නෙතුමි දිසානායක වන මම මෙහි සිටිනි තුහින සදරැවන් ඒකනායක වන අයව මාගේ නිත්‍යානුකුල ස්වාමි පුරුෂයා බවට පිලිගන්නා බවත්….. ටිකෙන් ටික නෙතුමිට අතීතය සිහිවුනා..ඒ දවස් කොයි තරම් නම් ලස්සනද? නෙතුමි දිග සුසුමක් පිටකලා…නෙතුමිට බහින්න තිබුනේ ඊළග හොල්ට් එකෙන්… අමාරුවෙන් බඩු මල්ලත් උස්සගෙන නෙත්මි බස් එකෙන් බැස්සා..
නෙතුමි බැදලා දැන් අවුරුදු 3ක් වෙනවා..එයාලා බැදලා පදිංචි වුනෙත් මේ කටුක කොලඔමයි..මොකද තුහිනට ලැබුන එපාර්ට්මන්ට් එකක් තිබුණා..ඒකේ තමයි තුහිනයි නෙතුමියි ඉදියේ..නෙතුමිත් පොඩි ජොබ් එකක් කලා..තුහින නම් මුලින් කැමති වුනේ නෑ…😒
නෙතුමිගේ ගෙවල් පිළිමතලාවේ… තුහින නුවර… වංශක්කාර පවුලක ලොකුම කොල්ලා.. ඒත් තුහින සේවය කලේ පෞද්ගලික ආයතනය විධායක නිලධාරියෙක් විදියට.. ඉන්න නිවාසයක්,වාහනයක් වගේම සැලකිය යුතු වැටුපක් තුහිනට ලැබුණා..නිවාඩු ලැබුන ගමන් තුහිනයි නෙතුමියි එයාලගේ ගෙවල්වලත් ගියා.. නෙතුමියි තුහිනයි දෙන්නම දරුවෙක් බලාපොරොත්තුවෙන් තමයි ඉදියේ…නෙතුමි සේවය කලේ ඇඩ්වටයිසින් කම්පැනි එකක..
ටික කාලයක ඉදන් තුහිනගේ වෙනස්කම් ගොඩාක් නෙතුමිට දැනුනා..එ්ත් දැන් රැකියාවේ වගකීම් වැඩි නිසා එහෙම වෙනවා ඇති කියලා නෙතුමිට හිතුනා.දෙන්නා තනියම ජිවත් වෙන නිසා ඕනවට වඩා එයාලගේ පවුල් ජිවිතවලට ඇගිලි ගහන්න කවුරුත් ආවේ නෑ.. නෙතුමි විතරයි නෙතුමිගේ පවුලේ ඉදියේ..නෙතුමිගේ තාත්තා නැති වුනේ නෙතුමි පුංචි කාලෙදිමයි…තුහිනගේ පවුලේ ඉදියේ තුහිනයි එයාගේ මල්ලියි තාත්තයි අම්මයි තමයි…😳
නෙතුමි බස් එකෙන් බැහැලා ගෙදර ගියේ හවස 5ට වගේ.. ගිහින් වොෂ් එකක් දාගෙන උයන්න හදනකොට තමයි දැක්කේ ගෑස් ඉවර වෙලා කියලා...ඉතිං නෙතුමි තුහිනට කෝල් එකක් ගත්තා කෑම එකක් ගෙන්න පුලුවන්ද අහන්න..ඒත් තුහින ආනසර් කලේ නැති නිසා.. නෙතුමි ටවුන් එකට යන්න ලෑස්ති වුනා….
