උදෑසනම ඇද හැලුණු අධික වර් ෂාව නිසා මුලු පළාතම අදුරු ගැන්විලා තිබුනා… මේ දවස් ටිකේම වැහපු වැස්ස නිසා මුළු පළාතම වැහිදියෙන් තෙත් වෙලයි තිබුනේ… සීතලේ ගෙට වෙලා වකුටු වෙලා නිදියන බීනුජයි ධනුජයි දිහා සේපාලි මහත්මිය හරි ආදරෙන් බලාගෙන ඉදියා… මීට අවුරුදු 24කට කලින් මේ දෙන්නා හරි හුරතලේට වැස්සට පැන පැන නටන හැටි..ඊට පස්සේ හෙබ්ඉිරිස්සාව හදාගෙන දගලන හැටි සේපාලිට මතක් වුණා… ඔය අතරේ සේපාලි පියවි සිහියට ආවේ රණගෙදර මහත්තයගේ කටහඩින්…
“ මැණිකේ මොකද ඔය…“
“අනේ නෑ අපේ මහත්තයෝ… මේ දෙන්නා වකුටු වෙලා නිදියන හැටි දැක්කම මට ඉස්සර මතක් වුනා… “
“ඒක නම් ඇත්ත…බිනුජ අහිංසකයා වුනාට ධනුජ ඇට්ටරයනේ… “ රණගෙදර මහත්තයා හිනා වෙලා කිව්වා…
මෙවන් රණගෙදර කියන්නේ රණගෙදර කොන්ස්ට්රක්ෂන්වල අයිතිකාරයා… පොඩියට ආපු ලොකු ගමනකින් පස්සේ අද මුළු කොලඹම දන්න කෝටිපතියෙක් ..හිත හොද මනුස්සයෙක් මෙවන් රණගෙදරගේ දුකට සැපට ලගම ඉන්න එයාගේ ආදරණීය නෝනා තමයි සේපාලි රණගෙදර… එයාලට ඉන්නේ පිරිමි නිවුන් දරුවන් දෙන්නෙක්..එක්කෙනෙක් තමයි බිනුජ රණගෙදර අනිත් කෙනා තමයි ධනුජ රණගෙදර… බිනුජ නම් හරිම අහිංසකයි..ඒත් ධනුජ නම් ටිකක් දගකාරයි..ඒත් ඉක්මනට හිත උණුවෙනවා…රණගෙදර මහත්තයා අඩියේ ඉදන්ම ගොඩට ආපු කෙනෙක්… ඉදින්න කලින් කිසිම දෙයක් තිබුනේ නෑ..මේ විවාහයට සේපාලිගේ ගෙදරින් කැමති වුනේ නෑ… සේපාලිව බලෙන්ම වගේ අරගෙන තමයි ආවේ..මොකද සේපාලිගේ තාත්තලා කලෙත් බිස්නස්..නුවර වැදගත් පවුලක තමයි සේපාලි හැදුනේ… මුලින් දුක් වින්දට සේපාලි දැන් කිසිම දුකක් නැ… රණගෙදර මහත්තයත් සේපාලිට පැලෙන්න ආදරෙයි..මොකද එයත් දන්නවා එයාට හරි ගියේ සේපාලිව බැන්දට පස්සේ කියලා…
දෙන්නා කුස්සියේ මේසේට වෙලා තේ බිබී කතා කර කර ඉන්නවා…
“ගුඩ් මොනින් අම්මි, තාත්ති”
බිනුජ නැගිටලා ඇවිත් අම්මිටයි තාත්තිටයි ගුඩ් මොනින් කිව්වා..ධනුජ තාමත් ඇදේ ගුලි වෙලා නිදි…
“ කෝ අර පිස්සු කොල්ලා “ අම්මා හිනාවෙවි ඇහුවා..”🥹🥹
