සද එළිය ඔබ 2- දෙවන දිගහැරුම

 


පසුගිය කොටසින්…👇👇

"මොකක්ද පුතේ අර කතාව..."

"මොකක්ද අංකල්..

" තාත්තා ගැන කියපු කතාව ..

" අංකල් අපේ තාත්තට හාට්ටෑක් එකක් ආවා..general hospital ඉදියේ..බයි පාස් එක්ක කරන්න ඕනි වෙලා තිබුනේ..ඒකට හැම වියදමක්ම කලේ දනුජ..දනුජ freelancing කරලා ඉතුරු කරපුවා අංකල්.. දනු කිව්වා කාටවත් කියන්න එපා කිව්වා.."

අද එතැන් සිට…👇👇👇👇

හවස 7 වගේ වෙනකොට රණගෙදර මහතා හා ධනුජ ගෙදර ආවා..ඒ අන මගින් ගයාන් බැස්සා.. ගයාන්ගේ පවුලේ ඉදියේ ගයානුයි නංගියි අම්මයි තාත්තයි..තාත්තා වැඩ කලේ තැපැල් කාර්යාලයේ ..තව අවුරුද්දකින් තාත්තා පැන්ෂන්..ඊට පස්සේ මං වැඩකට යනවා ධනුවෝ ..හැමදාම ගයාන් කිව්වේ එහෙමයි..ධනුජ බාර ගන්න ඔන්ලයින් පොජේක්ට් වගට ගයාන්ව සම්බන්ධ කර ගන්න ධනුජ අමතක කලේ නෑ…ගයාන්ගේ නංගි තාම පාසල් යනවා…

“ ඇයි මහත්තයා මේ තරම් පරක්කු වුනේ මං බයත් වුනා…“😳

“හොදටම වැස්ස මැණිකේ… ඒකයි හිමිට ආවේ… 🥰“

“කෝ ලොකු පුතා… “

“ උඩ කොල් එකක…”🙄

සේපාලි මහත්මිය තමන්ගේ ආදරණීය සැමිටයත් පුතාටත් උණුවෙන් කෝපි කෝපප දෙකක් ගෙනාවා..ඒ අතරේ පැටිස් දිසියකුත් තිබුනා…

“ෂා අම්මි පැටිස් හැදුවද ? නියමයි ආ…මේ වැස්සේ… “ ධනුජ හරි සතුටින් කිව්වා…🥰🥰

“ඔව් පුතේ තනියම ඉන්න පාලුයිනේ..ඉතිං හැදුවා. “

තේ එකක් බීලා ධනුජ කෙලින්ම කාමරේට ගිහින් වොෂ් එකක් දා ගත්තා…ඊට පස්සේ සරමක් දාගෙන ඇදට වෙලා මේල් චෙක් කර කර ඉදියා..

එතකොට තමයි බිනුජ කාමරේට ආවේ..

“මොකද හලෝ කරන්නේ.. කම්මැලි මටත්..”🤔

“මේ මේල්ස් වගයක් චෙක් කලා අයියා… “

අයියා තනියම ෆොන් එක බල බලා හිනා වෙලා ධනුජ දැක්කා.. ලැප් එක පැත්තකින් තියපු බිනුජ අයියට ලං වුනා..

“ ඒ පාර මොකද තනියම හිනාවෙන්නේ.. ආ ආ“ ධනුජ ඇහුවා..🤣

“නෑ මේ සනුකි මැසේජ් කලා…”

“සනුකි කිව්වේ විරනායක අංකල්ගේ දුව ද “

“ ඔව් ඔව්.. “😳

“අම්මට සිරි ඒකත් ජයසිරි මංගලම් එහෙනම්…මගෙන් ෆුල් සපෝර්ට් එක හොදේ… “

“ තාම මම මුකුත් ඇහුවේ නෑ හලෝ…මේ එක නෙමෙයි කෙල්ලෙක් සෙට් කරගන්නේ නැද්ද? මිස්ටර් ගජනායකත් තාත්තගෙන් අහලා තමුසේ ගැන…“

“අපෝ මට ලව් ඇලජික්..ඊට වඩා මෙහෙම හොදයි.. ගජනායක අංකල්ගේ දුව ..අපෝ මල ඇණයක්.. මං එහෙම කැමති නෑ..මට මවපු කෙනෙක් ඇති..එයා එනකල් ඉන්නවා..නැත්නම් මේ ධනු තනියම ඉන්නවා.. “🤔

“ අනේ මේ මවපු කෙනා එනකල් ඉන්නවකෝ එහෙනම්.. මං යනවා… “ බිනුජ කාමරෙන් ගියා.. ධනුජ කල්පනා කලේ අයියා මැරි කරලා ඊට පස්සේ අයියගේ බබාලා මේ ගෙදර සෙල්ලම් කරන හැටි …කල්පනාවෙවන් මිදුලේ ධනුජට ආපු කෝල් එකෙන්..