නෙතුමි ටවුන් එකට ගිහින් එලයිට් රෙස්ටෝරන්ට් එකෙන් තුහින ආස නිසා සී ෆුඩ් රයිස් එකක් ගත්තා…බොන්න කෝක් එකකුත් ගත්තා..අරන් පාරට ඇවිත් වීල් එකකට නැග්ගා. නැගලා පැලවත්ත හංදියට යනකොට නෙතුමි දැකපු දෙයින් නෙතුමි ගල් ගැහුනා…නෙතුමි වීල් එකේ අන්කල්ට පොඩ්ඩක් නවත්තන කිව්වා…
නෙතුමිගේ ඇස්වලින් කදුලු කැට වැටෙනවා…😭😭 තුහින ලස්සන ගර් ල් කෙනෙක්ව වාහනේට හේත්තු කරගෙන කෝණඩේ හදනවා.. ඒ ගර් ල්ගේ මුණ ඉඔිනවා…නෙතුමි ඉක්මනින් ෆොන් එක අරගෙන ෆොටෝ එකක් ගත්තා.. ආයේ පාරක් ඒ දෙන්නා දිහා බලලම තමයි නෙතුමි වාහනේට නැග්ගේ…
නෙතුමි ගෙදර ආපු ගමන් ඇදට වැටුනා…එහෙනම් මේකයි ඔයාගේ වෙනසට හේතුව තුහින.. නෙතුමි කොට්ටේ බදාගෙන ඇඩුවා.. කෑගහලා ඇඩුවා ..ඇයි මට මෙහෙම කරන්නේ තුහින…ඒත් එක්කම නෙතුමිට දහම් අයියා මතක් වුනා… දහම් කියන්නේ තුහිනගේ ඔෆිස් එකේ හොදම යාලුවා…නෙතුමි ඉක්මනින් දහම්ගේ නම්බර් එක ඩයල් කලා…
“දහම් අයියා මේ මම නෙතුමි ..“😳
“ඔව් නංගා මං දන්නවා..මං බැලුවා ඇයි මේ කෝල් එක මේ තරම් පරක්කු කියලා..“🙄
“ඒ කිව්වේ අයියා..“🤔
“ඔයා කතාකරන්නේ තුහින ගැන නේද?
නෙතුමිගේ ඉකිබිදුම් සද්දේ දහම්ට ඇහුණා..
“අඩන්න එපා නංගි ..ඕකගෙන් අයින් වෙන්න..ඌ මම හිතපු විදියේ පොරක් නෙමෙයි..ඔෆිස් එකේ කෙල්ලෝ 5ක් විතර අනාථ කරලා ඉන්නේ.. මාත් අයින් වුනා..මං ඉන්න කාලෙත් ඔහොමයි…මට දුක උ/ඔ ගැන නංගි..දෙවියොත් හරි වැරදියි..ඒ වගේ සල්ලාලයන්ට දෙන්නෙම දිව්‍යාංගනාවෝ… පුලුවන් නම් ඉක්මනින් අයින් වෙයන්..ඌට විරුද්ධ වෙන්න යන්න එපා..එහෙම වුනොත් උ/ඔව නොමරා මරයි..“😳😳
නෙතුමි ෆොන් එක කට් කලා.. නෙතුමිට මේ දේවල් අදහාගන්න බැරි වුනා.. තුහින මේ වගේ කෙනෙක් ද? දෙයියනේ… ඇයි මෙහෙම…වෙලාව රෑ 10.30යි.. තුහිනගේ වාහනේ ඇවිත් නතර කලා.. නෙතුමි හිතුවා මේ දේ දන්නවා කියලා තුහිනට අගවනවා කියලා…
“මැණික නිදිද?“🤔
“නෑ තුහින..ඇයි අද පරක්කු…“
“මිටින් වගයක් තිබුනා බබා..“
“කොහෙද තිබුනේ තුහින…
“ කොහොද අහන්නේ ? ඔෆිස් එකේ..
“ ආ එහෙමද මට හිතුනේ පැලවත්තේ කියලා..
