විහගි 12 - දොළොස්වැනි දිගහැරුම

 


පසුගිය කොටසින්….😳

“මං අජන්ත දිසාසේකර , මහරගම නර්සින් හෝම් එක මගේ..

“අනේ ඇයි ඩොක්ටර් අපේ දරුවා අපිට නැති කලේ… “ආන්ටි අඩ අඩ ඇහුවා…

“ඒ කරපු පවට මං අදටත් විදවනවා.. “

“ කොහේද ඩෝක්ටර් අපේ දරුවා..මාමා කෑ ගහලා ඇහුවා..“

“අනුරාධ දරුවව භාර දුන්නේ නුගේගොඩ තියෙන ළමා නිවාසෙකට”

අනේ දෙයියනේ මගේ දරුවා..එක පාරටම ආන්ටිට පේන්ට් එකක් ඇවිත් බිමට වැටුනා..ඒත් එක්කම මායි මාමයි පැනලා ආන්ටිව අල්ල ගත්තා…

අද එතැන් සිට…👇👇👇👇

ඩොක්ටර් දුවලා ගිහින් වතුර එකක් අරන් ආවා..මං ඉක්මනට වතුර වීදුරුව අරන් ආන්ටිගේ මුණේ ගෑවා…

අනේ ආන්ටි නැගිටි්න්න..

ආන්ට අඩාගෙනම ඇස් ඇරියා…😭😭

මිස් කලබල වෙන්න එපා..මං දන්නවා.. දරුවෙක්ගේ තියෙන වටිනාකම…ඒත් මං ඒ පව්කාර වැඩේට සම්බන්ධ වුන නිසා… මාත් මගේ ජිවිතෙන් වන්දි ගෙවලා ඉවරයි..

තේරුනේ නෑ ඩෝක්ටර්.. මාමා කිව්වා..

ඕස්ට්‍රේලියාවේදි ඇක්සිඩන්ට් එකකින් මගේ දරුවා නැති වුනා..ඩොක්ටරේ ඇස්වලින් කදුලු කැට වැටුනා…

ඒ දවස්වල මායි අනුරාධයි හොදම යාලුවෝ..ඒ අතරේ තමයි අනුරාධ ඇවිල්ලා කිව්වේ එයා බදින්න ඉන්න කෙල්ල ෆෙග්නට්.. කෙල්ල ඒකනායක ෆැමිලි එකේ..හැබැයි කොල්ලව සීන් එකෙන් අයින් කරනවා කිව්වා.. එකට දරුවා ලැබෙනකල් ඉන්නවා කිව්වා…ඩොක්ටර් මතකය ආවර්ජනය කළා…

“දැන් උඔ ළමයව බාර ගන්නවද? “😳

“ පිස්සුද බං…වෙන එකෙක්ගේ ළමයෙක් භාර ගන්න… “

“එහෙනම් මොනවද උඔ කරන්න යන්නේ.. “

“ ළමයා ලැබුනම වැඩිහිටි නිවාසෙකට භාර දෙනවා..”

“ පිස්සුද යකෝ.. පව් වැඩ කරන්න..”

“ මට බෑ බං වෙන එකෙක්ගේ ළමයෙක්ට කර ගහන්න…මටයි තාත්තිටයි ගොඩ යන්න තියෙන එකම විදිහ තමරි විතරමයි.. ඉතිං මං කිසිදෙයක් කරන්න බය වෙන්නේ නෑ.. සහන් මගේ යාලුවා..ඒත් ඊට වඩා මට අපේ පවුල ගැන හිතන්න ඕනි. මේ වෙලාවේ.. “

එහෙම කියලා දරුවා ඉපදුනාට පස්සේ අනුරාධයි මමයි ගිහින් තමයි බබාව බාර දුන්නේ..ළමා නිවාසෙට අනුරාධ කිව්වේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා කියලා… 😭

“ඊට පස්සේ තමරිගේ කිඩ්නි ප්‍රශ්නේ වෙලාවෙදිත් සහන්ව මම දන්න හොස්පිට්ල් එකකට එක්ක ගිහින් ඔපරේෂන් කරලා තමයි ඔයාලව මෙහාට ගෙනාවේ.. එතකොට අනුරාධ කිඩ්නි එක ඩොනේට් කලා වගේ රගපෑවා..”😡

