පසුගිය කොටසින්…🥹
“අනේ නෑ පුතේ…මාමිට බය ඇති මං නිසා ආයෙත් ප්රශ්න එයි කියලා..තාත්තිට ටිකක් අමාරුයි..මං මේ හොස්ප්ට්ල් ඇඩ්මිට් කරන්න අරන් යනවා පුතේ..පස්සේ ගන්නම්..
“කොහේද හොස්පිට්ල් ආන්ටි…”
“නවලෝක පුතා…”
මම මාමට විස්තරේ කිව්වම මාමා ආන්ටිව බලන්න යන්න ලැස්ති වුනා…මාත් ඉක්මනින් ලැස්ති වෙලා ගියා..අපි රෑ 8 වෙනකොට හොස්පිට්ල් එකට ගියා…
“සහන් ඔයා මෙහේ…”
අද එතැන් සිට..👇👇👇👇
“ඔව් තමරි …මට සමාවෙන්න..මං හිතුවට වඩා ගොඩාක් දේවල් වෙලා…”මං මේ කිසිදෙයක් දන්නේ නෑ..මාෂි මට කිව්වෙත් නෑ…
“ ඒවා වැඩක් නෑ සහන්…“
“කෝ තාත්ති… “
“එන්න සහන් රෑම් එකේ..ටිකක් අමාරුයි.. හාට් ෂේෂන්ට් කෙනෙක් එයා.. “
“තාත්ති මේ සහන්… “එහෙම කියනකොටම තාත්ති සහන්ට අත්දෙක එකතු කරලා වැන්දා…
සහන් එක පාරටම තාත්තිගේ අත් දෙක අල්ලලා එපා මහත්තයා කිව්වා..
“ඔයාලගේ දරුවා ජීවත් වෙනවා පුතේ තාම… “😭😭
“ මොනවද තාත්ති මේ කියන්නේ“
“අනුරාධ තමයි මේ ප්ලෑන් ගහලා තියෙන්නේ..ඊයේ රෑ මට කොල් කලා මුණුපුරා ඕනි නම් කෝටි 15ක් දෙන්න කියලා..ෂුවර් නැත්නම් ඩී එන් ඒ එක කරලම සල්ලි දෙන්න කිව්වා…”“😔😔
“අනේ තාත්ති මගේ දරුවා…අනේ සහන් අපේ බබා…. “
“දැන් මේ දරුවගේ වයස ඇති පුතේ..”
ආන්ටි කෑගහලා ඇඩුවා… සහන් මාමා ආන්ටි ලගට ගිහින් වත්තම් කරගෙන කාමරෙන් එලියට අරන් ගියා… මං සීයා ගාව ඉදියා..එකපාරටම සීයාට අමාරු වුනා…මං කෑගැහුවා…එලියට ගිහින් මාමාට කිව්වා සීයාට අමාරුයි කියලා..
ඩොක්ටර්ස්ලා ගොඩාක් ආවා..අපි එලියට වෙලා ඉදියා ..එත් එයාලා කොයි තරම් උත්සහ කලත් සීයාව බේරගන්න බැරි වුනා…ඒකනායක මහත්තයාගේ දේහය මාතර නිවසට ගෙනිච්චා…ගොඩාක් දෙනෙක් ඒකනායක මහත්තයට අවසන් ගෞරව දක්වන්න ආවා…සහන් මාමයි මායි මේ දවස් ටිකේම ආන්ටි ලගින් ඉදලා හැමදේටම උදව් කලා..මේ අතරේ සාගර මට ගොඩාක් කෝල්ස් අරන් මැසේජ් දාලා තිබ්බා..
එත් මට එයාට ගන්න වෙලාවක් තිබ්බේ නෑ…පව්නේ කියලා මං අපේ පවුලේ ෆියුනරල් එකක් වෙලා කියලා..මැසේජ් එකක් දැම්මා…
හත් දවසේ බණවලින් පස්සේ මායි මාමයි ගෙදර යන්න හදනකොට ආන්ටි ඇඩුවා..
මං ඉක්මනට එන්නම් තමරි..ඔයාට බැරිද මෙහෙට ටාන්සර් එකක් ගන්න…😒
“ ඔයාට මතකද සහන් තාත්ති අන්තිමට කියපු දේ“ආන්ටි ඇහුවා..