තුහින ගැස්සිලා යනවා නෙතුමි දැක්කා…ඒත් එක්කම නෙතුමි ගිහින් ෆොන් එකේ තිබුන ෆොටෝ එක තුහිනට පෙන්නුවා.. නෙතුමිට ඇඩෙනවා … මේ තරම් ආදරෙන් ඉදලා කරපු දේවල්… හොද නෑ තුහින කියලා නෙතුමි කෑ ගහලා ඇඩුවා…😭😭
ඒත් එක්කම තුහින යකෙක් වගේ නෙතුමිගේ ඇගට කඩා පැන්නා..
“මම කරන්නේ මොනවද කියලා උ/ඔ හොයන්න ඕනි නෑ…මම කරන්නේ මට ඕනි දේ.. මේ දේවල් ගෙදරට කියලා තිබුනොත් මං උ/ඔව මරනවා.. උ/ඔට ජිවත් වෙන්න ඕනි නම් ඒ විදියට ඉදපන්… තුහින පැනපු ගමන් නෙතුමිගේ කනට ගැහුවා..ගහලා බිම දාලා කොන්දට පයින් ගැහුවා.. “😡😡
“උ/ඔ මේ දේවල් ඒ කෙල්ලට කිව්වොත් මං උ/ඔට යහතින් ඉන්න දෙන්නේ නෑ.උ/ඔට ඩිවෝස් එක ලැබෙන්නෙත් නෑ….“ තුහින එහෙම කියලා ගෙදරින් එලියට බැහැලා ගියා..😡😡
නෙතුමිට වේදනාව දරාගන්න බෑ.. තුහින ගහපු පාරවල්වලට තොල පැලිලා ..මුණත් ඉදිමිලා.. කොන්ද පාගපු නිසා හුස්ම ගන්නත් අමාරුයි..මේ මොකක්ද මගේ ජිවිතේට උනේ කියලා නෙතුමි කල්පනා කලා.. පහුවදා උදේ වැඩට යන්න අමාරු නිසා නෙතුමි සර් ට කියලා ලීව් එකක් ඇප්රූ කරගත්තා…
මේ විදියට දින සති ගෙවිලා ගියා.. නෙතුමි ඇඩු කදුලින් තමයි දවස ගෙව්වේ…මේ තරම් ලස්සන කෙල්ල මාස දෙකට කොට්ටක් වගේ ඇදිලා ගියා…අම්මත් නිතර කතා කරලා ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.. නෙත්මි හැමදාම කිව්වේ නෑ ..අම්මා වැඩ වැඩි කියලා විතරයි…
නෙතුමි මේ වෙනකල් කතා කලේම නෑ තුහින එක්ක..තුහින ගෙදර ආවත් කලේ ෆොන් එකේ ඉදපු එක විතරයි… නෙතුමි මේ මාස දෙකේම කල්පනා කලේ තීරණයක් ගන්න..දවසක් නෙතුමිට දහම්ගෙන් කෝල් එකක් ආවා…
“දහම් අයියා කියන්න..“😳
“නංගි මං දන්නවා ඔයා දුකින් කියලා.. ඒත් ඔයා ඔය යකාගෙන් අයින් වෙන්න ඕනි…මං දැන් ඔයාට නම්බර් එකක් දෙනවා..ඒ කෙල්ලට ගන්න..ඊට පස්සේ ඔයාම තීරණය කරන්න “
“මං දන්නවා අයියේ ඔයා ගැන..මට අයින් වෙන්නත් එවිඩන්ස් ඕනි..මොකද මෙයා මට ගැලවෙන්න දෙන්නේ නෑ..“
මම දහම් අයියා දාලා තිබුන නම්බර් එකට කෝල් කලා…
“හෙලෝ මම කතා කරන්නේ නෙතුමි..දහම් අයියා තමයි නම්බර් එක දුන්නේ..“
“මැඩම්… මට දහම් සර් විස්තරේ කිව්වා…“😒
