පසුගිය කොටසින්…
“ සහන් අනුරාධ කොලඔදි ඇක්සිඩන්ට් වෙලාලු.. එතනමලු..,”😔
“අයියෝ ෂික් “ මනුස්සයා කරපුවට එහෙම නොවුනොත් තමයි පුදුම…🤔
“බබාව හොයාගන්න තිබුන අවසාන බලාපොරොත්තුවක් නැතිවුනා සහන්…
ආන්ටිට ඇඩුනා..😭😭
“අඩන්න එපා තමරි..කොහොම හරි කරලා අපි ඩොක්ටර්ව හොයා ගමු… “
අද එතැන් සිට…👇👇👇👇
මටත් තාම හිතාගන්න බෑ. මාමගේ දරුවා කොහොම හොයා ගන්නද කියලා…මොකද අපිට තොරතුරක් ගන්න හිටිය හැමෝම නැති වෙලා… ඇයි දෛවය මේ තරම් මිනිස්සුන්ට රිද්දන්නේ කියලා මට හිතුනා…
ඒත් එක්කම සාගර මට කෝල් කලා…මං කතා කලේ මාමාලා ඉස්සරහමයි…🥰
“ගුඩ් මොනින් සාගර.. තාම ගෙදර..ඔව් හවසට යමු නේද? වැඩක් නැත්නම් මේ පැත්තේ එන්නකෝ… “මං කිව්වා..
“එන්න නම් කැමති… මං ආසයි ගෙදර අයව දකින්න… “මගේ අම්මා නෑ මගේ හැමදේම මාමා තමයි කියලා එයා දැනගෙන හිටියා….
මාමේ සාගර එනවා කිව්වා…ආන්ටිත් ඉමු දවල්ට කාලාම යමු ආන්ටි… මං ඉක්මනට උයලා ගන්නම්…🥰
“මාත් උදව් වෙන්නම් පුතේ..එපා ආන්ටි මාමා එක්ක කතා කර කර ඉන්නකෝ…”
“අපි තුන්දෙනාම උයමු… චුටියා උයන්නකෝ… අපි උදව් වෙන්නම් ..නේද තමරි..”
“ඔව් සහන්…”
මම රතු බත් උයලා , චිකන් ඉව්වා..මාමා ගොටුකොල සම්බෝල වලට කොල සුද්ද කලා… තව අල තෙල් දාලා…කට්ලට් ටිකක් හැදුවා..ආන්ටිත් හැමදේටම උදව් කලා…
“ෆයිනල් එක්සෑම් කවදද පුතේ…ඊට පස්සේ ට්‍රේනින් ගොඩාක් දුර වැටෙයිද දන්නේ නෑ…නේද? “
“ ලබන මාසේ ආන්ටි මොනව වෙයිද දන්නේ නෑ…ඒත් මං ආසවෙන් ඉන්නේ ට්‍රේනින් යන්න…”
“ සාගරගේ ගෙවල් කොහේද පුතේ..කොල්ලා හරි අහිංසක ගුණ යහපත් කොල්ලා… කෙල්ල ගැන මට බයක් නැත්තේ ඒ නිසා.. “මාමා කිව්වා..
“එයත් මේ මාතරම තමා මාමේ.. “
“මාතර කොහේද පුතේ..“
“ මාතර ළමා නිවාසේ මාමේ “ මං දුකින් කිව්වා…මං මාමටයි ආන්ටිටයි විස්තරේ කිව්වා…😭😭
“අපේ දරුවත් කොහෛ් ඉන්නවද? මොනවා කරනවා ඇත්ද තමරි… පව් “මාමා කිව්වා…
එතකොටම වීල් එකක් ඇවිත් මිදුලේ නවත්වනවා ඇහුණා..
මං දුවලා ගියා ගේ ඉස්තෝප්පුවට..මං හිනාවෙලා සාගරව පිලිගත්තා.. මොනවදෝ අරන් ඇවිත් මේ පණ්ඩිතයා.. කවර දෙක තුනක්ම අතේ තිබ්බා..
