පසුගිය කොටසින්..😳😳
“සහන් තමයි ඔයාට කිඩ්නි එක ඩොනේට් කලේ තමරි..මං හිතුවේ ඔයා ඒක දන්නවා ඇති කියලා… “
මං වැල්ලෙම ඉදගත්තා , ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..
මම කෑ ගහලා ඇඩුවා… අනේ මගේ සහන්…මට සමාවෙන්න… මට මීට වඩා ඔයා ගැන හිතන්න හොයලා බලන්න තිබුනා කියලා…
අද එතැන් සිට..👇👇👇👇
අනේ ඔයා මේ කිසිම දෙයක් දන්නේ නැද්ද තමරි..😳😳
“ පිස්සුද මාෂි.. මං හැමදාමත් සහන් ඇයි මට මෙහෙම කලේ හිතාගෙන ජිවත් වුනේ..ඒත් බලනකොට අද මම ජිවත් වෙන්නේ සහන් නිසා…😔😔“
සහන් අදටත් හිතාගෙන ඉන්නේ ඔයයි අනුරාධයි මැරි කරලා ඉන්නේ කියලා…😭😭
“මාෂි සහන් ඒ විදියටම හිතාගෙන ඉදපුදෙන්..එහෙම නැති වුනොත් එයා ගොඩාක් දුක් වෙයි… දැන් ඔයාලා ලස්සන පවුලක්…මගේ සහන්ව මට දැන් ඔයාගෙන් උදුරගන්න ඕනි නෑ,.. මගේ සහන්ව ඔයා හරි ආදරෙන් බලාගන්නවා කියලා මං දන්නවා…”😭
එක වෙලාවකට හිතෙනවා මගේ ආදරේ මොකක්ද? ඔයා එක්ක බැලුවම කියලා…සහන්ගේ දැන් කිඩ්නි එකකුත් නෑ.. තව පැත්තකින් එයාට බබෙක් හදන්නත් බෑ..ඔයා හරිම උතුම් කෙනෙක් මාෂී…මම අත්දෙක එකතු කරලා වැන්දා…😭
මාෂි මාව බදාගත්තා…කවදාවත් සහන්ට මේ දේවල් නොකියා ඉන්න මම මාෂිව පොරොන්දු කරගත්තා…
ඊට පස්සේ මම ගෙදර ගියපු ගමන්ම කලේ අනුරාධට ගෙදර එන්න කියපු එක…ඒ අතරේ මං මගේ කිඩ්නි ඔපරේෂන් කරපු හොස්පිට්ල් එකට කතා කරලා ඔක්කොම විස්තර හොයාගත්තා…අනුරාධගේ යාලුවෙක් ඉන්නවා ඒ හොස්පිට්ල් එකේ දැන් රට ගිහින් ඉන්නේ..එකේ වැඩ කරපු නර්ස් කෙනෙක් මට ඔක්කොම විස්තර කිව්වා..
“තමරි වෙඩින් ඉන්විටේෂන් එකක් දෙන්න ඕනි මිනිස්ටර්ට..යමුද මා එක්ක.. “අනුරාධ ඇහුවා..🤔
“තාත්ති මේ වෙඩින් එක පුලුවන් තරම් ලොකුවට ගන්න ඕනි..මොකද මගේ මහත්තයා නිසානේ මං ජිවත් වෙන්නේ..එයාගේ කිඩ්නි එක දුන්නේ නැත්නම් ඔයාගේ දු අද නැනේ තාත්ති… “🤣
“ඩෝන්ට් තින්ක් ටු මච් තමරි… “ අනුරාධ සිනාවෙමින් කිව්වා…
“තාත්ති දන්නවද අනුරාධ ෆිල්ම් එකක් කරන්න යන්නේ කිඩ්නි ඩොනේටින් කියලා.. මොකද එයා අනිත් අයගේ කිඩ්නි අරන් එයාගේ ඒවා කියලනේ ඩොනේට් කරන්නේ“🤣🤣
අනුරාධ ගැස්සිලා වගේ එක පාරටම මගේ දිහා බැලුවා…😳
“ මොකක්ද දුව ඒ කතාව” තාත්ති ඇහුවා..