“ඔව් කෙල්ල..මට තාම ෂොක් ..මම ආදරේ කරේ මේ වගේ මනුස්සයෙක්ටද කියලා හිතෙනවා..“
“මැඩම් සර් ට සයිකෝ අවුලක් තියෙනවා.. මං වැඩට ආපු මුල සර් මා එක්ක යාලු වුනේ මාව මැරි කරනවා කියලා…ඒත් සර් කලේ මගේ ලයිෆ් එක නැති කරලා..මාව යුස් කරපු එක..කාලයක් ඉදලා ඇති වුනාම සර් අලුත් ඒවට ට්‍රයි කරනවා..ඒවා දැනගෙන සර් එක්ක කතා කරපු නිසා සර් මට ගැහුවේ සතෙක් ට වගේ..සර් මට ඉන්න දුන්නෙම නෑ මැඩම්.. බැරිම තැන මම ජොබ් එකෙන් අයින් වෙලා ගමේ ආවා…“😭😭
“ ඇයි කෙල්ලේ මේ කිසිදෙයක් මට කිව්වේ නැත්තේ..“😒😒
“එහෙම කලා නම් සර් මාව ම/ර/යි මැඩම්..“
“අනේ මැඩම් ඔය මනුස්සයගෙන් අයින් වෙන්න.. ඉක්මනින්… “
ටික වෙලාවක් කතා කරලා මම ෆොන් එක තියලා ඇදට වැටුනා.. මට පිස්සු වගේ…තුහින කියන්නේ එතකොට මේ තරම් ජරා මනුස්සයෙක්ද?ඉක්මනින් තුහිනගෙන් අයින් වෙනවා කියලා මං හිතාගත්තා.. මේ ගැන අම්මට කියන්න මේ සතියේ ගෙදර යන්න තමයි නෙතුමි හිතාගෙන ඉන්නේ..
දන්නෙම නැතුව නෙතුමිට නින්ද ගියා.. ඇහැරෙනකොට රෑ 10ඒ විතර ඇති… නැගිටලා බලනකොට තුහින ඇවිත් නෑ… මේ මාස දෙකේම නෙතුමියි තුහිනයි ඉදියේ කාමර දෙකක.. මොකද නෙතුමිට තුහිනත් එක්ක එක ඇදක නිදාගන්න හිතුනේ නෑ… මොකද තුහින ගැන නෙතුමිගේ හිතේ තිබුනේ අප්පිරියාවක් විතරයි…
පහුවදා උදේත් තුහින ගෙදර ආවේ නෑ… ඉතිං වෙනදා වගේ නෙතුමි ලෑස්ති වෙලා ඔෆිස් ගියා… අද නෙතුමිගේ සරැත් ඔෆිස් ඇවිත් ඉදියේ නෑ… නෙතුමි තමයි ඔෆිස් එකේ හැම වැඩක්ම කලේ.සර් අවුරුදු 35ක විතර කොල්ලෙක්.. සර් ගේ නම පවන් සුරියආරච්චි ..දුප්පත් කොල්ලෙක් ..හෙන කට්ටක් කාලා තමයි අද මේ තැනට ඇවිත් ඉන්නේ…කෝටි ගානක බිස්නස් හදාගත්තේ අවුරුදු ගානක් දුක් මහන්සි වෙලා… සර් හැමදාම කිව්වේ.. නෙතුමි තමයි සර් ගේ දකුණු අත කියලා…
නෙතුමි ගෙදර යනකොට ගියේ පැලවත්තට ඇවිල්ලා..කොත්තු මී පැකට් එකකුයි..කෝෆි පැකට් එකකුයි ගන්න තමයි පැලවත්තට ආවේ..ඒක අරන් හැරෙනකොටම නෙතුමි දැක්කා තුහින වට පිට බල බල ගෙස්ට් හවුස් එකකට අර කෙල්ල එක්ක යනවා..ඉක්මනින් ලෑස්ති වුන නෙතුමි ඒ සියල්ල විඩියෝ කලා..
