පසුගිය කොටසින්…🤔
“කෙල්ල දැන් ලොකු වෙලානේ… ආ…මේ පාර එක්සෑම් ලේසිද?“
“ටිකක් අමාරුයි අක්කේ… “
මහතුං මාමේ අපේ තාත්තා දැන් කොහේද ඉන්නේ…
විමලා නැන්දයි මහතුං මාමයි මුණට මුණ බලාගත්තා…
අද එතැන් සිට…👇👇👇👇
“ඇයි නැන්දේ මොකද වුනේ… “😳
“ හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් එහේ බිබි ඉදියා..පස්සේ ආයේ බැන්දා.. මාවනැල්ලේ පැත්තේ ගෑණියෙක්ලු…ගමේ මිනිස්සු නම් කිව්වේ අම්මා ඉන්න කාලේ ඉදන් ඒක තිබුණා කියා..“😔
“ ඒකත් එහෙමද ? මට හිතුනේ එයා වරදකට කලේ බොන එක විතරයි කියලා…“😭😭
“ඕව මොකටද පුතේ දැන්..ඔයා දැන් මේ ලස්සනට ඉන්නේ…අපිටත් ආඩම්බරයි දොස්තර නොනෙක්නේ දැන්…”🥹🥹
මාමා සාගර එක්ක එළියේ බංකුවට වෙලා කතා කර කර ඉදියා..මායි විමලා නැන්දයි කුස්සියේ ඉදියේ..
“දුවේ අර මහත්තයා එතකොට.. “ විමලා නැන්දා හරි ආදරෙන් ඇහුවා…😳
“ සාගර නැන්දේ කැම්පස් එකේ..එයා දැන් වැඩ කරන්නේ පනාමුරේ හොස්පිට්ල් එකේ..😍😍
“අනේ වාසනාවන් දුවේ..මගේ කෙල්ලට කවදාවත් වරදින්නේ නෑ…අම්මා කොහේ හරි ඉදන් බලා ඉන්නවා ඇති…“
“අම්මයි නැන්දයි දෙන්නව මතක් කරලා දානයක් දෙන්න මං හිතන් ඉන්නේ නැන්දේ..මං නැන්දටත් කියන්නම්..”
“මාමා මොකද පුතේ කරන්නේ…”
ගේ විස්තරේ ඔක්කොම කිව්වා… නැන්දා හරි දුකින් අහගෙන ඉදියේ…
“ මටත් මතකයි දුවේ අම්මා කියනවා මල්ලිට දරුවෙක් ලැබිලා නැතිවුනා…ගෑණු ළමයගේ ගෙදරින් කැමති නෑ.. මාමට ගහලා ගොඩාක් අමාරු වුනා කියලා…“
“ඕව් නැන්දේ පව් එයාලා.. “
“යං දුවේ මං මේසේට කෑම ටික අරින්නන්..”
මං සාගරට කතා කරන්න එළියට යනකොට සාගර ලොකු කතාවක් මාමා එක්ක…
“මොනවද මාමේ සාගර කියවන්නේ ඔය තරම්…”
“ ඉස්පිරිතාලේ විත්ති තමයි දුවේ…මුණ කට හෝදගෙන එන්නකෝ මහත්තයෝ…එහෙනම්“
මම සාගර එක්කගෙන් අපි නාපු පීල්ලට ගියා..සාගරට හරි ආසාවේ.. එයා මෙහෙම නාලා නෑනේ..
“ෂා මරු වතුර ටික මැණික.. ඔයා ලස්සන ගමකනේ ඉදලා තියෙන්නේ… “😍😍
“ඔව් සාගර මොනවා කරන්නද දාලා යන්න වුනානේ…අම්මව මතක් වෙනවා මට..අපි දෙන්නා රෙදි බේසමක්ම අරන් එනවා මෙතනට..එයා රෙදි සෝදනකල් මම නානවා… “
මගේ ඇස් වල කදුලු පිරෙනවා දැකපු සාගර මාව එයාගේ තුරුලට ගත්තා…අරන් මගේ ඔලුව අතගෑවා.. එතකොට තමයි මට වැඩියෙන්ම ඇඩුවේ..
“ අනේ අඩන්න එපා රත්තරං… හැමදේම වෙන්නේ හොදට.. අම්මා මතක් කරලා අපි දානයක් දෙමු..“😔😔
“ මාත් ඒකමයි හිතුවේ සාගර…“
“හ්ම් දැන් යමුකෝ… “
අපි මුණ සෝදගෙන ගියා..යනකොට විමලා නැන්දා බත් මේසේට ඇරලා තිබුණා..බත් උයලා, චිකන් කරි , පරිප්පු, කෙහෙල්මුව තෙල් දාලා, කට්ලට් හදලා, මාලු ඇඔුල් තියල් හදලා තිබුනා..කෑම ටික නම් රසයි… නැන්දට කොහොමත් රසට උයන්න පුලුවන්…
අපි බත් කාලා ටිකක් වෙලා ඉදලා එන්න ලෑස්ති වුනා… එන්න ලෑස්ති වෙනකොට අපි ගෙනාපු ඇදුම් ටික නැන්දටයි මාමටයි නංගිටයි දුන්නා..එයාලගේ ඇස්වල කදුලු පිරුණා..මහතුං මාමා එක්ක සාගර එලියට බැස්සා.. මං නැන්දගේ අතේ සල්ලි ටිකක් තිබ්බා… නැන්දා ගත්තේම නෑ…
“අනේ නැන්දේ… මාව පිට කෙනෙක් කරන්න එපා මේක තියාගන්න වියදමට.. “ මං රැපියල් විසිදාහක්ම අතේ තිබ්බා.. පව්..මටයි අම්මටයි කොයි තරම් උදව් කලාද?
