සද එළිය ඔබ 3 -තුන්වැනි දිගහැරුම

 


පසුගිය කොටසින්..

“ගයියා කවුද බං ඒ කෙල්ල..මට මාර අවුල් “ ධනුජ නලල අත ගගා කිව්වා..

“ මටත් හිතාගන්න බෑ ධනුවා.. පිස්සු වැටිලද මන්දා…“

“පිස්සුවක් නම් නෑ මට හිතුන විදියට… “

“ දැන් ඕක අමතක කරලා දාමු…”

ධනුවා තව පොඩි වැඩ ටිකයිනේ තියෙනනේ ඒ ටිකත් ඉවර කරලම අංකල්ව ගෙන්නමු නේද?

ඔව් හැමදේම ඕකේ කරලා ගෙන්නමු… ඕපනින් එකට කලින් දවසේ..මොකද මේ හොටෙල් එකේ වෙරි ෆස්ට් ගෙස්ට් වෙන්න ඔ්නි මගේ තාත්ති….

අද එතැන් සිට..

ගයානුයි ධනුජයි මේ ටිකේම මහන්සි වෙලා හොටෙල් එකේ වැඩ පිළිවෙලක් කලා… ඒ වගේම එයාලට හරි ආදරණිය ස්ටාෆ් එකක් හිටියා..මියුරු හා සුපුන් තමයි ධනුජට දැනට ඉන්න ස්ටාෆ් එක.ඒත් මේ උඩවලවේම අහිංසක කොල්ලෝ දෙන්නෙක්..කොල්ලෝ දෙන්නත් ඕනි දේකට පණ ඇරලා තමයි ඉන්නේ…

ධනුජයි ගයානුයි ටවුන් එකට යන්න හැදුවා..කාර් එක ටිකක් මිස් කරනවා වගේ නිසා ගයාන්ට කාර් එක බලන්න කියලා ධනුජ බයික් එකේ යන්න ගියා..

ධනුජ ටවුන් එකට ගිහින් පැය දෙකක් තුනක් ගත වුනා.. ගයාන් මියුරු එක්ක ටවුන් එකට යන්න පිටත් වුනා.. මොකද ධනුජගේ ෆොන් එකත් වැඩ කලේ නෑ..ගයාන්ගේ හිතටත් හරි නෑ..මොකද ධනුජ තනියම යවපු නිසා..ටික දුරක් යනකොට ගයාන්ට කොල් එකක් ආවා..ඒ කතා කලේ රණගෙදර මහත්තයා..

“ ගයාන් පුතේ කෝ මගේ පුතා… “රණගෙදර මහත්තයේ ඉකිබිදුම් හඩ ඇහුණා..

“ ඇයි අංකල් මොකක් හරි ප්‍රශ්නයක්ද? ධනුවා ටවුන් එකට ගියා තාම ආවේ නෑ ..මම මේ මියුරු එක්ක ටවුන් එකට යනවා..” .ගයාන් වෙවුලමින් වගේ කිව්වා..

“ අනේ මගේ පුතා ඇක්සිඩන්ට් වෙලා පුතේ..දැන් මේ ඹ් අයි සී ජනක කතා කරලා කිව්වේ..“

“අනේ අංකල් ධනුවට කිසිම දෙයක් නෑ..දැන් කොහොද ඉන්නේ ධනුවා මට කියන්න අංකල්..”

“උඩවලවේ හොස්පිට්ල් පුතා. මම මේ මග එන ගමන්..අනේ මගේ කොල්ලව බලන්න පොඩ්ඩක්…,”

ගයාන් වාහනේ ඉදන් කෑ ගහලා ඇඩුවා .. මියුරුගෙත් ඇස්වල කදුලු.. ගයාන් පුලුවන් තරම් වේගයෙන් වාහනේ පැද්දා…විනාඩි කිහිපයක් ඇතුලත ඔවුන් හොස්පිට්ල් එකට ආවා..ඇවිත් වොර් ඩ් එකට යනකොට ධනුජ ඇදක නිදාගෙන ඉදියා.. කකුල බැන්ඩේජ් කරලා..නලලේ තව ප්ලාස්ටර් එකක් තිබුණා..

ගයාන් කඩා බිදගෙන ධනුජගේ ඇද ලගට ගියා.. “අනේ ධනුවා මොකද වුනේ මේ උඔට අමාරුවක් නෑනේ… “

ගයාන් ධනුකව එක පාරම බදාගත්තා..ධනුජගේ ඇස්වලින් ලොකු කදුලු කැට වැටෙනවා..සියුම් ඉකියකුත් ඇහෙනවා…

“ඇයි ධනුවා මේ මොකද වුනේ..මට කියපන්.. අංකලුත් දැන් මග එනවා.. “ගයාන් කියනකොට මියුරුත් ධනුජගේ ඔලුවට අත තියලා ඇයි සර් කියලා ඇහුවා…

“මට අවුලක් නෑ ගයියා.. ඒත් ඒ කෙල්ල ගයියා.. මං නිසයි ඒ කෙල්ලට එහෙම වුනේ… “ ධනුජ ගයාන්ගේ උරහිසට ඔලුව තියාගෙන ඇඩුවා..