නෙතුමිටත් ඕනි වුනේ තුහිනගෙන් අයින් වෙන්න..මේ ටිකේම හරියට කෑමක් නැති නිසාදෝ නෙතුමිට ලොකු තෙහෙට්ටු ගතියක් තිබුණා.. ඒත් ටික ටික නෙතුමිට අමාරු වුනා…දැන් සතියක් විතර තුහින ගෙදර එන්නේ නැති හේතුවත් අද නෙතුමි දැනගත්තා.. මේ හැමදේම දාලා ඉක්මනින් මේ අදුරු ජිවිතෙන් අයින් වෙන්න ඕනි කියලා තමයි නෙතුමි හිතුවේ..ලබන සතියෙම ගිහින් ලොයර් කෙනෙක්ම මිට් වෙනවා කියලා නෙතුමි හිතාගත්තා…
රෑ හත වගේ වෙනකොට නෙතුමිට හිතලක් හැදුනා..මුලු ඇගම රස්නෙයි.. උණ කටුව තියලා බලනකොට 108ට උණ තිබුණා..නිවාඩු අරන් මේ අපායේ ඉන්න බැරි නිසා බෙහෙත් ටිකක් ගන්න නෙතුමි හේමාස් රෝහලට ගියා..
නෙතුමි හරි අමාරුවෙන් පුටුවක ඉදගෙන ඉදියා… ඒත් එක්කම දන්න කෙනෙක්ගේ රෑවක් නෙතුමි ඉස්සරහින් දැක්කා..
“නෙතුමි මෙහේ ඇයි..මං මේ ආවා තාත්තිගේ රිපෝට්ස් ටිකක් ගන්න..අරගෙන යන්න හදනකොටම තමයි ඔයාව දැක්කේ.?“😳😳
“අනේ සර්..ටිකක් සනීප මදි වගේ සර් ..බෙහෙත් ටිකක් ගන්න ආවා…“ 🥹🥹
“ඇයි දරුවෝ මුණත් එක්ක සුදුමැලි වෙලා…“
නෙතුමි අමාරුවෙන් හිනා වුණා.. ඊටත් පස්සේ සර් නෙතුමිගේ නලලට අත තිබ්බා..
“කෙල්ල මේ හයි ෆිවර් නේ… “😳😳
“සර් එකපාරටම බයවෙලා නර් ස් කෙනෙක්ට කිව්වම නෙතුමිව ඊලගට ඇතුලට ගත්තා… සරුත් නෙතුමි එක්ක ඇතලට ගිහින් බෙහෙත් අරන් ආවා..සර් නෙතුමිව කාර් එකට නග්ගලා ආයේ ගිහින් තමයි ෆාමසි එකෙන් බෙහෙත් අරන් ආවේ… “
සර් ආවේ වතුර බෝතලයකුත් අරගෙන…
“දරුවෝ දැන්ම බෙහෙත් ටික බොමු…කාලද ඉන්නේ..?
“කන්න බෑ සර් අප්පිරියයි..
“හරි ඉක්මනින් මේ බෙහෙත් ටික බොමුකෝ.. “
සර් හොස්පිට්ල් එක ඉස්සරහ තියෙන කඩෙන් ඉදිආප්ප අරන් ආවා… මං ඉදිආප්ප දෙකක් කාලා බෙහෙත් ටික බිව්වා… සර් මාව ගේ ගාවින්ම බැස්සුවා… හෙටත් ඉදලා අනිද්දා එන්න කියලා තමයි සර් කිව්වෙ..ඒත් මං උදෙන්ම ලෑස්ති වෙලා ඔෆිස් ආවා..සර් එනකොට 8ට වගේ ඇති.. සර් ඔෆීස් රෑම් එකට ගියේ මං ආවද අහගෙනමයි…
මම සර් ගේ රෑම්එකට ගියේ මිස්ටර් මහේන්ගේ කෝටේෂන් අරගෙනමයි…🥹
“මං කිව්වනේ දරුවෝ අද ඉදලා එන්න කියලා…“
“දැන් අඩුයි සර්..“ මම කෝටේෂන් එක මේසේ උඩින් තියලා සර්ට තෑන්ක් කලා..
