඉදගෙන මේසේට ඔලුව තියාගත්තා..
“ඇයි නෙතුමි මිස් …කියලා රැවින්දි කතා කලත් නෙතුමි හිස එසෙව්වේ නෑ…පස්සේ බලනකොට තමයි රුවින්දි දැක්කේ නෙතුමිට සිහිය නෑ කියලා..එයා ඉක්මනින් පවන්ගේ රෑම් එකට දිව්වා..
“අනේ සර් සර්.. ඉක්මනින් එන්නනකෝ…“
පවන් ටේබල් එකෙන් නැකිටින ගමන් ඇයි දරුවෝ කියලා ඇහුවා..
“අනේ නෙතුමි මිස් කතා කරන්නේ නෑ සර් සිහිය නෑ..“
ඒ සැනින පවන් විදුලි වේගෙයන් නෙතුමිගේ කැබින් එකට ගිහින්..නෙතුමිව එහෙමම හොස්පිට්ල් ඇඩ්මිට් කලා…
ටික වෙලාවකින් නෙතුමිට සිහිය ආවා.. එතකොට තමයි පවන්ගේ ඇගට ලේ ටිකක් ඉනුවේ..
“මොකද දරුවෝ වුනේ…මං කිව්වනේ උදේම අමාරු නම් ගෙදර යමු කියලා…“😳😳
“අනේ මේ දරුවා කලබල වෙලානේ…දැන් හොදයි මට..
“මිස්ටර් පවන් කොන්ගැඩුලේෂන්…ඔයාලා පේරන්ස්ලා වෙන්න යන්නේ…ඔයාගේ වයිෆ් ෆෙග්නට්…“
“ඔහ් රියලි ඩොක්ටර්…“ කියලා පවන් එතන තිබුන පුටුවේ වාඩි වුනා..
“මට ඒක දැනුනා මහත්තයෝ…මේ ටිකේම පොඩි පොඩි වෙනස්කම්…“🥹🥹
“ඉතිං කියන්න එපැයි කෙල්ල… මෙහෙම වෙන්නේ නෑ නේ එහෙනම්..
ඒත් එක්කම වගේ පවන් පාත්වෙලා නෙතුමිගේ බඩට කිස් එකක් දුන්නා…❤️❤️❤️❤️🥹🥹
ඊටත් මාස 9කට පස්සේ නෙතුමිටයි පවන්ටයි ලස්සන කෙලි පැටියෙක් ලැබුනා… පවන් හරි ආදරෙයි මේ අම්මටයි දුවටයි..නෙතුමිත් එහෙමයි…මේ අතරේ තුහින ඇක්සිඩන්ට් වෙලා එක කකුලක් කපලා තිබුනා.. තුහිනගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයාට ගොඩාක් දේවල් තේරුම් ගියත් ඒ හැමදේටම පරක්කු වැඩි වෙලා තිබුනා… ඒ වෙනකොට එයාගේ ගර් ල් වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලත් තිබුනා..තුහිනගේ තාත්තා ඔය අතරේ නෙතුමිගේ පුංචි පැටිය බලන්න කොට්ටාවේ ගෙදරට ආවේ..
“මට ලැබෙන්න තිබුන වාසනාව නැති වුනා දුව.. එත් දැන් මගේ කොල්ලා ඒ ගැන සැහෙන්න පසුතැවෙනවා…පුලුවන් දවසක අපිව බලන්න ඇවිත් යන්න..ඔයා හැමදාමත් මගේ දුව..“
කියලා තුහිනගේ තාත්තා අඩ අඩ ගියා..පවන්ටත් දුකයි… ඊටත් මාසයකට විතර පස්සේ තුහිනව බලන්න යමු කියලා කිව්වේ පවන්මයි…
මාස 5ක කෙලි පැංචියවත් අරගෙන නෙතුමියි පවනුයි මහනුවර ගියේ තුහිනව බලලා එන්නමයි..
ගෙට ගොඩ වෙනකොටම තුහිනගේ අම්මා කෙල්ලව වඩා ගත්තේ හරි ආදරෙන්..ඊටත් ටිකකට පස්සේ නෙතුමියි පවනුයි ගියේ තුහිනගේ කාමරේට.. රැවුල වවාගෙන වීල් චෙයා එකේ ඉදන් ඈත වෙල්යාය දිහා බලා ඉන්න තුහින දැක්කම නෙතුමිට දුක හිතුනා..මොනව වුනත් පණ ඇරලා ආදරේ කලානේ කියලා..
