පසුගිය කොටසින්
👇👇
“සර් මං උන් දෙන්නව ඇරස් කලා.. සදුදා නඩුව..එදාට පොඩ්ඩක් එන්න වෙයි..කොහොමත් ලොකු කාලෙකට ඇතලට යයි..මොකද මේක ලොකු වංචාවක්... “
“ඔව් දෙන්න පුලුවන් උඵරිම දඩුවම දෙන්න.. “ රණගෙදර මහත්තයා කිව්වා..
සහස්නා කටඋත්තර දෙනකොට ධනුජත් ඒ අසලින් ඉදියා.. කටඋත්තරේ අස්සේ මේ අහිංසක කෙල්ලගේ ජිවිත කතාවත් තියෙනවා නේද කියලා ධනුජ හිතුවා..උඩවලවේ ඉදන් ගොඩාක් දුර එනකල් කවුරුත් කතා කලේ නෑ...සහස්නා හරි දුකින් ඉන්නේ කියලා හැමෝටම තේරුණා.. ටික දුරක් එනකොට රණගෙදර මහත්තයා කටහඩ අවදි කලා..
“පුතේ... ,ඔයා කැමතිද රට යන්න? 😳රණගෙදර මහත්තයා එක පාරටම ඇහුවම..ධනුජගේ මුණ අදුරු වෙලා ගියා...😔😔
අද එතැන් සිට ..👇👇👇
“ මට කියලා කවුරුත් නැති එකේ මම ඕනි දේකට ලෑස්තියි අන්කල්.. “ සහස්නා දිග හුස්මක් අරන් කිව්වා..😳😳😔
ඒ හුස්මේ බර වාහනේ හිටපු රණගෙදර මහත්තයට ,ගයාන්ට ඒ වගේ ධනුජටත් ලොකුවටම දැනුනා..
“පුතාව අසරණ කරන්න හිතාගෙන කිව්වා නෙමෙයි පුතේ..පුතාට හොදට උගන්වන්න හිතුවේ මම“🥹
“මම දන්නවා සර් මට නපුරක් කරන්නේ නෑ කියලා.. “🥹
“පුතා එක්සෑම් ලිව්වා නේද? “ රණගෙදර මහත්තයා ඇහුවා..
“ඔව් සර් මම ආර්ට් කලේ..O/L A9 යි..ආච්චි අම්මට අමාරු නිසයි මම ආර්ට් කලේ.. තව ටික දවසකින් රිසාල්ට් අවුට් කරයි... අන්කල් “😳
“හරි අපි ඒකත් බලලම තීරණයක් ගමුකෝ පුතේ.. “
ධනුජගේ හදවතට මොකක්දෝ සැනසිල්ලක් ඇතිවුනා..මේ කෙල්ල ගැන මේ තරම් හිත වදදෙන්නේ ඇයි කියලා ධනුජට තේරුනේ නෑ..කෙල්ලට ඔක්කොටම කලින් සාධාරණයක් කරන්න ඕනි කියලා ධනුජ කල්පනා කලා..ඒ ගැන තාත්ති එක්ක කතා කරනවා කියලයි ධනුජ හිතුවේ...හවස් වෙන්න කලින් කෙල්ලව විපුලිගේ ගෙදරින් බස්සපු ධනුජලා ගෙදර ගියා..
යනකොට සේපාලි ඉන්නවා බලාගෙන..මේ ජිවිතේ අපි වෙනුවෙන් අම්මි කොයි තරම් බලගෙන ඉන්න ඇතිද කියලා ධනුජ කල්පනා කලා..වාහනේ නවත්තලා අම්මි දිහා හරි ආදරෙන් බලා ඉන්න තාත්ති දකිනකොට ධනුජට හරි ආඩම්බරයක් දැනුනා... මේ වගේ අම්මෙක් තාත්තෙක් ධනුජට ලැබුනේ සසරේ කරපු ලොකු පිනකට කියලයි ධනුජට නම් හිතුනේ...
“ඔයාගේ ලව් එක ඔයා දිහා බලා ඉන්නවා මිසක් බහින්න සිහියක් නෑ... “ධනුජ කියනකොට සේපාලි ලැජ්ජාවෙන් කොල්ලගේ උරිස්සට ගැහුවා..🫢🫢
ඊට පස්සේ කොල්ලා මහන්සියි අම්මි,ඇගට අමාරුයි... කියාගෙන උඩට ගියා..