“සර් ඊයේ කරපු උදව්වලට තැන්කියු…ගොඩාක් පින්…“
“ ඒක මොකක්ද බන්..ඕවත් උදව්ද?කෙල්ල නැත්නම් මගේ බිස්නස්වලට මොනවා වෙයිද කවුද දන්නේ..මට මේ ඔෆිස් එකේ විශ්වාස එකම කෙනා ඔයා විතරයි දරුවෝ…“😳
“මං දන්නවා සර්… යන්නම්..“ කියලා යන්න හැරෙනකොටම..
“නෙතුමි එතකොට හස්බන්.. “ නෙතුමි බිම බලාගත්තා…
“මාස දෙකක් තිස්සේ ඔයාගේ ජිවිතේ මොනවා හරි වෙනවා කියලා මං දන්නවා දරුවෝ…ඒත් ඒ මොනවද කියලා අහන්න බැරැව ඉදියේ..ඔයාව මට ගොඩාක් වටිනවා… මේ බිස්නස් එක ගැන හිතලා කියනවා නෙමෙයි…ඔයා වගේ අය ලැබෙන්නේ නෑ,.. ඒ නිසා දෙයක් තියෙනවා නම් කියන්න..මම කරන්න පුලුවන් දෙයක් නම් කරන්නම්…“
“මම සර් ට නොකියා ඉන්නෙ නෑ සර්.. “😳
මම වැඩකලේ බොරැල්ලේ.. එපාර්ට්මන්ට් එක තියෙන්නේ පැලවත්තේ.. ඉතිං මම බොරැල්ලට ගිහින් 174 බස් එකේ තමයි ගෙදර යන්නේ… මම බස් එක ගන්න යනකොට වාහනයක් නවත්තලා හොන් කරනවා.. බලනකොට සර්..
“මමත් අද කලින් යනවා දරුවෝ…තාත්තිව 8ට ඩොක්ටර් ට පෙන්නන්න තියෙනවා..යමු මා එක්ක…“
ඔහොම යනකොට මම සර් ට මගේ කතාව කිව්වා.සර් සද්දයක් නැතුව අහගෙන ඉන්නවා…
“එතකොට දැන් තුහින ගෙදර එන්නේ නැද්ද?😭😭
“මම ඉන්න වෙලාවට නම් එන්නේ නෑ සර්…උදේට ඇවිල්ලා යනවා ඇති..“
“ඇයි ඔයා ඔතනින් අයින් වෙන්නේ නැත්තේ…“
“එයාට ඕනි නමට ගෑණියෙක් සර්..අනික පවුලේ නම්බුව… ඒත් මම ඩිවෝස් වෙන්න ඕනි කියන හැමපාරකම එයා කලේ මාව නොමරා මරපු එක…“😭😭
එහෙම කියලා නෙතුමි එයාගේ තුවාල වුන තැන් පෙන්නුවා.. ඇත්තටම සර් හරි අසරණ විදියට නෙතුමි දිහා බැලුවා…
“ඌ මහ කාලකණ්ණියෙක්…“😡😡
“අදටත් මේ කිසි දෙයක් නෑ .මම ඒ දේවල් දැනගත්තේ නැත්නම් සර්…“😔
“ගෙදර අයට කිව්වොත් මොකද දරුවෝ…ඔව් සර් මම මේ සතියේ ගෙදර ගිහින් ලෝයර් කෙනෙක් හමුවෙලා තමා එන්නේ…“
සර් මාව පැලවත්තෙන් බස්සලා ගියා… මම සිකුරාදා හවස ලීව් එකක් දාලා තමයි ගෙදර ගියේ..මොකද දැන් මාස 3කින් විතර ගෙදර ගියේ නෑනේ…
ගිය ගමන් අම්මා නෙතුමිව බදාගෙන ඇඩුවා…මොකද කෙල්ල කොටු කෑල්ල වගේ.. නෙතුමි අම්මට ඔක්කොම විස්තරේ කිව්වා.. ඊට පස්සේ නෙතුමි තුහිනගේ පොඩි මල්ලිව හමුවෙන්න ගියා… අර අහිංසක මිනිස්සු මේ දේවල්වලට පලි නෑ කියලා නෙතුමි හිතුවා..ඒ නිසා තුහිනගේ මල්ලිට මේ දේ කියනවා කියල තමයි නෙතුමි හිතුවේ..