“තේරුනේ නෑ ධනුවා මට …මොකක්ද කවුද කෙල්ල…”

එක පාරටම ධනුජට සිහි නැතිවුනා.. ගයාන් හයියෙන් කෑ ගැහුවා..

“ඩොක්ටර් ඩොක්ටර් අනේ ඉක්මනට…”

ඩොක්ටර් ඉක්මනින් ඇවිත් ධනුජව බැලුවා.. ධනුජ එක්ක දැන්ම කතා කරන්න එපා කියලා ඩොක්ටර් ගයාන්ට කිව්වා.. රණගෙදර මහත්තයා ධනුජව නවලෝක හොස්පිට්ල් එකට ගෙනියන්න සියලු දේම ලැස්ති කරගෙන තමයි ඇවිත් තිබුනේ.. යන්න කලින් ඩොක්ටර් හමුවෙලා කතා කරපු රණගෙදර මහත්තයා ඊට පස්සේ ගයාන් එක්ක පොලිසියට ගියා..

“අනේ ඇයි සර් ආවේ..කිව්වනම් මම එනවානේ.. “ ඕ අයි සී ජනක කිව්වා..

“ ඒකට කමක් නෑ පුතා.. මම පුතාව කොලඔ එක්ක යන්න කියලා..අර දරුවට මොකද?

ගයාන් උඩ බිම බැලුවා..අර දරුවා කියන්නේ කවුද?

“ ඒ ළමයව කොලඔ යැව්වා සර්.. ටිකක් අමාරුයි.. ඒ දරුවා හිටියේ නැත්නම් සර් ට මේ වෙනකොට පුතෙක් නෑ,. ඩ්‍රයිවර් බීලා ඉදලා තියෙන්නේ..”

“සර් මොකක්ද වෙලා තියෙන්නේ “ ගයාන් බැරිම තැන ඇහුවා..

ධනුජ මහත්තයා පාරේ ඉදලා තියෙන්නේ කෝල් එකක ..කොල් එකේ ඉන්න ගමන්ම අනිත් පැත්තට යන්න ගිහින්.. පාරේ ඉදපු ගැණු ළමයෙක් ඒක දැකලා ධනුජ මහත්තයව තල්ලු කරලා .තල්ලු කරපු පාර මහත්තයා ගිහින් වීල් එකක වැදිලා..

“එතකොට ඒ ගෑණු ළමයා..”

“ එයා තමයි පුතේ හැප්පිලා තියෙන්නේ.. ටිකක් අමාරුයි..කාත් කවුරුත් නැති කෙල්ලෙක්…;”

“ධනුවට මතකයි අංකල් මාත් එක්ක කියලා ඇඩුවා..මාව දැක්ක ගමන්.. “

මම ඒ දරුවගේ වගකීම ගන්නවා පුතේ…මගේ පුතා මට අද ඉන්නේ ඒ දරුවා නිසා…

ඊට පැය 3කට විතර පස්සේ ධනුජව ඇරගෙන කොලඔ ආවා.. ඒ ආපු ගමන් ගයානුයි රණගෙදර මහත්තයි බිනුජයි කෙලින්ම ගියේ ජෙනරල් හොස්පිට්ල් එකට…ගිහින් විස්තර හොයාගෙන ඒ දරුවගේ ඇද ගාවට ගියාම ගයාන්ගේ පපුව හොස් ගාලා ගියා.. මේ එදා හොටෙල් එකට ආපු ළමයනේ කියලා අදුරගන්න ගයාන්ට විනාඩියක්වත් ගියේ නෑ… ගයාන් ඒ විස්තර ටිකත් රණගෙදර මහත්තයටයි බිනුජටයි කිව්වා..

“ මම දරුවෙග් වගකීම බාරගන්නවා ..රණෙගදර මහත්තයා කිව්වා..

“ෙම් ෙප්ෂන්ට් රිකව ෙවන දවසක් කියන්න බෑ මිස්ටර් රණෙගදර..“ විපුල කිව්වා..

විපුල දන්නවද ෙම් ෙකල්ල නැත්නම මට මෙග් ඒක පුෙතක් අද නෑ.. ඒ් නිසා මම හරි කැමැත්ෙතන් ඔ්නි ෙදයක් බාරගන්නවා..

ඊට පස්සේ එයාවත් නවලෝක හොස්පිට්ල් එකට ගෙනිච්චා....ඒයාට සිහියක් නැති නිසා අයි සි යු රෑම් ඒකට දැම්මා..

