පසුගිය කොටසින්…
සාගර සිංදුව කියනකොට සාගරගේ ඇස් දෙකෙන්ම කදුලු වැටෙනවා…මම නැගිටලා අත්පුඩි ගැහුවා..ඒත් එක්කම හැමෝම නැගිට්ටා..ගොඩාක් අය අඩනවා… මාත් අඩනවා…ඒ තරම් ලස්සනට දැනෙන්න සාගර සිංදුව කියනවා…
සිංදුව කියලා.. ඉවර වෙලා ජජ් ඩේ එකෙන් විනිශ්චය දුන්නා..කිසිම අඩුපාඩුවක් නෑ…එයාලත් හුගක් හැගිම්බරව තමයි කතා කලේ..ඊට පස්සේ සාගර යන්න හැරෙනකොටම…
“මගේ පුතේ “කියලා හයියෙන් කෑ ගහනවා ඇහුණා…
අද එතැන් සිට….👇👇👇👇
මට එකපාරටම ඇහුණේ මාමගේ කටහඩ…ඒ එක්කම නැන්දත් අඩාගෙන දුවනවා දැක්කා..මේ ඇයි මේ…
සාගරත් පුදුම වෙලා බලනවා…ඒ එක්කම ෂෝ එකේ ඇඩ් එකක් ප්ලේ වුනා..ඔයාලා කොමමර්ෂල් එකක් දැම්මා…
මාමයි නැන්දයි ස්ටේජ් එකට ගිහින් සාගරව බදාගත්තා…දෙන්නම තරගෙට වගේ සාගරව ඉඔිනවා.. 😭😭
මමත් ගියා… ඒ කිට්ටුවට… ඇවිල්ලා ඉදපු හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා….මටත් මුකුත් හිතාගන්න බෑ… මාමයි නැන්දයි එක්ක මං ස්ටේජ් එකෙන් පිටට ගියා.. සාගරත් ආවා ඒ එක්කම…
ඇයි ආන්ටි මොකක් හරි ප්‍රශ්නයක්ද?😳😳"
"ඇයි මාමේ මේ අඩන්නේ මොකද වුනේ…😔😔"
"අනේ චුටියෝ අපේ පුතාව දෙවියෝ අපි ලගටම එවලා..ඒත් අපි දැනගෙන උන්නේ නෑ නේ.. 😭😭😭"
"තේරුණේ නෑ මාමේ… 😳"
"සාගර තමයි අපේ දරුවා පුතේ… ආන්ටි එහෙම කියලා සාගරව බදාගත්තා.. 😭😭😭"
"අනේ ඇත්තමද ආන්ටි…මට මේ මොකුත් හිතා ගන්න බෑ.."
"තව පැයකින් මේක ඉවරයි ආන්ටි…😳"
හරි පැය දෙකක් දෙන්න… මම හැමදේම පැහැදිලි කරන්නම්… දැන් මගේ රත්තරං ගිහින් දිනලා එන්න… ඔයාගේ ඇත්තම අම්මයි තාත්තයි ඔයාට ඉන්නවා කියලා හිතාගෙන…🥰🥰
සාගරගේ මුණේ අලුත් බලාපොරොත්තුවක් තියෙනවා වගේ කියලා මට හිතුණා..මම ඔය දේ නොකිවට මට සාගරව දැකපු දවසේ ඉදන් හිතුණු දෙයක් ඕක..මොකද සාගර එක පාරටම කතා කරනකොට මට ඇහෙන්නේ මාමගේ කටහඩ..ඈත ඉදන් එනකොට පෙන්නෙම මාමා එනවා වගේ…
අපි ඇවිත් ඕඩියන්ස් එකේ ඉදගත්තා…
නිවේදකයට ආන්ටි කියලා තිබ්බා ඒ ගැන කියන්න එපා කාටවත් කියලා..මොකද මීඩියාවල ඕක ගියොත් ඒක අපි හැමෝටම හොද නැති නිසා…
තරගේ විනිශ්චය දෙන වෙලාව උදා වුනා…සාගර එක්ක තව තරග කරැවන් 2ක් ඉදියා.. කොහොම හරි සාගර දිනුවා..මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ… සාගර එවෝඩ් එක අරන් කෙලින්ම ආවේ මගේ ලගට …🥰
"මේක ඔයාට අයිති එකක් මැණික… "
ඒක මට දීලා…
එයා නැමිලා මාමටයි ආන්ටිටයි වැන්දා…වදින්න නැමුණු පාර සාගර මාමගෙයි නැන්දගෙයි කකුල් දෙක බදාගෙන හොදටම අඩනවා….මාමා , මම, ආන්ටි නැගිට්ටවන්න හැදුවට නැගිටින්නේම නෑ…
මං බැරිම තැන රත්තරං දැන් නැගිටින්න…ඔයාට දැන් හැමදේම ලැබිලා ..අපි යන ගමන් කතා කරමු.. නැගිටින්නකෝ…
එතකොට සාගර කදුලු පිහදාගෙන නැගිට්ටා… ආයේ සාගර ස්ටේජ් එකට ගියා..