“මට හිතුනේ අක්කි අපේ අයියා ගැන දැනගෙන මැරිකලා කියලා..ඒත් මට හිතුනා ඔයා ලස්සන හොද කෙනෙක් නිසා මුලින් කියන්නත්..ඒත් මට අයියා වෝනින් දුන්නා ..මොනව හරි කියලා මගුල කැඩුවොත් ඉන්න දෙන්නේ නෑ කිව්වා..ඒකයි මම ඉදියේ.. “
“එතකොට ගෙදර අයත් දන්නවද මල්ලි…“
“අයියා තාත්තිට බයයි අක්කි…“
“අම්මි නම් දන්නවා.ඒත් ඔයාව මැරි කලාම අයියා හැදෙයි කියලා තමයි අම්මි කිව්වෙ“😒😒
“ඔයාට දැනගන්න කිව්වේ…මං කොහෙමහරි මෙතනින් ගැලවෙන්නම් මල්ලි..ඔයා ප්‍රශ්න දාගන්න එපා..“
ඊට පස්සේ ලෝයර් හම්බවෙලා මං ඔක්කොම විස්තරේ කිව්වා… තියෙන සාක්ෂි ඔක්කොමත් දීලා නඩුව open කරන්න කියලා මං කොලඔ ආවා.. ඇවිල්ලා මම කලේ ඉස්සෙල්ලාම ඒ ගෙදරින් වෙන රෑම් එකකට ගියපු එක.. ඒකට උදව් කලේ පවන් සර්…ඊට පස්සේ මං තුහිනගේ නම්බර් එකත් බ්ලෝක් කලා…
කොහොමත් තුහිනගේ තාත්ති මේ දේවල් දැනගත්තෝත් තුහිනට ලේසියෙන් ගැලවීමක් නෑ කියලා නෙතුමි දන්නවා.. ඒ නිසා තුහිනගෙන් ඉස්සරහට කරදරයක් වෙන්න පුලුවන් කියලා නෙතුමි හිතුවා…
ගෙදර ගිහින් ඇවිත් සතියක් වගේ යනකොට තුහිනගේ තාත්ති නෙතුමිට කතා කලා… නෙතුමි හැම විස්තරයක්ම තාත්තිටි කිව්වා..පුතා ගත්ත තීරණය හරි කියලයි තාත්ති කිව්වේ.. ඊට පස්සේ දවසේ උදේ 9ට නෙතුමිව හමුවෙන්න කෙනෙක් ඇවිත් කියලා නෙතුමිට කෝල් එකක් ආවා…
“සර් මාව හමුවෙන්න කෙනෙක් ඇවිත්ලු.. මං ටිකක් බලන්නද?“😳
“හරි පරිස්සමින්…“
“පවන්ට ටිකක් බය හිතුණා..වෙච්ච දේවල් එක්ක කෙල්ලට කරදරයක්වත් වෙන්න යනවද කියලා..පවන් කෝකටත් කියලා වාහනේ කී එකත් අරන් ෆොන් එකෙන් සිසිටිවි චෙක් කරගෙන ඉදියා..