රණගෙදර මහත්තයා වාහනෙන් බැහැලා ආවේ මොනවදෝ අතේ තියාගෙන... තාත්තා ආපු ගමන් කලේ..අම්මගේ නලල කිස් කරපු එක..😍😍
“මැණිකට පාලුයිද ඉතිං... “
“අපේ මහත්තයා නැති තත්ත්පරෙත් මට හරි පාලුයි.. “අම්මි හරි ආදරෙන් තාත්තිට තුරුළු වෙන ගමන් කිව්වා...
ධනුජ උඩ ඉදන් මේ හැමදේම බලාගෙන..ධනුජ හිතුවේ කවදහරි මගේ දරුවන්ගේ අම්මවත් මේ විදියටම බලාගන්නවා කියලා...😍😍
ධනුජ කාමරේට ගියේ එහා පැත්තේ කාමරේ ඉදපු අයියට කතා කරගෙනමයි..අයියා කතා කලේ නැති නිසා ආයේ කතා කරද්දි ධනුජට ඇහුනේ බිනුජ කාටහරි බනින සද්දයක්..කෙල්ලෙක්වත් වෙන්න ඇති කියලා හිතපු ධනුජ කාමරේට ගිහින් වොෂ් එකක් දාගන්න ගියා..
විපුලි වැඩ ඇරිලා එනකොට සුසිලා ආච්චිත් ඇවිල්ලා ඉදියා.. විපුලි වොෂ් දාගෙන එනකොට කෙල්ල සුසිලා ආච්චි එක්ක හරි හරියට උයනවා..සහස්නා එක්ක ගමනේ විස්තර කතා කර කර ඉදපු විපුලි එකපාරටම කාමරේට ගියා..
ඊට පස්සේ කවරෙක දාපු බොක්ස් එකක් කෙල්ලට දුන්නා..
“මේ මොනවද ආන්ටි“ සහස්නා හරි සතුටින් ඇහුවා..
“බලන්නකෝ මොනද කියලා ඉතිං ?🫢
“අනේ ෆොන් එකක්... “ සහස්නගේ ඇස් තෙමිලා ගියා..😍😍
“මට කවදාවත් මේ තරම් වටින තෑගි ලැබිලා නෑ ආන්ටි..😳🥹🥹
“අනේ රත්තරං අඩන්න එපා..ඕක ඔය තරම් දෙයක්ද?
😔😔
පහුවදා උදේම විපුලි වැඩට ගියේ කෙල්ලවයි සුසිලා ආච්චිවයි රණගෙදර මහත්තයගේ ගෙදර නවත්තලා..මොකද සේපාලි තනියම නිසා... විපුලිටත් දුකයි මොකද මේ තාත්තලා පුතාලා වැඩ වලට ගෙදරින් ගියාම ආයේ එන්නේ රෑ වෙලා..එතකල් අක්කා තනියම කියලා විපුලි දන්නවා... ඒ නිසාමයි අද සහස්නව එහේ නැවැත්තුවේ..😍😍
සහස්නා ආවේ පාන්දර 7ට වගේ..මොකද විපුලිට අද මිටින් එකක් තිබුන නිසා ටිකක් ඉක්මනට යන්න වුනා.. සේපාලියි රණගෙදර මහත්තයයි කුස්සියට වෙලා තේ හදන ගමන් තමයි හිටියේ..විපුලි කුස්සියටම ඇවිත් අයියටයි අක්කටයි කියලා තමයි ගියේ... ඒ අතරෙත් බිනුජ නැගිටලා කුස්සියට ආවා..
“ආ නංගිට උදේම අපිව මතක් වෙලා තියෙන්නේ..? කියලා කිව්වා..😳
“ආන්ටි එක්ක ආවේ අයියේ .. “ සහස්නා හිනාවෙලා කිව්වා..
“අම්මි මට තේ එපා..උදේම වැඩකට යන්න තියෙනවා “
“තේ ටිකක් බීලා යන්නකෝ මැණික.. “
“එපා අම්මි මං බ්රෙක්ෆස්ට් ගන්නම් මගින්.. “
සේපාලිට දුක හිතුනා කියලා දැනුන නිසාදෝ රණගෙදර මහත්තයා කතාව වෙනස් කලා..
“සුසිලා අම්මත් කාලෙකින් දැක්කේ“
“අනේ ඔව් ලොකු මහත්තයෝ..ඊයේ හවස ආවේ?
