සද එළිය ඔබ 5 - පස්වැනි දිගහැරුම



පසුගිය කොටසින්

" පුතේ වොෂ් එකක් දාගෙන එන්නකො..මං කෑම ලැස්ති කරන්නම්.."

" හා ආන්ටි...

සහස්නා වොෂ් එකක් දාගෙන එන කොට විපුලි සුවදට පැස්ටා එකක් හදලා තිබුනා.. දෙන්නත් එක්කම

මේ සේට වෙලා කාලා නැගිටින්න හදන කොටම විපුලිට කොල් එකක් ආවා..

අද එතැන් සිට..

විපුලි ෆොන් එක අතට ගත්තේ මද සිනහවක් නන්වා ගනිමින්...

'' මං ඒත් බැලුවා පුතේ ඇයි කතා කලේ නැත්තේ කියලා..."

'' මං පොඩි වැඩක ඉදියේ චුටි අම්මා... කාලා එහෙමද ? "

'' කන්න කලින් තමයි මං මේ අරන් බැලුවේ ? "

" අනේ රත්තරං අපි මේ කෑවා විතරයි... ඔයත් කන්න.. මම හෙටත් ගෙදර..කෙල්ලව එක්ක ගෙන

පොඩ්ඩක් එළියට යන්න හිතුවේ..."

"මාත් එන්නද චුටි අම්මා..."

" අහන්නත් දෙයක්ද චුටි මැණික එන්න ඔයා... “

එහෙම කියලා විපුලි ෆොන් එක තිබ්බා...

ධනුජ අයියා පුතේ... ඔහොම තමයි දවසකට සැරයක් නම් අනිවාර්යයෙන් කතා කරනවාමයි....

"

"

අනේ ඔව් ආන්ටි අයියා පව්.. හරිම හොදයි.. "

'' අයියගේයි අක්කගෙයි මනුස්සකම් ඒ දරුවෝ දෙන්නටම ඒ විදියට පිහිටලා තියෙනවා..."

අපි ඊට පස්සේ ටික වෙලාවක් කතා කර කර ඉදලා.. නිදාගත්තා... මම කල්පනා කලේ මගේ ජිවිතේ

ගැන..මට ආච්චි අම්මව හැමවෙලෙම මතක් වුනා.. පව් මං නිසා සැහෙන්න දුක් වින්දා...

පහුවදා උදේ විපුලි නැගිටිනකොට හරිම සුවදක් ආවා.. ඒත් කවුද උයන්නේ කියලා බලන්න විපුලි

දුවගෙන කුස්සියට ආවා.. අනේ කෙල්ල එනකොට කිරිබත් හදලා කෑලි කපනවා.. විපුලිගේ දෑස්

තෙත්වුනා..

" අනේ ඇයි රත්තරං ඔයා මෙහෙම..මං උයනවනේ.. "

" අනේ මං ආසයි ආන්ටි උයන්න..අද මගේ අතින් හදපුවා කමුකෝ.. " කියලා මං ආන්ටිව යැව්වා වොෂ්

දාගෙන එන්න..

ඒත් එක්කම වගේ ගෙදර බෙල් එක රින්ග් වෙන නිසා මම ගිහින් දොර ඇරියා ..එකපාරටම ධනුජ අයියා

ගල් ගැහිලා වගේ මගේ දිහා බලාගෙන ඉදියා...

මටත් මුකුත් කරගන්න බැරි වුනා.. ලැජ්ජත් හිතුනා..

" ඇයි සර්..

"නෑ .. නෑරූ නංගි.. " ධනුජට ගොත ගැහුණත් එක්ක..පුංචි සුරංගනාවියක් උදේ පාන්දරම දැක්කා

වගේ.. ධනුජට හිතුනා.. පස්සේ ලැජ්ජත් එක්ක නිසා කොල්ලා කෙල්ල පස්සෙන් ගියා..

'' ගුඩ් මොනින් චුටි අම්මේ.. ''

" අනේ රත්තරං ගුඩ් මොනින් " කියලා විපුලි කොල්ලව ඉම්බා..