වාහනෙන් බැහැපු මනුස්සයා එක්ක කතා කරපු නෙතුමිව ඒ මනුස්සයා වාහනේට බලෙන්ම ඇදගෙන දාගත්තා.. ඒක දැකපු ගමන් පවන් වාහනේ අරන් වේගෙන් ඒ වාහනේ පිටිපස්සෙන් ගියා…වේගෙන් ගියපු පවන් නෙතුමිව ගෙනියපු වාහනේ ඉස්සර කරලා නැවැත්තුවා…ඉකමනින් වාහනෙන් බැහැලා ආපු පවන්.. වෑන් එකේ ඩ්‍රයිවර් එලියට ඇදලා අරන් වාහනේ කී එක ගත්තා…ඊට පස්සේ දැකපු දෙයින් පවන්ගේ මුලු පපුවම රිදුනා..කෙල්ලව බිම දාලා අරු කෙල්ලගේ බෙල්ල පාගගෙන ඉදියේ..
“උ/ඔ වීරයා වෙන්න එපා මේ මගේ කසාද ගැණී..😡😡 “
“ගෑණි වෙන්න ඇති..දැන් ඉන්නේ මගේ ඔෆිස් එකේ..ඔෆිස් ටයිම් එකේ කෙල්ලට කරදරයක් වෙන්න බෑ.“
ඒත් එක්කම තුහින කෙල්ලවත් ඇදගෙන වාහනෙන් බැස්සා…නෙතුමි කෑ ගහලා අඩනවා.. ඒත් එක්කම තුහින කෙල්ලගේ කනට එකක් ගැහුවා..කෙල්ල එකපාරටම වැටෙන්න ගියා… පවන් පැනලා කෙල්ල ඇල්ලුවා…පවන් තුහිනට අතින් මුණට එකක් ගැහුවා..තුහින කැරකිලා ගිහින් වැටුනා..මේ විදියට විනාඩි 15ක් වගේ දෙන්නා fight කලා..කෙල්ල තාමත් අඩනවා.. අනේ සර් ඇති අපි යන්.. කියලා නෙතුමි කෑ ගැහුවා..
ඊට පස්සේ පවන් නෙතුමිව නැගිට්ටවන්න හදනකොට තුහින යකඩ පොල්ලක් අරන් පවන්ට ගහන්න ආවා.. ඒක පවන් දැක්කේ නෑ..මොකද පවන් කෙල්ල දිහා බලාගෙන ඉදපු නිසා.. පවන් හිතන්නත් කලින් නෙත්මි පුලුවන් තරම් වෙරදාලා පවන්ව පැත්තකට තල්ලු කලා.. තුහින ගහපු පාර කෙලින්ම වැදපු නෙතුමිගේ ඔලුවට…
ඒ එක්කම පවන් කෑ ගහගෙන තුහිනට පයින් එකක් ගැහුවා…ඒත් එක්කම එතනට පොලිසියෙන් ආවා.. පවන් දුවගෙන ගිහින් කෙල්ලව බදාගත්තා…
“පුතා මං මිනිහව ඇරෙස්ට් කරන්නම්.. දුවව ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියන්න..මං අපේ කට්ටියත් එවන්නම්..,
ජයදේව අංකල් කිව්වා..ජයදේව කියන්නේ පොලිසියේ ඕ.අයි.සි.. පවන්ගේ ලගම හිතවතෙක්.. කොකටත් හොදයිනේ කියලා තමයි පවන් අංකල්ට කතා කරලා විස්තරේ කිව්වේ…
පවන්ට දුකයි කෙල්ලට මෙහෙම වුනේ පවන් නිසා.. දෝතට කෙල්ලව ගත්තු පවන් කෙලින්ම ගියේ හොස්පිට්ල් එකට..
ඩොක්ටර් අනේ ඉක්මනින් … පවන්ගේ ඇස්වලින් කදුලු වැටුණා… 😭😭
“ටිකක් අමාරුයි මිස්ටර්..අපි උපරිම උත්සහ කරන්නම්…“
ඉතිං කතාව ගැන ඔයාගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න... කතාව කොටස් 2යි තියෙන්නේ