පසුගිය කොටසින්…🤔🤔
“හරි දැන් මම මොකද කරන්න ඕනි… “
“ අපි රියලිටි ෂෝ එකට දාමු… මං දාන්නද?”
“ මට පුලුවන් වෙයිද ?
“මට විශ්වාසයි ඔයාට පුලුවන්… සිංදු කියන ලස්සන දොස්තර මහත්තයා…. “ විහගි සාගරගේ පපුවට තුරුළු වෙලා කිව්වා….
අද එතැන් සිට…👇👇👇👇
පහුවදා උදේහ සාගරයි විහගියි ඩියුටි යන්න ලෑස්ති වුනා..නිවාඩු දවස් ටිකත් ඉවර නිසා දෙන්නම දුකින් ඉදියේ..ආයේ ටික දවසකට ඈත් වෙනවනේ කියලා..දැන් ටේනින් එකත් ඉවර වෙන්න ලග නිසා දෙන්නම හිටියේ සතුටින්…
“මාමේ එහෙනම් අපි ගිහින් එන්නම්.. “කියලා සාගර දණ ඔබා ආන්ටිටයි මාමටයි වැන්දා…🥰🥰
දවල් 12 වෙනකොට වගේ දෙන්නම හොස්පිට්ල් වලට ආවා…දෙන්නටම අද තිබුනේ නයිට් එක… මේ අතර විහගි සාගරගේ ඇපුලිකේෂන් එකක් රියලැටි ෂෝ එකකට දාලා තිබුණා…
දවල් එක පාරම පේෂන්ට් කෙනෙක් ගෙනාවා… එයාට සිහිය නැහැ..වැටිලා කියලා තමයි කිව්වේ..ඉතිං විහගි ඉක්මන් කරලා emergency රෑම් එකට ගියා… ගිහින් එක පාරටම දැකපු දෙයින් විහගි ගැස්සිලා ගියා…😭😭
“තාත්තේ… මොකද මේ… විහගි හරි කලබල වුනා… නර් ස් කෙනෙක් ඇහුවා මේ ඩෝකටර් අදුරන කෙනෙක්ද කියලා… “😳
“ඔව් නේහා..මගේ තාත්තා…ඒත් මාව එයා අතඇරලා ගොඩාක් කල්…”විහගිගේ ඇහෙන් කදුලක් වැටිගෙන ආවා…😭😭
අනේ ඩොක්ටර් අපි ඉක්මනට බලමු… නර් ස් ඉක්මන් වුනා…
ඒ බලනකොටත් මද සිහි ගතියක් තමයි තිබුනේ… ප්‍රතිකාර වලින් පස්සේ තාත්තා යන්තමින් ඇස් ඇරියා…
තාත්තේ ..තාත්තේ… මං විහගි…🥹🥹
“විහගි…අනේ මට සමාවෙයන් මගේ පුතේ… මං උඔගෙයි අම්මගෙයි ජිවිතේට කරපුවට….” කියලා වදිනවත් එක්කම විහගිගේ තාත්තගේ හුස්ම ටික නතර වුනා…😭😭
අනේ තාත්තේ කියලා..විහගි එතන තිබ්බ පුටුවේ ඉදගත්තා…රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් ඇවිත් විහගිව නේවාසිකාගාරයට එක්කන් ගියා…
විහගි මේ විත්තිය මාමට කොල් කරලා කිව්වා..පැය තුනක් වගේ යනකොට ඒ දෙන්නත් ආවා…. 😭😭
“මෙයාගේ පවුලේ කවුරුත් නැද්ද? “මාමා වෝඩ් එකෙන් ඇහුවා…
“ පොලිසියට විස්තර දීලා තියෙන්නේ සර් අපි..ඉක්මනට තොරතුරක් ලැබෙයි…“
“ පොලිස් පරික්ෂණවලින් හොයාගත්තේ ඩොක්ටර් එයාගේ බිරිද ගහපු පොලු පහරින් තාත්තා මැරැණා කියලා…“
“ඔව් මරණ පරික්ෂණයෙනුත් එහෙම තමයි කියවුණේ පියසීලි මිස්… තෑන්කියු… “ විහගි ෆෝන් එක තියලා මාමට විස්තරේ කිව්වා..
“අර රත්තරං ගෑණිව මරලා කරපු පව තමයි ඔය පඩිසම් දුන්නේ…“
ඒ අතරේ ආන්ටිට සාගරට විස්තරේ කියලා තිබුණා..සාගරත් හවස් වෙනකොට මගේ ක්වාටස් එකට ආවා..
අපි තාත්තගේ බොඩි එක මල්ශාලාවක තියලා..ආදාහනය කළා… හත් දවසේ බණ හා දානය දීලා පින් අනුමෝදන් කලා..