ධනුජට දැන් ටිකක් සනීප වෙමින් තිබුන නිසා මේ හැම විස්තරයක්ම ගයියා ධනුට කිව්වා..

ඒ ඒක්කම රණෙගදර මහත්තයා ධනුජ ළගට ආවා

තාත්ති කියලා ධනුජ අත් දෙක ඒකතු කරලා වැන්දා..

“අනේ ඇයි මේ රත්තරං..” රණගෙදර මහත්තයගේ පපුවට පිහියකින් අනිනවා වගේ රිදුම් දෙන්න වුනා.. කවදාවත් කදුලක් වැටෙනවා දැකපු නැති කොල්ලා අද ඉකි බිදින හැටි දැක්කම ..කොයි තරම් දුකක් මේ කොල්ලගේ පපුවේ ඇතිද මේ උන දේට කියලා රණගෙදර මහත්තයා හිතුවා..

“ඔයාට පින් තාත්ති , මම මේ ඇස් දෙකෙන් මං දැක්කා ඒයා මාව බේරගන්න කෑගහලා මාව තල්ලු කරපු හැටි.. මට දරාගන්න බෑ තාත්ති.. එයා හිටියේ නැත්නම් මම අද මෙතන ඔයා එකක් මෙහෙම නෑ තාත්ති..මම නිසා ඒ අහිංසක කෙල්ලට වුන දේ මට දරාගන්න අමාරුයි තාත්ති....“ ධනුජ පොඩි එකෙක් වගේ රණගෙදර මහත්තයගේ පපුවට බරවෙලා ඇඩුවා.. බිනුජගේ ඇස්වලත් කදුලු.. සේපාලිත් අඩනවා... ධනුජගේ ඔලුව අත ගානවා..

“අපි කරන්න පුලුවන් හැමදේම කරමු පුතා..” රණගෙදර මහත්තයා ධනුජගේ ඔලුව අතගාමින් කිව්වා..

ඒත් එක්කම නර්ස් කෙනෙක් ඇවිත් රණගෙදර මහත්තයට ඉක්මනින් කතා කලා.. කලබල වුණු රණගෙදර මහත්තයා දුවලා යනකොට සේපාලිත් ඉක්මනින් ගියා..

“අනේ ඇයි ගයියා ..කෙල්ලට අමාරුද? අනේ අයියා මට ඒ කෙල්ලව ජිවත් කරලා දෙන්න..නැත්නම් මං මුලු ජිවිතේම මැරිලා ඉපදෙයි “.. ධනුජ කෑ ගැහුවා’’

“අනේ ගයියා අපි යන් කෙල්ල ගාවට..”ගයාන් වීල් චෙයා එකක් අරන් ධනුව දාගෙන කෙල්ල ගාවට ගියා..

“ යනකොටත් ඩොක්ටර්ලා වටවෙලා ලොකු වෙහෙසක් දරමින් උන්නා..

“අංකල් නංගිව බේරගන්න බැරිද? ධනුං ඇඩුම්බරව අත්තනායක ඩොක්ටර්ගෙන් ඇහුවා..

“සොරි පුතා අපි පුලුවන් හැමදේම කලා..”

ධනුජ කෙල්ල ලගට ගිහින් කෙල්ලගේ අත අල්ලගත්තා..රණගෙදර මහත්තයටයි සේපාලිටයි හීල්ලුනා.. බිනුජගෙයි ගයාන්ගෙයි ඇස්වල කදුලු..

“අනේ නංගි ඇයි මෙහෙම ඔයා..ඇයි ඔයා මාව බේරුවේ..මේ එක දවසක් දැකපු මනුස්සයව..අනික එදා මම ඔයාට බැන්නත් එක්ක.. අනේ නංගි සමාවෙලා නැගිටින්න..මම ඔයාට පොරොන්දු වුනා ඔයාව බේරගන්නවා කියලා..ඔයා හිනාවුනේ.. අනේ නංගි මට මෙහෙම කරන්න එපා.. නැගිටින්නකෝ..” ධනුජගේ ඇස් වලින් වැටෙන කදුලු කෙල්ලගේ අතට වැටෙනවා..

“අනේ ගයියා.. අනේ තාත්ති නංගිව බේරගන්නකෝ...” මට ජිවත් වුනත් හැමදාම මැරි මැරි විදවන්න වෙයි තාත්ති මං නිසා මේ කෙල්ල නැති වුනා කියලා..

“ අනේ රත්තරං අඩන්න එපා... “ සේපාලි ධනුජව බදාගත්තා...

ඒත් එක්කම කලබල වුනු නර්ස් කෙනෙක් අනේ ඩොක්ටර් ඉක්මනට එන්න කියලා කෑ ගැහුවා..

ඉතිරිය 4 වැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න..

Post a Comment (0)
Previous Post Next Post
//