" බලන්නකෝ චුටි පුතේ නංගි පණ්ඩිත වැඩ කරනවනේ.. මගේ මේ හිසර දේ නිසා මට ටිකක් නින්ද

ගියා..මේ කෙල්ල නැගිටලා කිරිබතුත් හදලා..

ධනුජ කෙල්ල දිහා හරි අහිංසක විදියට බලලා හිනාවුනා...

'' චුටි අම්මේ අපි සුසිලා ආච්චි අම්මව ආයේ පොඩ්ඩක් කතා කරගම් නේද ? "

'' ඔව් පුතේ මං කිව්වා.. නවතින්නම එන්න කියලා..හෙට ඉදලා.. "

සුසිලා ආච්චි තමයි විපුලි එක්ක තනියට ඉදියේ.. උදේ උයලා.. බත් බෙදලා දිලා.. ගෙදර වැඩ ටික

කරගෙන ඉදියේ සුසිලා ආච්චි.. විපුලි ටික දවසකට රට ගියපු නිසයි සුසිලා ගෙදර ගිහින් එන්න ගියේ..

කෙල්ලයි විපුලියි ඉක්මනට කෑම මේසේ ලෑස්ති කලා.. කෙල්ල කිරිබත් හදලා..සැමන් කරියක් එක්ක

,කට්ට සම්බෝලෙකුත් හදලා තිබුණා. ක්වදාවත් ධනුජ මෙහෙම කාලා තිබුනේ නෑ... විපුලිත්

එහෙමයි.. කට්ටියම මෙසේ ඉදගෙන කන්න ලෑස්ති වුනා.. ධනුජ කිරිබත් බෙදාගෙන ඉස්සලාම කෑල්ල

කාලා කෙල්ලගේ මුණ දිහා බැලුවා..

" ඇයි සර් " කෙල්ල බයෙන් වගේ ඇහුවා..

" අම්මෝ නංගි ඒ රස... කවදාවත් මේ තරම් රසට කාලා නෑ.. " ධනුජ කිව්වා..

'' අම්මෝ මැණික මාර රසයි.. " විපුලිත් කන ගමන් කිව්වා.. සහස්නට සතුටුයි...

පස්සේ තුන්දෙනාම ඇදගෙන වාහනේට ගොඩවුනා.. ධනජ ඉස්සරහින් නැග්ගා..විපුලි තමයි වාහනේ

ඩ්‍රයිව් කලේ.. දවස් 10 වගේ වෙනකොට තුන්දෙනාම දියතට ආවා.. කෙල්ල නම් කවදාවත් මෙහෙම

ඇවිදලා නෑ.. ඒ නිසා කෙල්ලට ආසා හිතුණා. විපුලි කෙල්ලගේ අතකින් අල්ලගෙන තමයි

ඇවිද්දුවේ...මොකද ගොඩාක් දුර කෙල්ලට තාම ඇවිදින්න අමාරුයි...

ටිකක් ඇවිදලා.. කට්ටිය එක්ක මැක්ඩොනල්ඩ් එකට ගිහින් කෑවා.. කෙල්ල නම් කවදාවත් මෙහෙම

තැනකටවත් ගිහින් තිබුනේ නෑ.. ඊට පස්සේ කට්ටියම බීච් එකට ගිහින් .. ඊට පස්සේ One galle face

ගිහින් ෂොපින් කලා... විපුලි තමයි කෙල්ලට ඇදුම් අරන් දුන්නේ... ධනුජ බිල් කරන්න හැදුවත් විපුලි

බලෙන්ම වගේ බිල් කලා.. ඊට පස්සේ ධනුජ තනියම ෂොප් එකකට ගිහින් මොනවද අරන් ආවා..මේ

වෙනකොට හවස 5ට වගේ වෙලා.. ඒ නිසා කට්ටිය ගෙදර ආවා.. විපුලි එක්ක ඇතුලට යන කෙල්ලට

නම කියලා ධනුජ කතා කලා..