මාමයි නැන්දයි සාගර දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉදියා.. සාගරත් හරි අහිංසක කමට අපි දිහා බැලුවා… 🥹🥹
“එන්න පුතා… අපි එනකල් ඉදියේ මේ “
“හොස්ටල් එකේ ඉන්න කම්මැලියි අංකල් ඒ නිසා ආවා ඇවිල්ලා යන්න..”😳
“විහගි මේ යෝගට් මුට්ටියක් ..ෆිජ් එකෙන් තියන්න..”සාගර කිව්වා…
මං අපි හතර දෙනාටම බොන්න කූල් ෆැෂන් ජුස් අරන් ආවා..ඒක බීලා මායි ආන්ටියි ගියා කෑම ටික අරින්න..දැන් දවල් වෙලා නිසා…මං දැක්කා සාගර මාමා එක්ක වත්ත පහළට යනවා…
දෙන්නත් එක්ක ඈත ඉදන් එන හැටි මායි ආන්ටියි බලා ඉදියා…
“බලන්නකෝ ආන්ටි තාත්තයි පුතයි වගේ එන හැටි…” මං හිනාවෙලා කිව්වා..
“ඒක තමයි පුතේ මාත් කල්පනා කලේ… අපේ දරුවත් හිටියා නම් මේ වගේ ඉදිනේ… “
“අපි අයියව කොහොම හරි හොයාගමු …මං කිව්වා..😔😔
“අපි හතර දෙනාම එකට ඉදගෙන හිනාවෙවි කෑම කෑවා..මං දැක්වා සාගර ලොකු සතුටකින් හිටියේ..
“ජිවිතේ අද තමයි මං වැඩියෙන්ම සතුටු වුනේ… පවුලක කොයි තරම් සතුටක් තියෙනවද? මගේ ජිවිතේ පළවෙනි වතාවට තමයි මගේ කියලා හිතෙන අය එක්ක..මෙහෙම ඉදගෙන සතුටින් බත් කටක් කෑවේ..විහගිට පින්… “
මට ඇඩුනා ..මට තලින් මාමයි නැන්දයි ගිහින් සාගරව බදාගත්තා..එයාලටත් ගොඩාක් දුක හිතෙන්න ඇති……
කෑම කාලා මාත් ලෑස්ති වුනා කැම්පස් එකට යන්න…අපිත් එක්කම ආන්ටිත් යන්න ලෑස්ති වුනා..අපි මාමාට සමුදීලා ගෙදරින් ආවා…
අපි මාතරින් හයිවේ බස් එක ගත්තා… එනකොට අපි එක්සෑම් එක ගැන ගොඩාක් දේවල් කතා කර කර තමයි ආවේ…
කොහොම හරි මේ විදියට දින සති ගෙවිලා ගියා…අපි ෆයිනල් එක්සෑම් ලිව්වා..හිතුව වගේම මටවත් සාගරටවත් එක්සෑම් අමාරු වුනේ නෑ,..අපි ඉහලින්ම විබාගේ පාස්වෙලා තිබුණා…අපිට ට්‍රේනින් පටන් ගන්න දිනත් ලං වෙලා තිබුනේ… ඒ අතර සාගර දවසක් හදිස්සියෙන් ඇවිත් මට කතා කලා..මං එතකොට ගෙදර ඉදියේ..
“ඇයි සාගර හදිස්සියක්ද? “😳
“ඉක්මනට ලෑස්ති වෙලා එන්නකෝ විහගි..පොඩි ගමනක් යන්න තියේ.”.😳
අපි එහෙමම කොළඹ ආවා..ආවේ මහරගම තියෙන ප්‍රයිවට් නර්සින් හෝම් එකකට..
