සද එළිය ඔබ 4- හතරවැනි දිගහැරුම



 පසුගිය කොටසින්.. 👇

“අනේ නංගි ඇයි මෙහෙම ඔයා..ඇයි ඔයා මාව බේරුවේ..මේ එක දවසක් දැකපු මනුස්සයව..අනික එදා මම ඔයාට බැන්නත් එක්ක.. අනේ නංගි සමාවෙලා නැගිටින්න..මම ඔයාට පොරොන්දු වුනා ඔයාව බේරගන්නවා කියලා..ඔයා හිනාවුනේ.. අනේ නංගි මට මෙහෙම කරන්න එපා.. නැගිටින්නකෝ..” ධනුජගේ ඇස් වලින් වැටෙන කදුලු කෙල්ලගේ අතට වැටෙනවා..

“අනේ ගයියා.. අනේ තාත්ති නංගිව බේරගන්නකෝ...” මට ජිවත් වුනත් හැමදාම මැරි මැරි විදවන්න වෙයි තාත්ති මං නිසා මේ කෙල්ල නැති වුනා කියලා..

“ අනේ රත්තරං අඩන්න එපා... “ සේපාලි ධනුජව බදාගත්තා...

ඒත් එක්කම කලබල වුනු නර්ස් කෙනෙක් අනේ ඩොක්ටර් ඉක්මනට එන්න කියලා කෑ ගැහුවා..

අද එතැන් සිට👇👇👇👇

“ඩොක්ටර් පේෂන්ට්ගේ හාර්ට් බීට් එක වැඩ කරනවා... “ නර්ස් කිව්වා..

ඒත් එක්කම ධනුජ ඔලුව උස්සලා බැලුවා..රණගෙදර මහත්තයත් කෙල්ල ගාවට දුවගෙන ආවා..😳

ඩොක්ටර් අපි හැමෝටම එළියට යන්න කිව්වා.. අපි හැමෝම එළයට ගිහින් පැයකට විතර පස්සේ ඩොක්ටර් එළියට ආවා...

“පේෂන්ට් සිහිය ඇවිත්..ඇත්තටම පුදුම දෙයක් සහන් ඒක , මට හිතාගන්න බෑ.. “ දැන්ම කතා කරන්න එපා..එයාගේ තත්ත්වය කොහොම වෙයිද දන්නෙ නෑ..මොකද ලොකු කම්පනයකින්නේ ඉන්නේ..” 🤔

කොහොම හරි ඊට දවස් තුනකට පස්සේ ධනුජගේ ටිකට් කැපුවා.. කෙල්ලව නොර්මල් වොර්ඩ් එකට දැම්මේ සතියකට විතර පස්සේ.. ධනුජ අම්මි හරි තාත්ති හරි එක්ක හැමදාම කෙල්ල බලන්න ආවා.. මේ කරදර නිසා ධනුජගේ හොටෙල් එකේ වැඩත් අතරමග නතර වෙලා තිබුනේ.. කොහොම හරි කෙල්ලව සනීප කරගෙන කෙල්ලව පිලිවෙලක් කරලම හොටෙල් එකේ වැඩ ටික පටන් ගන්නවා කියලා ධනුජ හිතුවා..ගයියත් ධනුජගේ පස්සෙන්ම වැටිලා ඉදියා..🥹

හෙට කෙල්ලව ඩිස්චාර්ජ් කරනවා කියලා ඩොක්ටර් අත්තනායක රණගෙදර මහත්තයට කෝල් කලා..රණගෙදර මහත්තයා සේපාලිටයි පුතාලා දෙන්නටයි සාලෙට එන්න කිව්වා...

“පුතා හෙට අර දරුවව ඩිස්චාර්ජ් කරනවා.. ඉතිං අපි ඒ ළමයට ඉන්න තැනක් බලන්න ඕනි... “ රණගෙදර මහත්තයා කිව්වා... 🤔

“මට ඔයාලව හැමදේකටම වඩා විශ්වාසයි..ඒ නිසා අපිට පුලුවන් දරුවා මෙහේ නවත්තගන්න... ඒත් නැන්දි තනියම නිසා නැන්දි කියනවා කෙල්ලව එයාට දෙන්නලු..“