“විනාඩි 2ක් දෙන්න අයියා කිව්වේ…“
“ තාත්ති අද ඔෆිස් යන්නේ නැද්ද?“
“යනවා ලොකු පුතා… අද පොඩි වැඩකට මිගමුවට යන්න ඕනි…”
බිනුජ රණගෙදර තමයි තාත්තිගේ බිස්නස් වැඩවලට උදව් කලේ…ධනුජට බිස්නස්වලට ජොයින් වෙන්න කිව්වට මිනිහා මේ වැඩවලට කැමැත්තක් දැක්වුයේ නෑ..ඉතිං අයියා ඉන්නවනේ තාත්ති කිය කිය හැමදාම ඉදියා…
ධනුජ නිදි මතේ ඇස්පොඩි කර කර ඇවිල්ලා සේපාලිගේ කර වටේට අත දාලා පිටිපස්සේ බදාගත්තා…
“ ගුඩ් මොනින් අම්මියා…ඔයාගේ මහත්තයා කෝ…ඔයාගේ ලොකු පුතා නම් හරි කරදරේ.. දොයියන්න දෙන්නේ නෑ…“ධනුජ හුරතල් වේවි කිව්වා…
සේපාලිට ලෝභයි ..රණගෙදර මහත්තයා බිනුජත් එක්ක ලොකු කතාවක්..එයාලා දැක්කේ නෑ…ධනුජ සේපාලිව බදාගෙන ඉන්නවා…බිනුජ තේ එක බීලා එන්න හැරෙනකොට දැක්කා දෙන්නගේ කෝළම්…
“ තාත්ති අර බලන්නකෝ අර දෙන්නගේ කෝලම්..මේ අම්මි හුරතල් කරන නිසානේ මෙයාව හදාගන්න බැරි…“
“ඒක නම් ඇත්ත… “ රණගෙදර මහත්තටයටත් හිනා…
“අම්මිගේ හුරතලේ නිසා තමයි මල්ලි නරක් වෙන්නේ… “ බිනුජ නොක්කඩු ස්වරුපයෙන් කිව්වා…
“අනේ අම්මි බලන්නකෝ… “ධනුජ තවත් අම්මිට තුරුල් වුනා…🥹🥹
“පොඩි පුතා වැඩක්ද අද? “රණගෙදර මහත්තයා ඇහුවා…
“ලොකු වැඩක් නෑ තාත්ති… පොඩි පොඩි වැඩ ටිකක තියෙනවා ..ඇයි ඒ “
“ නෑ අද බිස්නස් වැඩකට යන්න තියෙනවා… මීගමු… පුලුවන් නම් යමු මා එක්ක…”
“ම් අයියා තාත්ති…”🤔
“අයියට අද බිස්නස් වැඩකට යන්න තියෙනවා පුතේ …පුතාට වැඩ තියෙනවා නම් මං යන්නම් සෝමපාලව අරන්.. “
“නෑ තාත්ති මං එන්නම්… “ ධනුජ කිව්වා…🥰
උදේට කෑම ගත්තු කට්ටිය තම තමන්ගේ වැඩවලට ගියා.. ධනුජ බි.එම්.ඩබ්ලිව් කාර් රථයේ යතුර අතට ගත්තා…ගෙදර කොයි තරම් සැප වාහන තිබුනත් ධනුජ පාවිච්චි කලේ FZ බයික් එක විතරයි.. මේ කොලඔ නගරේ ධනුජව දන්නේ නැති කෙනෙක් නැති තරම්.. රණගෙදර මහත්තයා වාහනයට ගොඩ වුනාම .. ධනුජ වාහනය ඉදිරියට ගත්තේ අම්මිට හොන් එකක් ගහලමයි… ගමන පටන් ගන්නකොටම ගයියාගෙන් කොල් එකක්…
“ කතා කරන්න ඉතිං හදිස්සියක්ද දන්නේ නෑනේ..