“මම දැනගෙන ඉදියේ නෑ අනුරාධ මේ තරම් පහත් කෙනෙක් කියලා..කිඩ්නි ඔපරේෂන් එකේදී මං ගොඩාක් විරුද්ධ වුනා..ඒත් අනුරාධ මගේ character එකට ඩැමේජ් කරනවා කියලා මට තර්ජනය කලා ..ඒ නිසයි මට මේ හැමදේටම මැදිහත් වෙන්න වුනේ..මට සමාවෙන්න..”😳

අනේ ඉතිං මගේ දරුවා කෝ ඩොක්ටර්…

“මාත් පස්සේ මහරගම වැඩිහිටි නිවාසෙන් ඇහුවා..එතකොට අනුරාධයි තව මාමා කෙනෙකුයි ඇවිත් දරුවා අරන් ගියාලු…අනුරාධ භාරකරු නිසා එයාට ඒ දේ කරන්න පුලුවන්…”

“ඔය ටික තමයි මම දන්නේ… අනුරාධත් දැන් නෑ..ඒ මාමා ගැන විස්තරයක් හොයාගන්න පුලුවන් නම් දැනගන්න පුලුවන් අපිට දරුවා ගැන…”

“අනේ දෙයියනේ ඇයි මේ ..අපිට ඇයි දැන්වත් අපේ දරුවා හොයා ගන්න බැරි…”😭😭😭

“ තමරි ඔයා දන්නේ නැද්ද අනුරාධට මාමා කෙනෙක් ඉදියා කියලා..“මාමා ඇහුවා..

“මට ලොකු මතකයක් නෑ සහන්… “

අපි එහෙනම් ගිහින් එන්නම ඩොක්ටර්.. නිතිය පැත්තෙන් මං කරන්න තියෙන දේවල් කරනවා.. අයෑම් එක්ට්‍රීම්ලි සොරි..

ඩොක්ටර් හැමදේටම හිත හදාගෙන වගේ බලාගෙන ඉදියා..අපි ගෙදර ආවට පස්සේ ආරංචි වුනා ඩොක්ටර්ව ඇරෙස්ට් කරලා කියලා.. නර්සින් හෝම් එකත් සීල් තියලා..

ආයෙත් අයියව හොයන වැඩේ සංකිර්ණ වුනා ..පව් ආන්ටියි මාමයි… මම සාගරට කෝල් කලා… විස්තරේ කිව්වම එයත් ගොඩාක් දුක් වුනා… මං අදත් ලීව් නිසා.හෙට වැඩට යන්න ලෑස්ති වුනා..දැන් ආන්ටිත් අපේ ගෙදර ඉන්න නිසා මාමාට තනි නෑ..මට බයකුත් නෑ…

මම යනගමන් ගොඩාක් දේවල් කල්පනා කලා…මට මේ ජිවිතේ මොනවා වුනත් මට තාත්තව නිතර මතක් වුනා… මම ආයේ නිවාඩුවට ආවහම සාගර එක්ක රත්නපුරේ ගෙදර ගිහින් එන්න හිතාගත්තා…

සාගරට කොල් එකක් ගන්න ෆොන් එක ගන්නකොට සාගර වොයිස් එකක් දාලා තිබුනා..

මම බස් එකේ නිසා හෙඩ් සෙටි එක ගහගෙනම ඇහුවා…

“ළතාවක් සේ ..වෙලි සියෝ ළග

පතමි රැකවරණය ඔබෙන්..

සදා දොතින් මලක් සේ ඔබ…

වැළද ගන්නෙමි හදවතින්….

