පසුගිය කොටසින්..
“දොස්තර මහත්තයා උනාට මුළු ජිවිතේම පාලුයි.. කවුරුත් නෑනේ… අනාථ දොස්තර කෙනෙක්.. බැරිද අපේ දොස්තර නෝනට මේ දොස්තරව අරන් හදාගන්න ජිවිත කාලේම… “🥰
සාගර මගේ ඇස්දෙක දිහා බලාගෙනම ඇහුවා…
මට කිසිදෙයක් කියා ගන්න බැරි වුනා…මේ මොකක්ද වෙන්නේ කියලා හිතුණා..
අද එතැන් සිට…👇👇👇
“ ඇයි විහගියෝ සද්දයක් නැත්තේ…මට කැමති නැද්ද? මාව යාලුවෙක් විදියට විතරද දකින්න පුලුවන් ඔයාට.. මට අම්මා තාත්තා නැති නිසාද අකමැති…“😳
ඒ වචන ටික කියනවත් එක්කම විහගි සහන්ගේ කට එයාගේ අතින් වැහුවා…
“ආයේ ඔය කතාව කිව්වොත් මම නෑ කියලා හිතාගන්න…”😡
සාගරගේ මුලු මුණම අදුරු වුනා….
“මම ඇයි ඔයාට අකමැති වෙන්නේ…සාගර..ඔයා තරම් හොද කරුණාවන්ත ආදරණීය කෙනෙක් මගේ ජිවිතේට ලැබෙන එකත් සැනසීමක්…මම කොහොමත් හෙව්වේ මගේ මාමා වගේ කෙනෙක්… ඔයත් ඒ විදිහමයි… “🥰🥰
සාගර මගේ අත හයියෙන් අල්ලගත්තා..ඊට පස්සේ මගේ ඔලුව හරි ආදරෙන් අත ගෑවා..
“මට දැන් ජිවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා…විහගියෝ…“🥰🥰
අපි කොළඔ ගිහින් කැම්පස් එකටත් ගිහින් තමයි ආවේ.. එන ගමන් ගංගාරාමේ පංසලට ගිහින් මල් පුජා කරලමයි අපි ආවේ.. එන ගමන් සාගර එයාගේ හොස්පිට්ල් එකේ විස්තර කිව්වා..මාත් කිව්වා..සමහර කතාවලට අපි දෙන්නට හොදටම හිනා… ආයේ ඉක්මනට හමුවෙන පොරොන්දු පිට මම සාගරගෙන් සමු අරන් ආවා… මම ආපු ගමන් කලේ මාමට කොල් කරපු එක…
“මගේ බෑනත් ඩොක්ටර් කෙනෙක් එහෙනම්.. “මාමා හරි ආඩම්බරයෙන් කිව්වා…
“එයත් මාමා වගේවයි මාමේ..මං හොය හොය ඉදියේ මාමා වගේ කෙනෙක්… “🥰🥰
“ ඔයාලට වරදින්නේ නෑ පුතේ..කවදද ගෙදර එන්නේ …“
“නිවාඩු ලැබුන ගමන් මාමේ..සමහරවිට ලබන සතියේ වගේ… “
මං ආන්ටිටත් කතා කරලා විස්තරේ කිව්වා… ඒත් එක්කම මං කල්පනා කලේ..ඇයි මාමයි ආන්ටියි මැරි කරන්නේ නැත්තේ කියලා… එයාලා ආදරේ කරපු අය..ආන්ටිත් ඔහේ ජිවත් වෙනවා..මාමත් එහෙමයි..එයාලට දැන් හරි ජිවිතේ විදින්න පුලුවන් . ඒ නිසා මාමටයි නැන්දිටයි මේ යෝජනාව කරන්න ඕනි කියලා මං හිතාගත්තා…
“ මගේ මැණික තාම ඩියුටිද? කෑවද? “මට මැසේජ් එක දැක්කම හිනා.. 🥰🥰
“ කවුද දැන් මැණික ?“🤣🤣
“මගේ පණ ටික තමයි..ඉතිං…”🥰🥰
මං තාම වැඩ මැට්ටෝ..ඔයා කන්නකෝ… මං නිවාඩු ආවහම රසට බත් ටිකක් උයලා දෙන්නම්…”
ඔහොම තමයි අපේ ආදරේ ගෙවිලා ගියේ..ඒත් එක්කම මට නිවාඩු ලැබිලා මං ගෙදර ගියා.. යනකොට මං ආන්ටිට කෝල් කලා ඒ පැත්තේ එන්න කියලා…
ආන්ටි අද ගෙදරින්ම උයාගෙන ඇවිත් .මාත් ආවා විතරක් නිසා..වොෂ් එකක් දාගෙන සාලෙට ආවා..එනකොට ආන්ටි මාමා එක්ක ලොකු කතාවක්..
“ අර ඩොක්ට මේ සතියේ ලංකාවට එනවලු..මං කන්ප්ලේන් කරපු නිසා එයා මට කතා කලා..එයා විස්තරේ මට කියන්නම් කිව්වා..ඇවිල්ලා හමු වෙන්න කිව්වා… “
“අනේ ලොකු දෙයක් ආන්ටි අපිට අයියව ඉක්මනට හොයා ගන්න පුලුවන්.. “😔
මං භාරයකුත් උනා පුතේ… මේ දේ දැනගත්තු දවසේ ඉදන් එක රැයක් හරියට නිදා ගත්තේ නෑ…..