“තුහින …
“අනේ නෙතුමි මට සමාවෙන්න නෙතුමි…මම ඔයාට කරපුවට අද විදෝනවා…අනේ මට සමාවෙන්න නෙතුමි…
“මම ඔයාට සමාව දීපු නිසයි ඔයාගෙන් අයින් වුනේ තුහින..
“අනේ මට ඔයා එක්ක තනියම විනාඩි 5ක් කතා කරන්න දෙන්න..“තුහින වැදලා ඉල්ලුවා..
“මම එළියෙන් ඉන්නම් දරුවෝ…ඔයා කතා කරලා එන්න..“
පවන් අනිත් පැත්ත හැරෙනවත් එක්කම නෙතුමි පවන්ගේ අත හයියෙන් අල්ලගත්තා..
“ඔයා ඉන්න මහත්තයෝ..මගේ යුතුකමක් කියලා හිතලා ඔයාව බලන්න ආවේ..මට මගේ මහත්තයා නැතුව ඔයා එක්ක කතා කරන්න දේවල් නෑ තුහින..ඔයාට මං නැහිගෙන ආදරේ කලා තමයි..ඒත් මට ලැබුන දෙයක් නෑ..ඒත් මේ මනුස්සයා මගේ ජිවිතේට ආපු දවසේ ඉදන් මං වෙනුවෙන් නොකරපු දෙයක් නෑ…
“මං දන්නවා නෙතුමි.. මට මේ වරද හදාගන්න බැරිද ?“
“කවදාවත් බෑ තුහින..ඒ එක්කම අම්මා චුටි පැටියව අරන් ආවා..තුහිනට පෙන්නන්න..
“කාගේද අම්මා.. “කෝ මාමි අතට එන්න…
“කෙල්ල වඩාගෙන හුරතල් කරද්දි , “දුවගේ පැටියා පුතේ ..ආසාවේ බෑ..අම්මා කිව්වා..
ඒත් එක්කම තුහින නෙතුමිගේ මුණ බැලුවා.. මට සමාවෙන්න නෙතුමි ,මං ඔයාගේජිවිතේට ආයේ එන්නේ නෑ… “කිව්වා…
කෙල්ල තවත් ඉන්න බෑ කියලා හිතුන නිසා දරුවත් අරන් අම්මට වැදලා වාහනේට ආවා.
පවන් එන්න හැරෙනකොටම…
“මචං මනුස්සයෙක්ට කවදාවත් නැති වෙන්න හොද නැති ගැණීයෙක් නෙතුමි කියන්නේ.. පරිස්සම් කරගනින්..ඒකි උඔට පණ වුනත් දෙයි…“
“මං ඒක දන්නවා මචං… මං කෙල්ලව බලාගන්නම්… “කියලා පවන් තුහිනගේ උරිස්සට තට්ටුවක් දාලා ආවා..
මග එනකොට කෙල්ල නිදි… නෙතුමිත් ලොකු කල්පනාවක…
“මොනවද ඔය හැටි කල්පනා කරන්නේ දරුවෝ…“
“මුකුත් නෑ දරුවෝ…දෙවියෝ තුහිනව මගෙන් ඈත් කරන්න ඇත්තේ ඔයාව මගේ ජිවිතේට ගෙන්න වෙන්න ඇති කියලා හිතුවා…“
“හැමදේම වෙන්නේ හොදට මැණිකේ… “ පවන් හරි ආදරෙන් කිව්වා…❤️❤️❤️🥹🥹🥹
ඉතිං නෙතුමි, පවන් ජිවිතේ දැන් විදිනවා.. අපිට විදවන්න තියෙන දේවල් ජිවිතෙන් ඈත් කලාම අපිට විදින්න දේවල් ලැබෙනවා..ඒ විතරක් නෙමෙයි මනුස්සයෙක්ගේ අවාසානාව කියන්නේ වාසනාවට කපලා දෙන පාරක් කියලා නෙතුමියි පවනුයි දෙන්නම විශ්වාස කලා…❤️❤️