“ඔව් තමරි අපේ කොල්ලා මේ කොහේ හරි ඇති… “මාමා කිව්වා
“ ඔයා කොහොමද දන්නේ පුතෙක් කියලා..“
“ බබා ලැබුන ගමන් මං බබාව දැක්කා..බබාව එයාලා අරන් ගියා පරික්ෂණයකට කියලා..ඊට පස්සේ බබා නැතිවුනා කියලා වහලා ගෙනාවේ තමරි…“
“ අනේ ඇයි දෙයියනේ මට මේ දේවල් කිව්වේ නැත්තේ..“
“මං ඊට පස්සේ දවස් කිහිපයක්ම ඒ හොස්පිට්ල් එකට ගියා..දරුවට මොකද වුනේ බලන්න..හැමදාම කලේ ඒ අය මට බැනලා එලියට දාපු එක..දවසක් පොලිසියට අල්ලලා දුන්නා පිස්සෙක් කියලත්.. “මාමට ඇඩුනා…😭😭
අනේ පව් දෙයියනේ..මාමේ ඒ ඩොක්ටර්ව හොයාගන්න බැරිද? මං ඇහුවා..
“එයා රට ගිහින් පුතේ..මං මේ දේපළ සේරම අනුරාධට දීලා හරි මගේ දරුවා හොයගන්නවා… ආන්ටි කිව්වා…”😔😔
“අපි අනුරාධ හම්බවෙලා කතා කරමු තමරි…”
“ඔයා එපා සහන් ඔය මනුස්සයා අමනුස්සයෙක් ආයේ ඔයාට කරදර කරන්න පුලුවන්..අපි ආයේ හමුවුනා කියලා අනුරාධ දැනගන්න හොද නෑ..” ආන්ටි කියනකොට මායි මාමයි දෙන්නම ඔලුව වැනුවා…
මම සති දෙකකට විතර පස්සේ තමයි කැම්පස් එකට ගියේ ..
“අන්න කුමාරයා මැරිලා වගේ හිටියේ මේ ටිකේම…” නෙතුකි කිව්වා…
කවුද? මං ඇහුවා..
වෙන කවුද …සාගර මල්ලි මිසක්…🫢
අනේ මේ එයා මොකටද මං නැති වුනාම දුක් වෙන්නේ…😒
අපි නම් දන්නවා දුක්වෙන හේතුව…🫢
පිස්සු නැතුව වරෙන් ලෙක්චර් යන්න…🫢
ලෙක්චර් ඉවර වෙලා එනකොට සාගර ඇහුවා “කොහේද මල ගෙදර මටත් කියන්න එපැයි…”
“ මේ දුරින් නෑ වෙන කෙනෙක්ගේ..“
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද? තනියම නිදහසේ…
“දැන් කියන්නකෝ…” මං කිව්වා
මං හවසට එන්නම් 4ට වගේ ..දැන් යනවා විහගි කියලා දිව්වා…
අයියෝ මේ මෝඩයට මොනවද අප්පා මේ තරම් කියන්න තියෙන්නේ…😳
කොහොම හරි හවස 4ට එයා හොස්ටල් එක ලගට ආවා… ඊට පස්සේ එයා මාව එක්කන් ගියේ කැෆේ එකකට ..එතන හරිම නිදහස්…
හරි දැන් ඔයා හිතනවා ඇතිනේ සාගර ඇයි ඔයාට මේ තරම් වද දෙන්නේ කියලා..ඔයා මාව දන්නවා උනාට මගේ කතාව දන්නේ නෑ නේ විහගියෝ…මම ඔයාටම ඇණයක් වෙන්න නම් ලොකු හේතුවක් තියෙනවා…
ඒ මොකක්ද ඒ… මං පුදුමයෙන් ඇහුවා…😳
ඔයා දවසක් මාතර ක්ලාස් යනකොට ඔයාට මතකද පොඩි කොල්ලෙක් බයික් එකක් හැප්පිලා පාරේ වැටිලා ඉදියා… ඔයා ඒ කොල්ලව කෑ ගහලා අඩලා වීල් එකක දාගෙන හොස්පිට්ල් ගෙනිච්චා…
ඔව් පවු අහිංසක ලමයෙක් …එයාව කවුරුත් හොස්පිට්ල් එකට ගෙනි යන්නේ නෑ… ඒකයි මං එහෙම කලේ..කාගේ වුනත් ජිවිතයක් නේ…
එයා අහිංසක ලමයෙක්ද? සාගර හිනාවෙලා ඇහුවා…
විහිලු කරන්න එපා අනේ කියන්නකෝ…මං එයාගේ අතට ගැහුවා…
ඒ ළමයා මං විහගියෝ….ඔයා එදා මාව ගෙනිච්චේ නැත්නම් කකුල කපන්න වෙනවා කිව්වා..ඒ වෙනකොටත් ලේ ගොඩාක් ගිහින්…
අනේ දෙයියනේ…. මේ ඇත්තමද?😔😔
“ඔව් ..ඊට පස්සේ මං ඔයාව ගොඩාක් හෙව්වා…අවසිහියෙන් වගේ උනත් මට ඔයාව හොදට මතකයි..ක්ලාස්වලත් දැකලා තියෙනවා..”