නිවේදකයා හරි ලස්සනට සාගරව වර්ණනා කලා… මොකද නිවේදකයා දැන් සාගරගේ මුලු ජිවිත කතාවම දන්නවා…
අවසාන වශයෙන් සාගරට කතා කරන්න අවස්ථාව උදා වුනා…
“ මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්….මේ වගේ මං ආදරයෙන් මතක් කරනවා..මගේ පවුල… මගේ නෝනගේ ආසාව තමයි මං ඉෂ්ට කලේ.. එයාට ඕනි කිව්වේ සිංදු කියන දොස්තර මහත්තයෙක්..ඒත් එක්කම මට ජිවිතේ අද ගොඩාක් සතුටු දවසක්… මගේ රත්තරං අම්මටයි තාත්තටයි පිං මගේ වුනාට…"
සාගර නැන්දටයි මාමටයි අද දික් කරලා කිස් කලා…
එයාලත් ෂිට් එකේ ඉදන් කිස් කලා…අනේ පව්.. දෙවියන්ට පිං..මේ වගේ දෙයක් කලාට…මං හදවතින්ම දෙවියන්ට පිං දුන්නා…
අපි ෂෝ එකෙන් පස්සේ කෙලින්ම ගියේ මාතර සාගරගේ ළමා නිවාසෙට…
ඒ යනකොට උදේ 5ට වගේ ඇති… නිවාසේ මැඩම් එක්ක අංකල් කෙනෙක් ඉදියා…
එනකල්ම සාගර කලේ ආන්ටිගේ උකුලේ නිදාගත්තු එක… පවු කවදාවත් අම්මෙක්ට තුරුල් වෙලාවත් ඉදලා නැතුව ඇති…
"සාගර ගිය ගමන්ම මැඩම්ට වැන්දා…මැඩම් මේ" මගේ අම්මයි තාත්තයිද?මේ විහගියේ මාමලා…"
"ඒක දිග කතාවක් පුතා ඉදගන්නකෝ…."
ඒ එක්කම අපි කට්ටියම ඉදගත්තා…
අංකල් කතාව පටන් ගත්තා…
"අනුරාධ මහත්තයගේ ගෙදර තමයි මම වැඩ කලේ… අවුරුදු 20කටත් වැඩිය …අනුරාධ මහත්තයා හරිම හොද මනුස්සයෙක්..ඒත් ලොකු මහත්තයා එහෙම එන්න එන්න බංකෝලෝත් වුනා..පස්සේ බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හොයනවා කියලා ඉදියේ..ඔහොම ඉන්නකොට දවසක් මට කතා කලා ගමනක් යන්න…"
"උඔ මට පොඩි වැඩක් කරලා දෙන්න ඕනි මහතුං…"
"මොකක්ද මහත්තයෝ…"
"මං දැන් උඔව ළමා නිවාසෙකට එක්කන් යනවා.ඒ ඉන්නවා පොඩි එකෙක් ..උඔ ඌගේ සීයා කියලා ..ඒ ළමයව භාරගන්න ඕනි… "
"එතකොට මහත්තයා.. "
"පොඩි වැඩකට..ඌ ජීවත් වුනා ඇති… ඌ හිටියොත් කවදහරි ඒක මගේ ගමනට බාධාවක්…ඒ නිසා ඌ පොඩි එකා වුනත් ඌව අයින් කරලා දාන්න ඕනි.."
"අපි ඊට පස්සේ නිවාසෙට ගිහින් දරුවව ගත්තා..අනේ අවුරුද්දක් විතර පොඩි කිරිසප්පයෙක්…මගේ පපුව හොස් ගාලා ගියා.."