“ මේ හොස්පිට්ල් එකේ තමයි මාව හම්බ වෙලා තියෙන්නේ විහගි.. ළමා නිවාසේ මැඩම් කිව්වේ…එතැනට මාව ගෙනත් දීලා තියෙන්නේ අංකල් කෙනෙක්…“
“මෙහේ පොත්පත්වල හරි මොකක් හරි සදහනක් තියෙයිද බලන්න මං ආවේ …”
“ සාගර කොයි තරම් උත්සහ කලත් එහෙම කිසිම විස්තරයක් අපිට හොයා ගන්න බැරිවුනා..“
“ මට මෙහෙම අනාථයෙක් විදියට ජිවත් වෙන්න බෑ විහගි.. මගේ අම්මයි තාත්තයි හොයාගෙන මට අහන්න ඕනි ඇයි මට මෙහෙම කලේ කියලා…“🥹🥹
“ අනේ සාගර ඔහොම කියන්න එපා..මට දරාගන්න බෑ.. …“ මං කිව්වා…
අපි දෙන්නා මහරගම හයිවේ එකෙන් බස් එකේ නැගලා ආයේ මාතරට ආවා… ඒ එනකොට මට සාගරගේ උරිස්ස උඩ නින්ද ගිහින්… ලැජ්ජාවේ බෑ..
ඔහොම ගිහින් අපි ට්‍රේනින් යන දවස් ලං වුනා..මට පත්වීම ලැබුනේ කෑගල්ල හොස්පිට්ල් එකකට..සාගර යන්න තිබුනේ පනාමුරේ තිබ්බ හොස්පිට්ල් එකකට…
අපිට හමුවෙන්න ටයිම් තිබ්බේ නැ..මොකද අපි මේ රස්සාව ලොකු වගකීමකින් කරන්න ඕනි නිසා …😳😳
මං පුලුවන් හැමවෙලාවකම මාමාව බලලා යන්න ආවා.. මාමා ගොඩාක් සතුටින් ඉදියේ ..මොකද එයාගේ දුව ඩොක්ටර් කෙනෙක් නිසා..මගේ ජොබ් එකට ආන්ටිගෙන් ලොකු සපොර්ට් එකක් ලැබුනා… එයාගේ අත්දැකිම් මා එක්ක හැමවෙලේම බෙදාගත්තා..ඒ අතරේ අපි මාමගේ පුතාව හොයන වැඩෙත් දිගටම කරගෙන ගියා..ඒත් අපිට සුතුටුදායක තොරතුරක් ලැබුනේ නෑ..
දවසක් උදේ සාගර කතා කලා..
විහගියෝ මට ඔයාව හමුවෙන්න ඕනි..අද ඔයාට එන්න පුලුවන්ද පොඩ්ඩක්..මම කොලඔට යනවා …🥹🥹
මමත් හාෆ් ඩේ එකක් දාලා අවිස්සාවේල්ලට ආවා…ඊට පස්සේ අපි දෙන්නම කොලඹ ගියා… යන ගමන් සාගර මට කන්න රසම රස පැටිස් 4ක්ම ගෙනත් තිබ්බා…එයා පොඩි කාර් එකක ඇවිත් තිබ්බේ..හොස්පිට්ල් එකේ යාලුවෙක්ගේ..
යන ගමන් මග නතර කරලා ..පොඩ්ඩක් කතා කරමුද විහගියෝ කියලා ඇහුවා…
“ඔව් කියන්න දොස්තර මහත්තයෝ… “🥰🥰
“දොස්තර මහත්තයා උනාට මුළු ජිවිතේම පාලුයි.. කවුරුත් නෑනේ… අනාථ දොස්තර කෙනෙක්.. බැරිද අපේ දොස්තර නෝනට මේ දොස්තරව අරන් හදාගන්න ජිවිත කාලේම… “😳🥹🥹🥹
සාගර මගේ ඇස්දෙක දිහා බලාගෙනම ඇහුවා…
මට කිසිදෙයක් කියා ගන්න බැරි වුනා…මේ මොකක්ද වෙන්නේ කියලා හිතුණා..
ඉතිරිය එකලොස් වන දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…🥰🥰🥰