“එයා කැමති වෙයිද දන්නේ නෑ තාත්ති... “ බිනුජ ඇහුවා..😳

“මං කතා කරලා බලන්නම් මහත්තයා.ඒ දරුවා එක්ක... “සේපාලි හඩ අවදි කලා...🥹

කොහොමහරි කෙල්ලව රණගෙදර මහත්තයා ගෙදරට එක්කගෙන ආවා..ඒ එනකොට විපුලි රණගෙදර ඒ කියන්නේ රණ ගෙදරට ඉන්න එකම වස්තුව එයාගේ නංගි.. ඇවිත් ඉදියා..විපුලි කියන්නේ රණගෙදර මහත්තයගේ එකම සහෝදරී..විපුලි කසාද බැදලා හිටියේ..ඒත් කසාද ජිවිතේ තිබුන කටුක බව නිසාම විපුලි නිතියෙන් වෙන්වෙලා දැන් ඉන්නේ.. සහකාර කොමසාරිස් කෙනෙක් විදියට තමයි සේවය කරන්නේ.. රණගෙදර මහත්තයා විපුලිට මහගෙදරට එන්න කියලා කොයි තරම් කිව්වත් එයා මහගෙදරට ආවේ නෑ..මොකද එයාගේ ජිවිතේ මොනවා වුනත් අයියගේ ජිවිතේ අවුල් කරන්න බැරි නිසා.. කොහොම හරි විපුලි මේ දරුවෝ දෙන්නට පණ ඇරලා..මේ ටිකේම නැතිව ඉදියේ රට සංචාරයකට ගිහින් හිටපු නිසා.. මේ ලංකාවට ආපු ගමන් ධනුජ ගැන දැනගත්තම නැන්දට ඇඩුණා..ඒත් එක්කම තමයි විපුලි ඒ කෙල්ලගේ වගකීම භාරගන්නවා කිව්වේ...

කෙල්ල කා එක්කවත් වැඩිය කතා බහ කලේ නෑ... කකුලේ තිබුන ඩැමේජ් එකයි..තව අතේ වැලමිට ගාවයි බැන්ඩේජ් කරලා තිබුනා...කෙල්ලගේ සුදු මුණ නම් තාමත් කලුතලා වෙලා ගිහින්.. කෙල්ල සේපාලිට වාරු වෙලා තමයි ආවේ.. ධනුජට සතුටක් දැනුනා කෙල්ලව බේරගත්තු එක ගැන..කෙල්ලගේ ටීට්මන්ට් වලට තාත්තිට ලොකු ගානක් වියදම් වුනා කියලා ධනුජ දන්නවා..හොටෙල් එකේ වැඩ වලින් පස්සේ තාත්තිට උදව්වක් කරනවා කියලා ධනුජ හිතා ගත්තා...මොකද මේ දවස් වල රණගෙදර මහත්තයගේ බිස්නස් ටිකක් ඩවුන් වෙලයි තිබුනේ..

ගෙදරට ආවත් කෙල්ල සේපාලි ගාවින් හෙල්ලුනේ නෑ.. ධනුජ කෙල්ලගේ බේත් ටික අරන් ආවා..රණගෙදර මහත්තයා කට්ටියටම ඉදගන්න කියලා..කඩහඩ අවදි කලා..

“පුතේ මං දන්නවා.. පුතාට අමාරු ඇති..ඒත් ඔයා නැත්නම් මගේ දරුවා මට අද නෑ..ඒකට මං ඔයාට මුලු ජිවිත කාලේම ණයගැති... “

“ඒකට කමක් නෑ අංකල්.. ඒක පොඩි දෙයක්.. “

“පුතේ ඔයාට කරදරයක් නැත්නම් ඔයාගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?🤔

“මම සහස්නා අංකල්..මගේ ගම උඩවලවේ..පොඩි කාලේම අම්මා නැතිවුනා..මම ජිවත් වුනේ ආච්චි අම්මා එක්ක..ආච්චි අම්ම අසනීප වුන නිසා මම කොළඔ අරන් ගියා බෙහෙතේ කරන්න..ඒත් මට ආච්චි අම්මව බේරගන්න බැරි වුනා..😭😭

සහස්නගේ ඇස්වලින් කදුලු වැටුණා.. එයා ලගට ගිය විපුලි කෙල්ලගේ ඔලුව අතගෑවා..

“ එතකොට තාත්තා පුතේ.. “සේපාලි කරුණාවෙන් ඇහුවා..😔

“තාත්තා කවුද කියලා මම දන්නේ නෑ ආන්ටි.. අම්මයි තාත්තයි කසාද බැදලා තියෙන්නේ තාත්තගේ ගෙදරට අකමැත්තෙන්.. තාත්තට ගොඩාක් සල්ලි තිබිලා.. එයාලා වැඩකට යනකොට ඇක්සිඩන්ට් වෙලා අපි තුන්දෙනාම.. අම්ම නම් එතනම නැතිවෙලා..පස්සේ තාත්තගේ ගෙදර අය ඇවිත් තාත්තා එක්කගෙන ගිහින්..මාව භාර අරගෙන තියෙන්නේ මගේ ආච්චිඅම්මා..තාත්තා ගැන විස්තරයක් අදටත් මං දන්නේ නෑ.. “

රණගෙදර මහත්තයා සුසුමක් හෙලුවා.. බිනුජයි ධනුජයි දෙන්නම දුකින් වගේ කෙල්ල දිහා බලාගෙන ඉදියා..