"මාව අනුරාධ මහත්තයා අනුරාධපුරෙන් බැස්සුවා… බස්සලා කිව්වා පැයක් විතර ඔතන ඉදලා ළමයාව කුණු බක්කියට දාපන් කිව්වා… මහත්තයා තැනක් කිව්වා..පැයකින් වගේ එන්න කිව්වා…"
"මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා..කොලු පැටියගේ මුන දැක්කම දුකේ බෑ..අනික මට ඒ වගේ පවකට කරගහන්න හිත දුන්නෙම නෑ.. ඒ එක්කම එතැනින් ආපු මාතර බස් එකකට මං දරුවත් අරන් නැග්ගා.."
"කලින් ළමා නිවාසෙන් එනකොට ඒ නෝනා කිරි බෝතලයක්ම හදලා දුන්නා ඇඩුවොත් කියලා..ඒකත් පෙව්වා එන ගමන්…"
"මං ගත්තු තීරණේ එක්ක මං මාතරින් බැස්සා…මාතර මගේ අක්කා කෙනෙක් ළමා නිවාසෙක වැඩ කලා..මං බැහැලා කෙලින්ම ගියේ ළමා නිවාසෙට..ගිහින් විස්තරේ කිව්වෙත් මේ මැඩම්ට..මැඩම් හරිම කරුණාවෙන් ළමයව භාරගත්තා.."
"මම ආයේ කවදාවත් කොළඹ ගියේ නෑ…අනුරාධ මහත්තයා මගේ ගේ කෑල්ලත් ගිනි තියලා තිබ්බා..පස්සේ මං ගාල්ලේ ගෙදරක වැඩ කලා… ඒක තමයි වුනේ නෝනා.."
"අදටත් මම සතුටු වෙනවා එදා මම ගත්තු තීරණේ" ගැන…"
අන්කල් ආන්ටි මං හරිම වේදනාවකින් තමයි කතාව අහගෙන ඉදියේ..
"අනුරාධ මේ තරම් පහත් මනුස්සයෙක් කියලා මං කවදාවත් හිතුවේ නෑ.." මාමා හරි දුකින් කිව්වා…
ඒ දවස්වලම මම හිතුවා මේ ළමයා නිකන් දරුවෙක් නෙමෙයි කියලා..ඒ නිසාම තමයි.. මං මෙයාට ඉගෙනගන්න මාර්ගය හදලා දුන්නේ… නිවාසේ ඉදලා දොස්තර කෙනෙක් වුන පළමුවැනියා… මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි පුතේ…
"ආ දැන් රටම දන්න ගායකයෙක්නේ අපේ චුටි මහත්තයා.."🥰🥰🥰
සාගර අංකල්ට දණ ගහලා වැන්දා…සාගරට තරගයෙන් දිනපු නිසා මුදල් ත්‍යාගයක් ලැබුණා.. සාගර ඒක බැලුවේ වත් නෑ..කෙලින්ම නිවාසෙට පරිතයාග කලා…
"සාගර පුතා මේ වෙනකුත් අපේ… එත් මේ මොහොතේ ඉදන් ඔයාලගේ මිසිස් ඒකනායක…"
මේ ලියුම්වලට සයින් කරන්න…මට දරුවව අම්මටයි තාත්තටයි පවරනවා…
යන්න කලින් සාගර මැඩම්ට වැන්දා..මැඩම් සාගරව බදාගෙන හිටියා..මං දැක්කා මැඩම් අඩනවා… පව්..සාගර මේ තරම් දුරක් ආවේ මැඩම් නිසා…😭😭😭
මම ගෙදරට එනකොට වාහනේ ඩයිව් කලා.. තාත්තයි අම්මයි පුතයි හරි ආදරෙන් එන හැටි බල බල…. ඇයි මේ සතුට දෙන්න මේ තරම් පරක්කු වුනේ.. දෙයියෝ දුක් දීලා බලලා තමයි සතුට දෙන්නේ…මට හිතුනා…🥹🥹🥹
දැන් අපේ පවුල සම්පුර්ණයි කියලා මට හිතුණා… සාගර මට ඇවැස්ස මස්සිනා.. එයා මට වගේම එයාගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරේ කලා… කොයි වෙලෙත් සාගර එයාලගේ ඇගේ දැවටි දැවටිමයි ඉදියේ.. ඒ අතරේ තමයි මාමා කිව්වේ අපේ මැරේජ් එක ඉක්මනින් කරමු කියලා…🥰🥰🥰