“ මට කරන්න පුලුවන් දේ මම කලා තාත්තේ…ඔයයි මේ පව් හදාගත්තේ”
මොනවා වුනත් මට ජිවිතය දුන්නා ..ඒ ඇති… විහගි හරිම ආත්මඅනුකම්පාවකින් හිතුවා…
විහගි දුකින් ඉන්න බව දන්න නිසා සාගර වෙනදටත් වඩා විහගි ගැන හොයලා බැලුවා…
ඔය අතරේ දෙන්නම එයාලගේ රාජකාරි හරියටම ඉටු කලා..
මාමයි නැන්දයි හැමවෙලේම එයාගේ පුතා ගැන තොරතුරු හෙව්වා…අනුරාධ එක්ක බබා අරන් ගිය මාමව හමුවෙන්න මාමයි ආන්ටියි යන්න ඉදියේ..ඒත් තාත්තගේ මල ගේ නිසා ඒකත් ප්‍රමාද වුනා…
“දවසක් හවස මාමා කෝල් කලා… පුතේ අපි අර අංකල්ව පොඩ්ඩක් හමු වෙන්න යන්න කියලා…”
“ අනේ එයා ගැන විස්තරයක් ලැබුනද මාමේ… “
“හම්බන්තොට තමයිලු දැන් පදිංචිය.. නම දන්නවා පුතේ මුළු ගම පීරලා හරි මං හොයනවා… තවත් මේක පස්සට අදින්න බෑ..නැත්නම් ආන්ටි මේ දුකේම ඉදලා ලෙඩ වෙයි..”
“අනේ ඔව් මාමේ හෙට සාගරගේ රියලිටි ෂෝ එක..දැන් ලයිව් සීන් කරන්නේ…එයා තනියමනේ නැත්නම් මමත් එනවා…”
“අනේ ඒකට කමක් නෑ පුතේ… ඔයා පුතා ගැන බලන්න..මං ඊයෙත් කතා කලා පුතාට…”
“ හරි මාමේ මට එහෙනම් බලලා කියන්නකෝ…”
පහුවදා හවස 7ට තමයි තරගේ තිබුනේ..සාගර 2කට වගේ ආවා… අවිස්සාවේල්ලට ..ඊට පස්සේ දෙන්නා එක්කම ගියා කොලඔ…
“ සාගර ස්ටේජ් එකේදී සින්දු කිව්වේ හරිම පුරුදු විදියට… එයා නිතරගයෙන්ම අර්ධ අවසන් පුර්ව වටයට තේරුණා…
“ෂා මගේ කොල්ලෝ නියමයි.. “විහගිට කියන්න බැරි තරම් සතුටුයි..
“ඔයා නිසා තමයි මගේ මැණික… “ සාගර විහගිගේ අත හරි ආදරෙන් ඇල්ලුවා…🥰🥰
කොහොම හරි තරගේ ඉවර වෙනකොට රෑ දහය වගේ වුනා… ඒ දෙන්නා ඊට පස්සේ කෙලින්ම ගියේ මුහුදට…
“මම ආසයි මෙහෙම රෑ තනියම ඔයත් එක්ක මුහුද ගාව ඉදන් කයියක් දාගෙන ඉන්න…” විහගි කිව්වා…
“ඊට වඩා වෙන මොනවද මැණික… “
“ සාගර දැන් ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ ..ලබන මාසෙන් අපේ ට්‍රේනින් ඉවරයිනේ..“
“ පොඩියට මෙඩිකල් එකක් දාගන්න බැලුවේ මැණික.. “
“ අනේ ඒක හොදයි …“
“අපි කවදද මැරි කරන්නේ මැණික … ඉක්මනට මැරි කරමු හොදේ.. “
“තව මාස තුනකින් වගේ.. මාමගෙන් එහෙමත් අහමු…”
“ අපි එතකොට බැදලා ඉන්නේ කොහේද?
“අපේ ගෙදර ඉමු බබා..මට මාමා දාලා යන්න බෑ..අද මම මෙතන ඉන්නේ මාමා නිසා… “
“ හරි මැණික මාත් ඒ දෙන්නට ගොඩාක් ආදරෙයි.. මට එයාලා දැක්කම මොකක්ද වෙනවා…
“ඔව් හරිම කරුණාවන්තයි…අද ගියා අර අංකල්ව මීට් වෙන්න.. මොකක් හරි තොරතුරක් ලැබුනොත් හොදයි… “
අපි රෑ දොලහට වගේ ආයේ අපි ආවා… අපි ගෙදර යනකොට නැන්දලත් ආවා විතරයි..