රණගෙදර මහත්තයා එහෙම සාලෙට එන්නත් කලින් බිනුජ ගිහින් තිබුණා.. ලොකු පුතා දැන් ටික දවසක ඉදන් වෙනස් නේද කියලා හිතුනත් රණගෙදර මහත්තයා සද්ද නැතුව ඉදියා..
උදේ දහයට විතර එළියට යන්න ලෑස්ති වුන රණගෙදර මහත්තයා සේපාලිගෙන් ධනුජ ගැන ඇහුවා..
“මැණිකේ පොඩි එකා කෝ? මෙච්චර වෙලා නිදියන්නේ නෑනේ? “
“ඉන්න මහත්තයා මං ගිහින් බලන්නම්“
උඩට ගියපු සේපාලි “අපේ මහත්තයා ඉක්මනින් එන්නකෝ“ කියලා කෑ ගැහුවා..😭😭
ඒත් එක්කම සහස්නයි සුසිලා ආච්චියි රණගෙදර මහත්තයගේ පස්සෙන් දිව්වා..
“ඇයි මොකද මොකද වුනේ ? 😳
“අනේ කොල්ලා කතා කරන්නේ නෑ..ඇග ගිනි මැලේ වගේ.. අනේ මහත්තයා ඉක්මනට හොස්පිට්ල් එකකට අරන් යං.. “
රණගෙදර මහත්තයා ධනුජව දෝතටම වඩාගෙන ඉක්මනින් ලංකා හොස්පිට්ල් එකට ගියා.. විපුලි අඩනවා.. සහස්නා වතුර වලින් කකුල් තවනවා..රණගෙදර මහත්තයා විනාඩි 5ක් ඇතුලත හොස්පිට්ල් එකට ආවා..
“ධනුජව ඇතුලත් කරපු ගමන් රණගෙදර මහත්තයා ඇස්වල කදුලු පුරෝගෙන කිව්වේ..
“අනේ ඩොක්ටර් මගේ දරුවා “කියලා..
උණ හොදටම වැඩි වෙලා තියෙන්නේ සහන්..මම නම් හිතන්නේ ඩෙංගු ..අපි ඉක්මනින් ට්‍රීට්මන්ට් කරන්නම්...
“අපි කොල්ලා ගැන බලනවා මදිද සේපාලි.. මාත් එක්ක එහෙ මෙහෙ ගිය කොල්ලට උණ කියලා මං දන්නෙත් නෑ.. “රණගෙදර මහත්තයා ඇඩුම් මැදින් කිව්වා...😔😔
එදා රෑ වෙනකොට ධනුජට සිහිය ආවා..ඊට පස්සේ තමයි ධනුජව රෑම් එකකට මාරු කලේ.. ඒ වෙනකල්ම සහස්නා ඉදියේ අඩ අඩ.. මොකද ධනුජ ගැන ලොකු හැගිමක් කෙල්ලගේ පපුවේ තිබුනා..😔😔
ධනුජව රෑම් එකට දාපු ගමන් රණගෙදර මහත්තයි සේපාලියි ගිහින් ධනුජව බදාගත්තා..
“අනේ රත්තරං අමාරුවක් තිබුන නම් කියන්න එපැයි.. “😭😭
“රෑ ටිකක් අමාරු වුනේ අම්මි...අයියට කිව්වා අම්මිට කියන්න කියලත්... “😔😔
“මේ යකාට මොකෙක් හරි වැහිලා..නිකමට කිව්ව නම් මෙහෙම දෙයක් වෙනවද? රණගෙදර මහත්තයා කෙන්තියෙන් කිව්වා..
“ එතකොට තමයි ධනුජ ඈතින් අඩ අඩ ඉන්න කෙල්ලව දැක්කේ..
“නංගි ආවේ කොයි වෙලේද තාත්ති?🥹🥹
“ එයා උදේ ඉදන් අපේ දිහා පුතේ..මේ වෙනකල් කෙල්ලත් ඇඩුවා.. “
ධනුජ ඔලුවෙන් කෙල්ලට ලගට කතා කලා...
“අඩන්න එපා නංගි.. “😔
“මට තිබුනා අයියා ගැන හොයලා බලන්න...ඒත් ඊයේ මහන්සියෙන් වගේ ඉන්නවා කියලා හිතුනා..ඒත් මම හිතුවේ නෑ මෙහෙම දෙයක් අයියේ... “කෙල්ල ආයේ අඩන්න ගත්තා..