මං ආන්ටිගේ අත අත ගෑවා..මාමාත් දුකින් බලාගෙන ඉදියා…😔
“හරි ආන්ටි අපි දැන් කාලා ඉමු.. ම් සුවදේ බෑ.. “
ආන්ටි කහබත් එකක් හදලා..ඉස්සෝ ඩෙවල් දාලා..අල කිරිහොදි හදලා..චිකන් කට්ලට් හදලා… කජු මාලුවකුත් හදලා…
“අනේ සාගර පුතත් ඉදියනම්.. “මාමා කිව්වා..
එයා හෙට දිහාට එයි මාමේ.. අදත් ඩියුටි…
කනගමන් මම කටහඩ අවදි කලා..
“මාමේ ඔය දෙන්නට මං පොඩි යෝජනවාවක් කරන්න කියලා..”🥹
“මොකක්ද චුටියෝ… “
“ඔය දෙන්නට ඇයි මැරි කරන්න…”🥹🥹
මාමයි ආන්ටියි දෙන්නම මුණට මුණ බැලුවා.. 🥹🥹
“මං පොඩියට ඕගනයිස් කරන්නම්..ආදරේ කරලා වෙන් වෙලා ඉන්න එපා මාමේ..මාෂි නැන්දත් කොහේ හරි ඉදන් බලාගෙන ඇති..ඒත් කවදාවත් එයා වරදක් හිතන එකක් නෑ..අනික අපි හැමදාම දුක් වින්දේ…ඉස්සරහට හරි සතුටින් ඉන්න ඕනි… “
“ආන්ටි පුටුවෙන් නැගිටලා ඇවිත් මාව බදාගෙන ඇඩුවා..මම සහන්ට ගොඩාක් ආදරෙයි පුතේ… “🥹🥹🥰
මාමාගේ ඇස්වලත් කදුලු…මමයි සාගරයි ප්ලෑන් කරලා අපේ නිවාඩුව ඉවර වෙන්න කලින් මාමගෙයි ආන්ටිගෙයි පුංචි වෙඩින් එක චාමෙට ගත්තා… දැන් මාමට 38ක් ආන්ටිටත් එහෙමයි..ඒත් කවදාවත් ආදරේට වයස ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ කියලා මට හිතුණා.. දැන් ඒ දෙන්නට ඒ දෙන්නා ඉන්නවා..එයාලා මැරි කරලා ගියේ උඩවලව පැත්තට..ඒ හොටෙල් එක බුක් කලේ සාගර..
අපි දෙන්නත් ආන්ටිලා එක්ක එහේ ගියා..නාලා කාලා අපි ගොඩාක් විනෝද වුනා..ඊට පස්සේ ආන්ටිලට නිදහසේ ඉන්න කියලා… අපි දෙන්නා ගියා සංඛපාල විහාරෙට..
“ මේ අවුරුද්දේ අග වගේ ට්‍රේනින් එක ඉවර වෙයි මැණික…”
“ ඊට පස්සේ අපි මැරි කරමුද?
“මොකද ඔච්චර හදිස්සි දොස්තර මහත්තයට.. “
“මට ඔයාලා එක්ක ජිවිතේ විදින්න ඕනි මැණික… ජිවත් වෙනවා කියලා හිතෙන්නේ දැන්.. ඉක්මනට වයසට යයි කියලා මට බයයි.. ඒ නිසා…කාලයට ඔහේ යන්න දෙන්න බෑ.. “සාගර කිව්වා..
මට පව් කියලත් හිතුණා.. අම්මා තාත්තා , පවුලක් නැති අය විතරයි පවුලක වටිනාකම දන්නේ..
“හ්ම් එහෙනම් බදිමුකෝ…ඉක්මනට “
“මම නම් හිතාගෙන ඉන්නේ බබාලා 5ක් වගේ හදන්න..මදිද මැණිකේ ඔයාටට…”
“අනේ අම්මෝ 5ක්…මැට්ටෝ මාව මරාගන්නද හදන්නේ ආ…. “🤣🤣
“අනේ නෑ මැණික මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි… “
කොහොම හරි අපි මාමලත් එක්ක ආපහු එනකොට රෑ වුනා..අපිව දාලා සාගර ළමා නිවාසේ මැඩම් බලන්න ගියා..එයා මැඩම්ට හරි ආදරෙයි..ඉතිං දැන් මාමයි නැන්දයි හරි සතුටින් ඉන්නවා කියලා මට තේරුණා..
“ පුතේ හෙට අර ඩොක්ටර් එන්න කිව්වා..එයාගේ මහරගම ගෙදරට…”
“අපි යමු ආන්ටි…මං අද ලීව් එකක් දාන්නම්…”
අපි උදේ 8 වෙනකොට ඩොක්ටගේ ගේ ගාවට ආවා..කියපු විදියට ඩොක්ටර් ඉදියා..
“එන්න මිස් ,සර් ඉදනගන්න..දුව ඉදගන්න… ”
“මං අජන්ත දිසාසේකර , මහරගම නර්සින් හෝම් එක මගේ..
“අනේ ඇයි ඩොක්ටර් අපේ දරුවා අපිට නැති කලේ… “ආන්ටි අඩ අඩ ඇහුවා…😭😭
“ඒ කරපු පවට මං අදටත් විදවනවා.. “
“ කොහේද ඩෝක්ටර් අපේ දරුවා..මාමා කෑ ගහලා ඇහුවා..“
“අනුරාධ දරුවව භාර දුන්නේ නුගේගොඩ තියෙන ළමා නිවාසෙකට”😔😔
අනේ දෙයියනේ මගේ දරුවා..එක පාරටම ආන්ටිට පේන්ට් එකක් ඇවිත් බිමට වැටුනා..ඒත් එක්කම මායි මාමයි පැනලා ආන්ටිව අල්ල ගත්තා…
ඉතිරිය දොලොස්වැනි කොටසන්…
ඉතිං කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..