“ඒ ධනුවා මොකද කරන්නේ…”🤔

“පොල් කඩනවා..🤣🤣

“ ඈ මොකක් ද ?“🙄

“ඈ බුරුවෝ මේ මහ රෑ මම නිදියන්නේ නැතුව වෙන මොනවා කරන්නද ආ… “ 😔

“සොරි මැණික.. හෙට අර වැඩේ කරනවද? “

“ මොකක්ද බං ..”😳

“ඇයි ධනුවෝ හෙටනේ අපි අර බිල්ඩින් එක බලන්න යන්න දා ගත්තේ… “

“ ආ මට අමතක වුනා..මං උදේ 7ට ඔතන ඇති..

කිව්ව විදියටම ධනුජ උදේ 7 වෙනකොට ගයාන්ව ගත්තා.. දෙන්නම ගියේ ධනුජගේ බයික් එකේ.. ධනුජට පොඩි අයිඩියා එකක් තිබුනා..පොඩි රෙස්ටුරන්ට් එකක් කරන්න..ඒකට ලෑන්ඩ් එකක් බලන්න තමයි එයාලා ගියේ..ඉඩම තිබුනේ ඇඔිලිපිටියේ..උඩවලව කිට්ටුව…බයික් එකේ ආවට මොකද දැන් දෙන්නටම ඇති වෙලා.. පස්ස නෑ වගේ..ආයේ මෙහෙම ගමන් බයික් එකේ එන්නේ නෑ කියලා ධනුජ හිතාගත්තා..දහල් 12 වගේ වෙනකොට ධනුජ උඩවලට ආවා.. ඒ එනකොට ඉඩමේ බෝකර් හිටියා…

ලස්සන වටපිටාවක් තිබ්බ නිසා ධනුජට ඒ තැනට ගොඩාක් ආසා හිතුනා.. කෝටි එකහමාරකට තමයි ධනුජ මේ ඉඩම ගත්තේ…ඉඩමේ පුංචි ගෙයක් තිබුනා… ඒත් දැන් ටික කාලෙක ඉදන් ඒ ගෙයි කවුරුත් ඉදලා නෑ කියලා ධනුජට හිතුනා..ගයාන්ටත් මේ තැනට ආස හිතිලා.. ධනුජ ගෙදර ගිහින් තාත්තට විස්තරේ කිව්වා.. රණගෙදර මහත්තයට හරි සතුටුයි. පුතා වෙනම ෆිල්ඩ් එකකට හැරුණ එක ගැන..ඒත් බිනුජ නම් කිව්වේ එහේ රෙස්ටුරන්ට් ගහලා වැඩක් නෑ කියලා.. ඒත් ධනුජගේ එකම ටාගර්ට් එක වුනේ ටුවරිස්ට්ලාව ටාගට් කරලා මේ රෙස්ටුරන්ට් එක හදන එක..🥰

කොහොම හරි ධනුජ ලෑන්ඩ් එකත් ඉක්මනට අරගෙන හොටෙල් එකේ වැඩ පටන් ගත්තා.. රණගෙදර කොන්ස්ට්‍රක්ෂන් එකෙන් තමයි මේ රෙස්ටුරන්ට එක හැදුවේ.. වෙනම කොටේජ් තමයි හැදුවේ ..ෆර්නට් ඔෆිස් එක වෙනම.. ලෑන්ඩ් එකේ ඉඩ ගොඩාක් තියෙන නිසා හිතුව විදියටම වැඩේ කරගන්න පුලුවන් වුනා..මාස දෙකක් යනකල් ධනුජයි ගයානුයි නැවතිලා ඉදියේ උඩවලවේ..