සාගරගේ මෙඩිකල් සෙන්ටර් එක තිබුනේ අපේ ගෙවල් ලගමයි..එයා පෝයට බේත් දුන්නේ නිකන්..පුලුවන් හැමවෙලේම අපි 4 දෙනාම එකතු වෙලා පිං දහම් කලා..මමත් මාතර හොස්පිට්ල් එකට මාරුවක් හදාගත්තා..සාගර දැන් විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙක්…මාත් එහෙමයි… ඊට මාස 3කට පස්සේ අපේ වෙඩින් එන චාමේට ගත්තා…සාගර තරම් මට ආදරේ කරන කෙනෙක් මට මේ ජිවිතේදි හමුවෙන්නේ නෑ කියලා මට හිතුන වාර අනන්තයි…🥰🥰🥰
අවුරුදු 3කට පසු…👇👇👇😳
තාත්තම්මියෝ …. තාත්තම්මියෝ…තාත්තාසීයේ… එනනකෝ… චුටි දු හාබුන් හැදුවා…🥰🥰🥰
අනේ මගේ චුටි පැටියා හාබුන් හැදුවා… ම් ම් රසයි රසයි.. ආච්චිඅම්මයි සීයයි රස කර කර සෙල්ලම් බත් කනවා…🥹🥹🥹
ඒ සාගරගෙයි මගෙයි ආදරේ පළමු තෑග්ග…❤️❤️ නිහෙලි සහස්නා… ❤️❤️ චුටි කෙල්ල…සාගර වගේමයි…කට උල්කර කර පණ්ඩිත කතා කියනවා…තාත්තාම්මිගෙයි තාත්තාසීයාගෙයි පණ ටික…🥰🥰
සාගර ගෙදර එනකල් බලන් ඉන්නේ.. දෙකටම පිස්සු..ආපු වෙලේ ඉදන් දෙන්නගෙම කෝලම්…
ආන්ටියි මාමයි මේ දේවල් බලාගෙන උපරිම සතුටින් ජිවත් වෙනවා කියලා මට හිතුනා…එයාලා ඒ තරමට ජිවිතේ දුක් විදපු අය..අවුරුදු ගානක් හිතින් විදෝපු අය… මිනිස්සුන්ට හොදම දේවල් පහුවෙලා හරි ලැබෙනවා කියලා මට හිතුනා…🥹🥹
සාගර කෙල්ලව නිදිකරවලා කෝට් එකෙන් තිබ්බා…ඊට පස්සේ ආන්ටිටයි මාමටයි වැදලා කිස් කරලා ආවා.. එයා ඒ තරම් ඒ දෙන්නට ආදරෙයි…
කෝ මගේ බණ්ඩියා ආ…. සාගර හරි ආදරෙන් මට තුරුල් වුනා…🥰
රිදෙනවද මැණික කකුල් දැන්..
ඔව් සාගර මේ හරිය..😔
සාගර බාම් එක අරන් මගේ කකුල් දෙකම මසාජ් කලා…
ඒ කරලා ඇවිත් මගේ මුළු මුණම ඉම්බා… හරි ආදරයක් ඒක. පැයක් වුනත් මාව තුරුලු කරන් ඉදියි..
මං හරි ආසයි ඔයාට.. ආයේ එකක් හදමුද? සාගර හිනාවෙලා ඇහුවා..
ඇයි දැන් මේ දෙකත් මදි වෙලාද?😳 ආ මං හිනාවෙලා ඇහුවා..
සාගර එපා මැණික ඇති..මේ පාර කොලු පැටියෙක් මට ඕනි හොදේ… ඔයා වගේම…🥰🥰
මගේ කුසේ සාගරගේ තව දරු පැටියෙක් වැඩෙනවා.. මට ජිවිතේ වෙන සැනසීමක් කොයින්ද? මේ තරම් ආදරණීය පවුලක් ඉන්නකොටට…🥰🥰🥰
අපි කොයි තරම් දේවල් එකපිට එක නැති වුනත්… දේවල් ලැබෙනකොට එක පිට එක ලැබෙනවා… ඒක තමයි ජිවිතේ ඇත්ත..කවදාවත් මොන ප්‍රහ්න ආවත් ජිවිතේ අතරමග අතඅරින්න එපා…මොකද දුක්විදලා ලබා ගන්න සතුට අමරණීයයි…🥰🥰🥰🥰
ඉතිං විහගි කතාව අදින් අවසන්… මේ තරම් කාලයක් මා එක්ක ඉදපු ඔයාට මං ගොඩාක් ආදරෙයි..ඔයාගේ ජිවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…