මේ කෙල්ලත් දැන් පවුලේ කෙනෙක් වෙලා නේද කියලා රණගෙදර මහත්තයට හිතුණා..
ටිකක් වෙලා යනකොට විපුලිත් දුවගෙන ආවා..
“දැන් කොහොමද මැණික“ විපුලි හරි ආදරෙන් ඇහුවා...
“දැන් ටිකක් අඩුයි චුටි අම්මියෝ... “
මේ සුප එක බොමු දැන්...විපුලි හදාගෙන ආපු සුප් එක පොවන්න ලැස්ති වුනාම ලග ඉදපු සහස්නා කිව්වා එයා පොවන්නම් කියලා...
“ කෙල්ල හරි ගෞරවයකින් තමයි කොල්ලට සුප් එක පෙව්වේ.. “
“ බොන්න බැ නංගි හරි අප්පිරියයි... “😔
“අනේ එහෙම කියලා බෑ අයියේ චුට්ට චුට්ට බොමුකෝ.. අඩුවෙයි ඉක්මනට.. “
දැන් රෑ 12ටත් කිට්ටු නිසා විපුලිවයි සේපාලිවයි සහස්නවයි ගෙදරට ගිහින් බස්සන්න තමයි රණගෙදර මහත්තයා හිතුවේ..
“අනේ අංකල් මම අයියා ගාව ඉන්නම්... මට දාලා යන්න දුකයි... “
රණගෙදර මහත්තයට මොකක්ද වෙලා ගියා.. කොල්ලට මේ කෙල්ල හරි ආදරෙයි නේද කියලා හිතුනා...
“පුතාට පුලුවන්ද ?
“පුලුවන් අන්කල්..මම ඉන්නම්...
රණගෙදර මහත්තයා ආයේ එනකොට බිනුජයි ගයානුයි එයා එක්ක ආවා... ඒ කට්ටිය එනකොට ධනුජට නින්ද ගිහින් තිබුණත් සහස්නා හිටගෙනම කොල්ලගේ කකුල් මසාජ් කරනවා...
“පුතාට අමාරුයිනේ පුතේ..දැන් චුට්ටක් නිදාගන්න... “රණගෙදර මහත්තයා හරි ආදරෙන් සහස්නගේ හිස අතගාලා කිව්වා...🥹🥹
“අනේ නෑ අන්කල්... “🥹
බිනුජත් කොල්ලා දිහා බලලා ඊලගට ඇස් දෙක කැරකෙව්වේ සහස්නගේ පැත්තට...ගයානුත් ඒක දැක්කා...😒
සහස්නට ඒ බැල්ම ටිකක් බය වුනත් ගණන් නොගෙන ඉදියා..ධනුජ වගේ නෙමෙයි මෙයා ටිකක් අමුතුයි කියලා සහස්නට හිතුණා...
ටිකක් වෙලා ඉදපු බිනුජ යන්න ගියේ සහස්නා මල්ලි ගාවින් හෙලවෙන්නේ නෑ කියලා දන්න නිසාමයි..රණගෙදර මහත්තයා ඉදගෙන ඉදපු පුටුවෙම නින්ද ගිහින් තිබුනා...ගයාන්ටත් එහෙමයි..
උදේ 5ට වගේ තමයි ධනුජ ඇහැරුනේ.. ධනුජගේ ඇදේ ඔලුව තියාගෙන ඉන්න කෙල්ලව ඇක්කම ධනුජට හිල්ලුනා...පව් මුලු රෑම ඇහැරලා..ඊට පස්සේ ධනුජ බැලුවේ රණගෙදර මහත්තයා දිහා.. “පව් තාත්ති ඔයා... “කියලා ධනුජ හිතින් හිතුවා..
ඊට පස්සේ කලේ ධනුජ ෆොන් එක බලපු එක.. දන්නේ නැති නම්බර් එකකින් කෝල්ස් ගොඩාක් අරන් තිබුනා... ඊටත් පස්සේ වට්ඇප් එකේ තිබුන ෆොටෝස් ටික දැක්කම ධනුජට එක පාරටම නැගිට්ටුනා...😳😳
ඉතිරිය 07 වැනි කොටසින්...ඉතිං කතාව ගැන ඔයාගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න