“දැන් නම් ධනුවා මේක හොටෙල් එකක් නෙමෙයි…දිව්‍යෙලා්කයක්..”🥰🥰

“මේ මගේ ඔලුවේ වැඩ කලේ මීට ගෙඩාක් කාලෙකට කලින් ගයියා…”🥹🥹

“අංකල් දැක්කොත් හිතාගන්න බැරි වෙයි .. “

“ඔව් එයාලා පුදුම වෙයි මචං…තව අපි මේ හොටෙල් එක යුනික් කරගන්න ඕනි.. ඒ කියන්නේ අපි සර්ව් කරන ඩිෂ් දවසින් දවස අප්ඩේට් වෙන්න ඕනි.. මං වික්එන්ඩ් වල colombo ගියේ ඇයි දන්නවද ?

“මගේ යාලුවෙක් ඉන්නවා.. එයාගේ තාත්තා චෙප් කෙනෙක්…ටිකක් කෑම ගැන අහගන්න ගියා..දැන් උයන්නත් පුලුවන්… අද රෑට මං ඩිනර් එකක් දෙන්නම්කෝ…“🥹🥹

“ෂා ලොක්කා නියමයිනේ… “

“ධනුජයි ගයානුයි ඉදියේ එකේම හදපු පොඩි රෙස්ට් රෑම් එකක… දෙන්නා කතා කර කර ඉදලා පහලට යනකොට ගෙට්ටුව ගාව සිකුරිටි අන්කල් කෑ ගහනවා ඇහුණා… “ ගයානුයි ධනුජයි එතනට දුවලා ගියා..😳😳

“ඇයි අංකල් මොකද ප්‍රශ්නේ.. “ ගයාන් ඇහුවා…

“මේ ළමයට පිස්සුද කොහේද ? මේ ඉඩම මෙයාගෙලු…මෙහෙන් යන්නලු… “

ධනුජයි ගයානුයි මුණට මුණ බලාගත්තා…ලස්සන පොඩි කෙල්ලෙක්… මුණ රතුවෙලා.. අව්වේ ඉදලද අඩලද කියලා හිතා ගන්න බෑ.. ඒත් ලොකු කෙත්තියකින් ඉන්නවා කියලා ධනුජට තේරුණා..

“නංගි එන්නකෝ ඇතුලට “… ධනුජ කිව්වා…

“ඇතුලට එන්න මගේ ඉඩම බලෙන් අල්ලගෙන හොටල් හදලා..දැන් මටම එන්න කියනවද ඇතුලට ආ… තමුන්ලත් මාර මිනිස්සු.. “ඒ ගැණු ළමයා අඩ අඩ කෑ ගැහුවා..😡😡😡

“අපි නිත්‍යානුකුලව මේ ඉඩම ගත්තේ ඇයි ඔහොම කතා කරන්නේ…අනික මේක අපිට දුන්නේ වෙන කෙනෙක් ඔයා කවුද? “ ගයාන් ඇහුවා…

“මම කවුද අහන්නේ මනුස්සයෝ මේ ඉඩම මගේ.. මගේ…….”😡😡😡

කියලා කියන්න හදනකොටම කවුදෝ මනුස්සයෙක් ඇවිත් ඒ ගැණු ළමයාව ඇදගෙන ගියා.. ඒ මනුස්සයා කිව්වේ.. කාත් කවුරුත් නැති කෙල්ල පිස්සු වැටිලා මහත්තයො කියලා…

ඒ ගෑණු ළමයා යනකල්ම කෑ ගැහුවා..සාප වෙනවා කිය කිය…ධනුජ ආයත් හැරිලා බැලුවේ ඒ ගෑණු ළමයා දිහා…😔

“ගයියා කවුද බං ඒ කෙල්ල..මට මාර අවුල් “ ධනුජ නලල අත ගගා කිව්වා..

“ මටත් හිතාගන්න බෑ ධනුවා.. පිස්සු වැටිලද මන්දා…“

“පිස්සුවක් නම් නෑ මට හිතුන විදියට… “

“ දැන් ඕක අමතක කරලා දාමු…”

ධනුවා තව පොඩි වැඩ ටිකයිනේ තියෙනනේ ඒ ටිකත් ඉවර කරලම අංකල්ව ගෙන්නමු නේද?

ඔව් හැමදේම ඕකේ කරලා ගෙන්නමු… ඕපනින් එකට කලින් දවසේ..මොකද මේ හොටෙල් එකේ වෙරි ෆස්ට් ගෙස්ට් වෙන්න ඔ්නි මගේ තාත්ති….

ඉතිරිය තුන්වැනි දිගහැරුමෙන්…🥹🥹🥰🥰

Post a Comment (0)
Previous Post Next Post
//