“ නෑ තාත්ති මේ ගයියා..“
“ ඒ පුතාටත් යං කියන්න…”
“ ධනුජෙග් ඇස් දිලිසුණා…😍😍
ධනුජට අනිත් පැත්තය කෝල් ඒක අරන් ගයියට මහරගම ඉන්න කිව්වා…යනගමන් රණෙගදර මහත්තයා.. වාහෙන් එලවන තමන්ගේ පුතාගේ මුණ දිහා බැලුවා…
තමනුත් මේ වයෙස්දි මේ විදිහමයි නේද කියලා හිතුනා…
බිනුජට අම්මගේ ගතිගුණ ඇවිත් දනුජට තමන්ගේ ගති ගුණ ඇව්ත් තියෙන හැටි රණගෙදර මහත්තයා කල්පනා කලා...
ඒ වෙනකොට වෙලාව උදේ 9ට වගේ වෙලා තිබුනා...
මහරගමින් ගයාන් වාහනේට ගොඩ වුනා...
"පුතේ කොහොමද ඉතිං ගොඩාක් දවසකින් දැක්කේ.."
"මං නම් නිතර එනවා අංකල් දනුව බලන්න..අංකල්ව අල්ල ගන්න අමාරැයිනේ.."
"වැඩවලට එහේ මෙහෙ ගියාම ඔහොම තමයි..."
"තාත්තා එහෙම සනීපෙන් ඉන්නවද පුතා.."
"අනේ දනුජයට පින් සිද්ද වෙන්න සනීපයි අංකල්.."
එහෙම කියනකොටම දනුජ ගයාන්ට එපා කිව්වා ඔලුවෙන්..😡
"ඒ කිව්වේ පුතේ.."
" නෑ අංකල් තාත්තට පපුවෙ අමාරැවක් තියෙයි..දනුවා හොද ඩොක්ටර් කෙනෙක් අල්ලලා දුන්නා.."😳
අපි 11.30වගේ වෙනකොට මීගමුවට ආවා...තාත්ති වීරනායක අංකල් හමු වෙන්න යනවා කියලා ගියා.මායි ගයියයි කයියක් දාගෙන ඉදියා..පැයක් වගේ යනකොට තාත්ති ආවා..
"අනේ පොඩි පුතේ මං ෆයිල් එක දාලා ඇවිත් ඉල්ලන් එන්නකො...අංකලුත් ඇහුවා කෝ කියලා.. අපි වාහනේ ඉන්නම්..."
දනුජ ගියා ..රණගෙදර මහත්තයා ගයාන් දිහාට හැරුනා..
"මොකක්ද පුතේ අර කතාව..."
"මොකක්ද අංකල්..🥹
" තාත්තා ගැන කියපු කතාව ..🤔
" අංකල් අපේ තාත්තට හාට්ටෑක් එකක් ආවා..general hospital ඉදියේ..බයි පාස් එක්ක කරන්න ඕනි වෙලා තිබුනේ..ඒකට හැම වියදමක්ම කලේ දනුජ..දනුජ freelancing කරලා ඉතුරු කරපුවා අංකල්.. දනු කිව්වා කාටවත් කියන්න එපා කිව්වා.."😭😭😭
රණගෙදර මහත්තගේ ඇස්වල කදුලු..🥹🥹මේ තරම් ගුණයහපත් තියෙන කොල්ලෙක් ඉන්න එක ගැන රණගෙදර මහත්තයා ආඩම්බර උනා..කවදාවත් කිසිම දේකට දනු රණගෙදර මහත්තයගේ සල්ලි ගත්තේ නෑ කියලා ඔහු දන්නවා..wed design ඉගෙන ගන්නකොට මුල් අවුරුදු 2 විතරයි සල්ලි ගත්තේ..එතනින පස්සේ අද වෙනකල් මනුස්සයා වියදම් කලේ එයාගේ සල්ලි..ලොකු පුතාට වඩා ලොකු වෙනස්කම් ගොඩාක් පොඩි පුතාගේ තියෙනවා ..රණගෙදර මහත්මිය හැමදාම කිව්වා..🥹🥹
ඉතිරිය දෙවන දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න...🥰🥰