“ඉතිං දවසක් කැම්පස් ආවට පස්සේ මං මාතරදී දැක්කා… පස්සේ මීටර් වුනා කැම්පස් එකේ මගේ බැජ් එකේමනේ කියලා…බලෙන් කතා කරත් don't care නේ.. ඉතිං ඒකයි වාතයක් වුනේ… ඔයාට මාව කරදරයක් කියලා දැනුන නිසයි මං මේ දේ කියන්න හිතුවේ…”
“අනේ එහෙම නෑ සාගර , මේ ටිකේ කරදර ඒකයි මට ගන්න බැරි වුනේ..සොරි ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ.. “
“එතකොට ඔයා මාතර කොහේද? අම්මා තාත්තා මොකද කරන්නේ…”
“අම්මද ? සාගරගේ මුණ වෙනස් වෙනවා මං දැක්කා…
“ මාත් මගේ අම්මවයි තාත්තවයි තමයි හොයන්නේ විහගි…“
“ඒ කියන්නේ සාගර මට පැහැදිලි නෑ..” මං කිව්වා…
“මං හැදුවේ ළමා නිවාසෙක ..මගේ අම්මා තාත්තා කවුද කියන්න මං දන්නෙත් නෑ.. “ සාගරගේ ඇහින් කදුලක් කඩාගෙන වැටුණා…😭😭
ඒ අතර අපි ඔඩර් කරපු ලෙමන් ජුස් දෙකයි ,චිකන් සැන්විච් දෙකයි ආවා..සාගර ඉක්මනට කදුලු පිහිදා ගෙන වේටර ට කෑම ටික මෙසෙන් තියන්න කිව්වා…
“කන්න විහගි…මං පොඩි යු ටියුබ් චැනල් එකක් කරනවා…ඒකේ ඉන්කම් එකෙන් වියදම් ටික කවර් කරගන්නවා…”🥹🥹
“ අනේ සාගර… මටත් දුකයි ඔයා ඔහොම අඩන්න එපා..“😭😭
“ඇයි විහගි එයාලා මාව වදලා මැරුවේ නැත්තේ…මේ තනිකම මට දැන් ඇති වෙලා… “😭😭
“අනේ එහෙම කියන්න එපා සාගර එයාලට මොකක් හරි ලොකු ප්රශ්නයක් තියෙන්න ඇති… “මං එයාගේ අත අතගෑවා…
“ඔයා කෙහොමද එතකොට මේ තරම් දුරට ඉගෙන ගත්තේ… සාගර…”
“ළමා නිවාසෙට අංකල් කෙනෙක් දානයක් දෙනවා හැම මාසේම..මං එයාගේ නැතිවුන පුතා වගේලු..පුතා ඕස්ටේලියාවෙදිලු නැති වුනේ.. ඉතිං එයාලට කවුරුත් නැති නිසා මට ඉගෙන ගන්න උදව් කරන්නම් කිව්වා… මටත් එහෙමයි කියලා දෙයක් නැති නිසා මං පුලුවන් තරම් මහන්සි වුනා..අනේ අපේ ළමා නිවාසේ මැඩම් තමයි මට අම්මා වගේ හැමදේම හොයලා කරලා දුන්නේ….”
“අනේ ඒ අංකල්ට පින්…” මං හදවතින්ම පින් දුන්නා…
“අපි ඔයාගේ අම්මලව හොයාගමු..ෆයිනල් එක්සෑම් හොදට කරමු ඉස්සෙල්ලම..කිසිම දෙයක් හිතන්න එපා..මං ඉන්නවා ඔයා එක්ක… “
මං නිවාඩුවට ගෙදර ගියේ සාගර එක්කමයි..එයා ළමා නිවාසේ මැඩම්ව බලන්න යනවා කිව්වා…මං අකුරැස්සට ඇවිත් මාමා එක්ක ගෙදර ආවා..ආන්ටි බබාව හොයන්න ගොඩාක් මහන්සි වෙනවා කියලා මාමා කිව්වා…ඒත් අනුරාධ තාම හරියට වචනයක් දෙන්නේ නෑ කියලා තමයි ආන්ටි කියලා තියෙන්නේ…
කොහොම හරි එදා ආන්ටි ආවා හදිස්සියේම අපේ ගෙදර…
“ සහන් අනුරාධ කොලඔදි ඇක්සිඩන්ට් වෙලාලු.. එතනමලු..,”
“අයියෝ ෂික් “ මනුස්සයා කරපුව එහෙම නොවුනොත් තමයි පුදුම…
“බබාව හොයාගන්න තිබුන අවසාන බලාපොරොත්තුවක් නැතිවුනා සහන්…
ආන්ටිට ඇඩුනා..😭😭
“අඩන්න එපා තමරි..කොහොම හරි කරලා අපි ඩොක්ටර්ව හොයා ගමු… “
ඉතිරිය දහවෙනි දිගහැරැමෙන්…
ඉතිං කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.