" සහනා.. සහනා.. "

" ඇයි සර්.. “

" මට සර් කියන්න එපා ළමයෝ. අයියා කියන්න... හෙට උඩවලවේ යන්න ඕනි..ලෑන්ඩ් එකේ කේක්ස්

එකට කට උත්තරයක් දෙන්න.. මා එක්ක යමුද? "

" හා සර්... සහස්නට කියැවුනා..

'' ආයෙත් කියනවා.. ආ මේක තියාගන්න ඔයා.. "

"තැන්කියු අයියේ.. "

ධනුජ ගියාට පස්සේ තමයි කෙල්ල ගෙට ආවේ... විපුලි මේ හැමදේම බලාගෙන තමයි ඉදියේ.. විපුලි

හදවතින්ම සතුටු වුනා.. මොකද ධනුජ කියන්නේ නරක කොල්ලෙක් නෙමෙයි කියලා විපුලි

දන්නවා.. බිනුජ නම් එහෙම නෑ.. දැනට කෙල්ලෝ 5ක් 6ක් එක්ක යාලුවෙලා ඉදියා කියලා විපුලි

දන්නවා...

කොහොම හරි විපුලි ආවේ රෑට කෑමත් අරගෙන ඒ නිසා විපුලි එයාගේ යාලුවෙක්ට කෝල් එකක්

ගත්තා. ඒ අතරේ සහස්නා ගිහින් ධනුජ දීපු බෑග් එක ඇරලා බැලුවා.. එකේ තිබ්බේ ලස්සන වොව්

එකක්..සහස්නා ඒක දාගෙන ඇවිත් විපුලිට පෙන්නුවා..

"අනේ මැණික ලස්සනයිනේ... කවුද දුන්නේ අපේ කොල්ලද ? "

සහස්නා ඔලුව වැනුවා.. මේ සුරංගනාවි නම් වුටි පුතාටම මවලද කොහේ කියලා විපුලිට හිතුණා...

ඒත් එක්කම ගේ ඉස්සරහ වාහනයක් නතර වුනා.. විපුලි කල්පනා කලේ කවුද මේ රෑ ආවේ කියලා..

විපුලි ගිහින් දොර ඇරියම ඉදියේ රණගෙදර මහත්තයා..

' අනේ අයියේ මං බය වුනා.. කොල් එකක් දෙන්න එපැයි.." එහෙම කියන කොටම බිනුජත් වාහනෙන්

බැහැලා ආවා..

'' කොහොමද පුතේ.. මෙහේ හොදයිද ? '' රණ ගෙදර මහත්තයා ඇහුවා..

"හොදයි අන්කල්.. වරදක් නැහැ.. " සහස්නා කිව්වා..

"ඉන්න අයියා මං තේ එකක් හදාගෙන එන්නම්... "කියලා විපුලි කුස්සියට යනකොට කෙල්ලත් ඒ

පස්සෙන් ආවා.. ඇවිල්ලා කෙල්ල තමයි කට්ටියටම කිරි කෝපි හැදුවේ.

" මං බැලුවා අද ඇයි මේ තේ එක මෙච්චර සුවද කියලා.. " රණගෙදර මහත්තයා කුස්සියටම ආවා..

" කෙල්ලට රසට කෑම හදන්නත් පුලුවන් අයියා..බලන්නකෝ කෝපි එකේ සුවද?"

" කොල්ලත් අද දවසම අපි එක්ක ඉදියේ. විපුලි කිව්වා.. ඒත් එක්කම සහස්නා කිරි කෝපි එකක් ගිහින්

බිනුජට දුන්නා..