අපි රෑ 7 වගේ වෙනකොට ගෙදරට ආවා.. අපි එනකොට නැන්දයි මාමයි ඉස්සරහ බලාගෙන ඉන්නවා..
පුතේ එන්න අපි මේ එනකල්මයි බලාගෙන ඉදියේ…අද ඉදලා යං පුතේ …මහන්සිත් එක්කනේ..
“එහෙම හරි නෑනේ අංකල් මං නිවාසෙට යන්නම්..මං මැඩම්ටත් කෝල් කලා…”🥹
“ අදට ඉදලා යන්න රත්තරං අපිටත් පාලුයිනේ…” ආන්ටි එකපාරටම කිව්වම මට දුක හිතුනා..සාගරත් ගොඩාක් වෙලා අම්මා දිහා බැලුවා…🥰🥰
“ හරි ආන්ටි එහෙනම්…” සාගර ආන්ටි දිහා හරි ආදරෙන් බලාගෙනම කිව්වා…
“ගිය වැඩේ මොකද වුනේ මාමේ…”
“එහෙම කෙනෙක් ඉදියලු මිට අවුරුදු 10කට කලින් ..දැන් එයා එහේ නෑලු.. විස්තරයක් හොයලා දන්වන්නම් කිව්වා… “
“බලමුකෝ මාමේ උත්සහය අත් හරින්න එපා… අයියව අපිට හොයාගන්න පුලුවන්…”
“රෑට අපි පොඩි පාටියක් දාමුද මාමේ…අපිට දැන් අලුත් ගායකයෙක් ඉන්නවනේ..”
“ඒ කවුද පුතේ…. “ ආන්ටි ඇහුවා…
“සාගරට ලස්සනට සින්දු කියන්න පුලුවන් ආන්ටි…”😍😍
“අනේ නෑ ආන්ටි මේ විහගි බොරු කියන්නේ… “ සාගර ලැජ්ජාවෙන් කිව්වා…
“හරි එහෙනම් අද මං ගාවේ පීසා පාටියක්…” මාමා කිව්වා..
“ෂා මරුනේ…”
සාගරයි මාමයි ටවුමට ගිහින් ඵීසා අරන් ආවා..ඔය අතරේ මායි ආන්ටියි සාගරට කාමරයක් ලෑස්ති කලා… ටවල් එකකුයි සරමකුයි සුදු බැනියමකුයි මම සාගරට හදපු කාමරේ ඇදෙන් තිබ්බා…
අපි පීසා කාලා රෑ වෙලා සින්දුවක් කිව්වා…මාමා ලස්සනට ඩොල්කිය ගැහුවා..නැන්දයි මායි අත්පුඩියෙන් සිංදුව ලස්සන කලා…
අනේ පුතේ අපි රියලිටි ෂෝ එකකට දාමුකෝ…ආන්ටි සතුටින් කෑ ගහනවා..
අනේ බෑ ආන්ටි…මට කවුරුත් නෑ කියලා ලෝකයා දැනගන්නවට මං කැමති නෑ…
හැමෝම නිහඩ වුනා…මගේ ඇහෙන් කදුලක් කඩාගෙන වැටූණා..මං එතනින් නැගිටලා කාමරේට දිව්වා…
“විහගි.. විහගි…. “සාගර කතා කළත් මං කතා කලේ නෑ…මට හොදටම ඇඩුණා…
පුතා ගිහින් බලන්නකෝ…කෙල්ල කැමති නෑ ඔයා එහෙම හිතනවට..ඔයා කොහොමත් එහෙම හිතන්න එපා මැණික.. දැන් ඔයාට පවුලක් ඉන්නවා..ඔයා ගැන හිතන කෙනෙක් ඉන්නවා…
සාගර දුවලා වගේ විහගිගේ කාමරේට ගියා..යනකොට විහගි හොදටම අඩනවා…
“මට සමාවෙන්න විහගි… මං අවුරුදු ගානක් මේ දුකේ ඉදපු කෙනෙක්..මං විදපු දුක් දන්නේ මං විතරයි.. අනෙක් ලමයි ඉස්කෝලේට කැම්පස් එකට අම්මා තාත්තා එක්ක එනකොට මං ගියේ නිවාසේ මැඩම් එක්ක.. අනිත් ළමයි කවුරුත් නෑ මෙයාට කියලා කොන් කරනකොට මට දැනුන වේදනාව ඔයා දන්නේ නෑ විහගි…”😭😭
ඒ හැමදේම අතීතයේ දේවල් සාගර..දැන් වර්තමානෙට ඉන්න..ඔයාට මුළු ලෝකෙම නැති වුනත් මම ඉන්නවා…මට දරාගන්න බෑ.. කාත් කවුරුත් නෑ කියලා දුක්වෙනකොට…ප්ලීස්… 😭😭
“හරි මම ආයේ එහෙම කියන්නේ නෑ පොමීස්..” සාගර කෙල්ලගේ නලලට හාදුවක් දුන්නා…
“හරි දැන් මම මොකද කරන්න ඕනි… “🤔🫢
,” අපි රියලිටි ෂෝ එකට දාමු… මං දාන්නද?
“ මට පුලුවන් වෙයිද ?
“මට විශ්වාසයි ඔයාට පුලුවන්… සිංදු කියන ලස්සන දොස්තර මහත්තයා…. “ වහගි සාගරගේ පපුවට තුරුළු වෙලා කිව්වා….😍😍
ඉතිරිය දාහතර වන කොටසින්…
ඉතිං කතාව ලස්සනයි නම් ඔයාගේ අදහස් කොමෙන්ට් එකක් දාන් යන්න..