හරි ලස්සනට සිංදුව කියලා තිබුනා…මං ඒත් එක්කම කවුද මේ කියන්නේ හරිම ලස්සනයි කියලා.. දැම්මා…

“ වෙන කවුද ඉතිං මං තමයි මැණික…“🥰🥰🥰

“අනේ ඇත්තමද සාගර …. මාරම ලස්සනයි..මේ තරම් කල් මං දැනගෙන ඉදියේ නෑනේ ඔයාට සිංදු කියන්න පුලුවන් කියලා… “🥰🥰

“ඒකනේ මැණික ඔයා නම් මහත්තයා ගැන හොයනවා මදි හොදේ… “

“ පිස්සා “🤣

මම ඉතිං හොස්පිට්ල් එකට ආපු වෙලේ ඉදන් වැඩ කලා… පුලුවන් හැම වෙලාවට මම මාමටයි සාගරටයි කතා කරලා බැලුවා..

අනේ ඒ වැඩේ තමයි මාමේ අංක 1.. මම සාගර එක්ක ගිහින් එන්නම්…

ඊට පහුවදා උදේම මම කොළඹ ආවා..මම හයිවේ එකේ නැගලා කඩුවෙලට ආවා.. සාගර ඉන්නේ ඇඔිලිපිටිය කිට්ටුව නිසා මම කිව්වා එයාට රත්නපුරේටම එන්න කියලා…

මං රත්නපුරේට එනකොට සාගර ඇවිල්ලා ඉදියා..අපි ඉස්සෙල්ලාම කලේ..කඩේකට ගිහින් තේ ටිකක් බිපු එක…ඊට පස්සේ අපි ඇදුම් කඩේකට ගිහින් නැන්දටයි මාමටයි නංගිටයි ඇදුම් ටිකක් ගත්තා..තව කීල්ස් එකට ගිහින් ගෙදරට කන්න ඕනි බඩු ටිකක් ගත්තා…

ඊලග මාසේ නිවාඩුවට ගෙදර ගියාම මම මාමට කිව්වා පොඩ්ඩක් තාත්තා ගැන බලන්න ඒනි මාමේ.. මොනව වුනත් මට ජිවිතේ දීපු කෙනානේ කියලා..ඒත් එක්කම විමලා නැන්දලත් බලලා එන්න ඕනි මාමේ.. මේ ලගදිත් මම කතා කලා… විස්තර මුකුත් කිව්වේ නෑ..

“ආන්ටි එක්ක අනුරාධගේ ගෙදර යන්න දා ගත්තනේ පුතේ නැත්නම් මමත් එනවා… මාමා කිව්වා..“

ඊට පස්සේ අපි වීල් එකකින් මගේ පරණ ගෙදරට ගියා.. යනකොට මං ගිය ඉස්කෝලේ පවා සාගරට පෙන්නුවා… අපි කෙලින්ම ගියේ විමලා නැන්දගේ ගෙදරට..

අපි වීල් එකෙන් බහිනකොටම විමලා නැන්දා අනේ මගේ කෙල්ල කියල දුවගෙන ආවා..මම මාසෙකට සැරයක් වගේ මේ වෙනකල් හැමදාම විමලා නැන්දට කතා කරලා හොයලා බැලුවා…පුලුවන් වෙලාවට පහන්දි නංගිට සල්ලි දැම්මා..එයාලත් ආමරුවෙන්නේ ජිවත් වෙන්නේ..

විමලා නැන්දා මාව බදාගෙන ඇඩුවා..මටත් ඇඩුණා..😭😭😭

“ හා හා විමලෝ ඔය මදැයි දැන් ඇඩුවා..ගෙට එන්න කිව්වනම්… මහත්තයෝ යං ගෙට..“

පහන්දි නංගිත් ගෙට ගොඩ වෙනකොටම මාව බදාගත්තා…

“කෙල්ල දැන් ලොකු වෙලානේ… ආ…මේ පාර එක්සෑම් ලේසිද?“

“ටිකක් අමාරුයි අක්කේ… “

මහතුං මාමේ අපේ තාත්තා දැන් කොහේද ඉන්නේ…😳

විමලා නැන්දයි මහතුං මාමයි මුණට මුණ බලාගත්තා…😳😳

ඉතිරිය දහතුන්වන දිගහැරැමෙන් බලාපොරොත්තු වන්න…🥰🥰

ඉතිං කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..ඒ විතරක් නෙමෙයි මගේ page එකට ගිහින් page එක follow කරලා සහයෝගයක් දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා…🥰🥰🥰🥰

Post a Comment (0)
Previous Post Next Post
//