“මගේ පුතා දිනුම් නේද? “ ආන්ටි හරිම සතුටකින් ඇහුවා..🥰🥰🥰
සාගර හරි ලස්සනට හිනාවුනා…
“ අංකල් හමුවුනාද මාමේ…”
“ මිනිහා හොදටම බීලා පුතේ..මුලු දවසේම කරන්නේ බොන එකලු…”
“ සිහියෙන් ඉන්න එපැයි මේ වගේ දෙයක් කතා කරන්න…”
ඉතිං මාමේ.. මං සල්ලි දීලා ආවා..අනිද්දට කොළඹ එනවා කිව්වා… උදේම..
අනේ අනිද්දට සාගරගේ ෆයිනල් එක මාමේ…
අපි එනවා අනිවාර්යයෙන් ඒකට පුතේ…
සාගර රෑ අපේ ගෙදර ඉදියා.. පහුවදා උදේ අපි ඊයේ රෑ කතා කරපුවා.. මාමටයි නැන්දටයි මං කිව්වා…එයාලත් ගොඩාක් සතුටු වුනා… එයාලා කිව්වා අපිට මෙහෙම ඉන්න කියලා… අපිට බැදලා ටික දවසක් ආන්ටිගේ ගෙදර ඉන්න කිව්වා.. මාමා මේ ලගින් මෙඩිකල් සෙන්ටර් එකක් දාන්න තැනක් බලන්නම් කිව්වා…
ඔය විදිහට ෆයිනල් එක තියෙන දවසත් උදාවුණා.. මං උදේම නැගිටලා කිරිබත් ටිකක් හැදුවා… ආන්ටිත් මාලු ඇඔලු තියල් ටිකක් හැදුවා…
අද එයාලටත් තිීරණාත්මක දවසක්..උදේ 10 වෙනකොට ඒ අංකල් මාතරට එනවා කියලා…
ඒ නිසා එයාලා දෙන්නා 9 වෙනකොට වගේ ගියා..අද ෆැක්ටිස් තියෙන නිසා අපිත් ගෙදරින් 10ට වගේ කොලඔ ගියා… යනගමන් මම ගැටබරුවට ගියා පඩුරක් දාන්න…
ආන්ටිට කොල් ගත්තත් ආන්සර් කලේ නෑ.ෆොන් එක වාහනේ ඇත්තේ…
බය නිසා මම ආයි මාමට අරන් බැලුවා…
“අපි මාතර පුතේ 7 වෙනකොට ඔතන ඇති… “
කොහාම හරි අපිටත් නොදැනිම හවස් වුනා… සාගර පුලුවන් හැමවෙලේම මගේ ලගට ඇවිත් බැලුවා.. ගොඩාක් සෙනග.. අවසන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් තමයි දිනන්නේ…
මං මාමටයි ආන්ටිටයි සීට් දෙක තියාගෙන ඉදගෙන ඉදියා..ඔඩිටෝරියම් එකේ… මං කොල් කලාට දෙන්නගෙන් කවුරුත් ආන්සර් කරන්නේ නෑ…
එන ගමන් වෙන්න ඇති…
සාගරගේ සින්දුව තියෙන්නේ ඊළගට…
අම්මාවරුනේ…අම්මාවරුනේ….
දරුවන්ගේ දුක් කදුලු දකින දා…
සුරලොව සිට අත පා…
ඒ කදුලැලි පිසිනා…😭😭😭
සාගර සිංදුව කියනකොට සාගරගේ ඇස් දෙකෙන්ම කදුලු වැටෙනවා…මම නැගිටලා අත්පුඩි ගැහුවා..ඒත් එක්කම හැමෝම නැගිට්ටා..ගොඩාක් අය අඩනවා… මාත් අඩනවා…ඒ තරම් ලස්සනට දැනෙන්න සාගර සිංදුව කියනවා…
සිංදුව කියලා.. ඉවර වෙලා ජජ් ඩේ එකෙන් විනිශ්චය දුන්නා..කිසිම අඩුපාඩුවක් නෑ…එයාලත් හුගක් හැගිම්බරව තමයි කතා කලේ..ඊට පස්සේ සාගර යන්න හැරෙනකොටම…
“මගේ පුතේ “කියලා හයියෙන් කෑ ගහනවා ඇහුණා…
ඉතිරිය පහලොස් වැනි කොටසින්…🥰🥰🥰
ඉතිං විහගි කතාව දැන් අවසානයට ඇවිත් තියෙන්නේ…මේ තරම් දවසක් මගේ කතාව ආදරෙන් වැළද ගත්තට ගොඩාක් ස්තුතයි…🥰🥰