ෆොන් එක බල බල ඉදපු බිනුජ එක පාරටම අමුතු විදියට සහස්නා දිහා බැලුවා. කෝපි එක ගත්තු
බිනුජ කෙල්ලට අමුතුවට තැන්ක් කලා..කෙල්ල ඒ තරම් හිතුවේ නෑ.. පස්සේ රණගෙදර මහත්තයා
ටික වෙලාවක් ඉදලා යන්න ලෑස්ති වුනා.. බිනුජ යන්න කලින් විපුලිට වැන්දා.. ඊට පස්සේ අමුතු විදියට
සහස්නා දිහා බලලා යන්නම් කිව්වා.. සහස්නා ඔලුව වැනුවා.. ධනුජගේ ලගින්වත් මෙයා නම් තියන්න
බෑ කියලා සහස්නා හිතුවා...
පහුවදා උදේම ධනුජයි ගයානුයි රණ ගෙදර මහත්තයි ආවා.. ඒ සහස්නව උඩවලවේ පොලිසියට
එක්කන් යන්න.... යන ගමන් කන්න කියලා සහස්නා උදේම නැගිටලා කට්ලට් ටිකකුයි,මාලු සැන්විච්
ටිකකුයි හදාගත්තා..විපුලිත් අද වැඩට යන නිසා කෙල්ල අයියලා එක්ක උඩවලවේ යන එක ගැන
විපුලිට සතුටු හිතුණා..මොකද අද හවසනේ සුසිලා ආච්චි එන්නේ ..නැත්නම් කෙල්ල තනියමනේ...
" තාත්ති තේ එකක් බීලා යමුද? නංගිටයි ගයියටයි බඩගිනි ඇති '' ධනුජ කිව්වා..
'' අයියා මං පොඩි සැන්විච් එකක් හදාගෙන ආවේ.. ඒක කමුද ? " සහස්නා හුරතලේට ඇහුවා..
'' ධනුජ පිටිපස්සේ ඉන්න සහස්නා දිහා බලලා හරි ආදරෙන් හිනා වුනා.
'' ඔයා ඕවත් හැදුවද? බොරුවට මහන්සි වෙනවනේ.. "
කට්ටියම කට්ලට් එක්ක සැන්විච් කෑවා..මාර රසට තිබුනා.. වැඩිපුරම කෑවේ ගයියා.. කවදාවත් කාලා
නෑලු එහෙම රසට.. කොහොම හරි උඩවලවට යන කොට දවල් 1 වගේ උනා..කෙලින්ම ගියේ
පොලිසියට යන කොට ධනුජට ඉඩම සෙල් කරපු දෙන්නව ඇරෙස්ට් කරලා තිබුණා.. අපි පොලිසියට
යන කොටම එක මනුස්සයෙක් කෑ ගැහුවා..
" උඹ ලොකු අතු අල්ලගෙන අපිට කෙලවන්නද හැදුවේ සහස්නා.., බලපන් උඹට වෙන දේ.?"
සහස්නා බයේ වගේ ඉන්න කොට රණ ගෙදර මහත්තයා අතින් අල්ලගෙන ඕ අයි සීගේ රෑම් එකට
ගියා..
'' සර් මං උන් දෙන්නව ඇරස් කලා.. සදුදා නඩුව..එදාට පොඩ්ඩක් එන්න වෙයි..කොහොමත් ලොකු
කාලෙකට ඇතලට යයි..මොකද මේක ලොකු වංචාවක්...."
" ඔව් දෙන්න පුලුවන් උපරිම දඬුවම දෙන්න.. " රණ ගෙදර මහත්තයා කිව්වා..
සහස්නා කට උත්තර දෙන කොට ධනුජත් ඒ අසලින් ඉදියා.. කට උත්තරේ අස්සේ මේ අහිංසක
කෙල්ලගේ ජිවිත කතාවත් තියෙනවා නේද කියලා ධනුජ හිතුවා.. උඩවලවේ ඉදන් ගොඩාක් දුර
එනකල් කවුරුත් කතා කලේ නෑ... සහස්නා හරි දුකින් ඉන්නේ කියලා හැමෝටම තේරුණා.. ටික
දුරක් එනකොට රණ ගෙදර මහත්තයා කටහඬ අවදි කලා
'' පුතේ..., ඔයා කැමතිද රට යන්න? රණ ගෙදර මහත්තයා එක පාරටම ඇහුවම.. ධනුජගේ මුණ අදුරු
වෙලා ගියා...

Post a Comment (0)
Previous Post Next Post
//