“මම සර්ට එදා බැන්නේ ඇයි කියලා අහන්නේ නැද්ද? “ එක පාරටම සහස්නා ධනුජගෙන් ඇහුවා..ධනුජ නිකන් ගල්ගැහිලා වගේ බලාගෙන ඉදියා... “

“සර් හොටෙල් එක හදන ලෑන්ඩ් එක මගේ තාත්තයි අම්මයි තමයි අරන් තියෙන්නේ.. ඒකත් මගේ නමට.. ඒත් මගේ මාමලා දෙන්නා හොර ඔප්පු හදලා තමයි ඒක සර්ට විකුණලා තියෙන්නේ..“ සහස්නා ඇඩුම්බරව කිව්වා..

“ අනේ මං ඒ කිසිදෙයක් දන්නේ නෑ නංගි.. අනික මං ලෝයර් කෙනෙක්ට පෙන්නලා ගත්තේ.. “

“අපි හිතනවට වඩා එයාලා කපටි.. ඒ ලොයර්ට ලොකු ගානක් දිලා තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ.. “

“ OH my Godness මේ මිනිස්සු තියන්න වටින්නේ නෑ..😡😡මං ඔයාට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ නංගි.. “

එකපාරටම සහස්නා නැගිටලා රණගෙදර මහත්තයා ගාවට ගිහින් වැන්දා.. සහස්නාගේ ඉකිබිදුම් හඩ ගේ පුරා රැව්දුන්නා..

“අනේ ඇයි පුතේ මේ? “ රණගෙදර මහත්තයා ඇහුවා..

“සර්ලා දෙවිවරු..ඒත් මම සර්ගෙන් ඒ ලෑන්ඩ් එක ඉල්ලන්නේ නෑ..මම කොහොම හරි ජිවත් වෙන්නම්.. මගේ ජිවිතේ බේරන්න සර්ලා ලක්ෂ ගානක් වියදම් කලා..ඒකට පින් සර්..මට කාත් කවුරුත් නෑ..ඒත් සර්ලව මම කවදාවත් අමතක කරන්නේ නෑ..මට මෙහේ ඉදලා සර්ලට තව කරදරයක් වෙන්න බෑ.. “😭😭

“අපිට ඔයාව කරදයක් නෙමෙයි දරුවෝ..ඔයාලට ඕනි තරම් කාලයක් මෙහේ ඉන්න පුලුවන්.. අපි ඒ මිනිස්සුන්ට කරන්න පුලුවන් උපරිම දේ කරනවා.නිතිය පැත්තෙන්..ඔයාට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ.. “

“මේ මගේ නංගි මෙයා ඔයාව ඇස්දෙක වගේ බලාගනී... “රණගෙදර මහත්තයා විපුලිව තුරුලට අරන් කිව්වා..

සහස්නා ඒ වෙනකොට ඒ ලෙවල් ලියලා ප්‍රතිඵළ අපේක්ෂාවෙන් ඉදියේ..කොහොම හරි කෙල්ල විපුලි එක්ක විපුලිගේ ගෙදරට ගියා..බිනුජ තමයි දෙන්නව ගිහින් ඇරලුවේ..

“ධනුවා ..දැන් උඹේ හිතට හොදයිනේ.. “ගයියා ආපු ගමන් ඇහුවා..මොකද සේපාලි මේ හැමදෙයක්ම ගයාන්ට කිව්වා..

“අනේ ඔව් බං ..ටික දවසක් ඉදලා ආයේ හොටෙල් එකේ වැඩේට බහිමු..මොකද දැන් එහේ තත්ත්වේ.. “

“අව්ලක් නෑ මියුරු ඒ ටික බලාගන්නම් කිව්වා.. “ ගයියා කිව්වා..

“එහෙනම් ඇති.. පව් කොල්ලත් “ ධනු එහෙම කියනකොට ගයානුත් ඔලුව වනවා ඒ කතාව අනුමත කලා..

විපුලි එයාගේ කාමරේට අල්ලපු කාමරේ සහස්නට ලෑස්ති කරලා දුන්නා..විපුලි දවස් දෙකක් නිවාඩු දැම්මා..මොකද විපුලි වැඩට ගියාම ආයේ එන්නේ හවස නිසා..කෙල්ලව ආපු ගමන් තනි කරන්න බෑනේ ඒ නිසා...

“පුතේ වොෂ් එකක් දාගෙන එන්නකො..මං කෑම ලැස්ති කරන්නම්.. “

“ හා ආන්ටි... “

සහස්නා වොෂ් එකක් දාගෙන එනකොට විපුලි සුවදට පැස්ටා එකක් හදලා තිබුනා..දෙන්නත් එක්කම මේසේට වෙලා කාලා නැගිටින්න හදනකොටම විපුලිට කොල් එකක් ආවා..😳😳

ඉතිරිය පස්වැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න...

Post a Comment (0)
Previous Post Next Post
//