“මං අද ජිවත් වෙන්නේ මගේ සහන් නිසා… මේ මනුස්සයා තාත්තිගේ සල්ලිවලට කෑදරකමේ අපේ ජිවිත විනාශ කලා…මට කිඩ්නි එක දීලා තියෙන්නේ සහන්..එයයි මමයි එකම බ්ල්ඩ් group එකේ.. එක මම දැනගෙන ඉදියා… ඒත් අනුරාධ මේ වගේ බොරුවක් කරයි කියලා මං හිනෙකින්වත් හිතුවේ නෑ.. “😒
“මොනවද දුව මේ කියන්නේ…”
“ඔව් තාත්ති මට කිඩ්නි අවුලක් තියෙනවා බේර ගන්න විදිහක් නෑ කියලා..එතකොට සහන් තමා එයාගේ කිඩ්නි එක ඩොනේට් කරලා තියෙන්නේ..ඊට පස්සේ අනුරාධ ඒක කලා වගේ රගපෑවා… ඒකයි ඔපරේෂන් එක කරන්න මහරගම යන්න වුනේ.. ඒ හෝසපිට්ල් එකේ ඉන්නේ මෙයාගේ යාලුවෙක්..මං කොම්ප්ලෙන් කලා ..ඩොක්ටර්ව ඇරෙස්ට් කරයි..“
අනුරාධ ගාවට ගිය තාත්ති අනුරාධගේ කනට එකක් ගැහුවා..
“දැන් ගහලා වැඩක් නෑ තාත්ති…මේ ඔක්කොම මෙයාලගේ ප්ලෑන්.. තාත්තිගේ දේපල ගන්න…”
“මං මෙයාව මැරි කලා කියලා මගේ ෆොටේ එඩිට් කරලා මෙයා සහන්ට පෙන්නලා…ඔය තරම් පහත් ඇයි කියන්න මං දන්නේ නෑ..අනුරාධ ඔයා..සල්ලි වලට මේ තරම් දේවල් ඔයාට කරන්න පුලුවන් එහෙනම්… “
“උඔයි උබේ තාත්තයි එකතු වෙලා එහෙනම් කලේ ඕක නේද? මං මේක ලේසියෙන් අතඅරින්නේ නෑ..ඒක මතක තියාගනින්…”🥵
අනුරාධ අපි දෙන්නටම රවාගෙන ගෙදරින් බැහැලා ගියා…
“මට සමාවෙන්න දුව… මේ හැමදේම වුනේ මං නිසා… මොන තාත්තත් බලන්නේ තමනගේ දරුවන්ට හොදම දේ දෙන්න…මට සමාවෙන්න මගේ දුව…”
ඇයි තාත්ති සහන්ට අර තරම් ඩැමේජ් එකක් වෙන්න ගැහුවේ..ඒකට නම් ඔයාට සැහෙන්න පව් තාත්ති…
අනේ මගේ රත්තරං දුව මං අනුරාධට කිව්වේ දෙතුන් දෙනෙක් දම්මලා කොල්ලා බය කරන්න කියලා විතරයි..ඒත් අනුරාධ වැඩේ දීලා තියෙන්නේ underworld එකේ කෙනෙක්ට අනුරාධමයි කියලා තියෙන්නේ ලොකු ඩැමේජ් එකක් කරන්න කියලා… පස්සේ දවසක මට කිව්වා සහන්ට නැතිම කරලා දාන්න තිබ්බා මොනව වුනත් එකට කාපු බීපු එකා.. ඒ නිසා අතඇරියා කියලා…
“අනුරාධයි එයාගේ තාත්තියි තමයි හැමදේම කලේ…තාත්ති එයාලා බංකොලොත්..දැන් අපිව අල්ලගෙන නැගිටින්න හදන්නේ…,”
“අපි සහන් පුතාට කතා කරමු දුව ඉන්න මං ගිහින් පුතාගේ කකුල් දෙක අල්ලලා වැදලා කියන්නම් සමාවෙන්න කියලා…”
“ එපා තාත්ති එයාගේ ජිවිතේ කිසිම දෙයක් නැතුව වුනත් එයාට ආදරේ කරන කෙනෙක් එයාට ලැබිලා ඉන්නේ..මට පින නැතිව ඇති..ඒ වගේ මනුස්සයෙක්ව ලබන්න..මම තනියම මේ ජිවිතේ තව පුලුවන් කාලයක් ගෙනියනවා තාත්ති…“
“මම නෙක්ට් මන්ත් යුකේ යනවා..මගේ ස්ටඩීස් වලට ටික කාලයක් තනියම ඉන්න ඕනි තාත්ති… “
“පුතා කැමති විදියක් කරන්න… මමනේ ඔයාට මේ දේවල් නැති කලේ සුදු දුව…ඒක මට මැරෙන මොහොතෙත් මතක් වෙයි..”
“වෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි වෙනවා තාත්ති…ඒවා හිතන්න එපා…”
එහෙම වෙලා මාසයක් වගේ යනකොට මං යුකේ ගියා පුතේ…ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ ලංකාවට ඇවිත් මං අනුරාධපුර හොස්පිට්ල් එකේ තමයි වැඩ භාරගත්තේ…
ඔන්න ඕකයි කතාව..දුකයි තමයි ඒත් ජිවිතේ එහෙමනේ පුතේ…
අනේ ආන්ටි මේ කිසි දෙයක් මාමා දන්නේ නෑ..පව්…
ඔව් එයා හිමිට දැනගනී…ඔයාට ඇත්තටම ආදරේ කලේ මාෂි ..මටත් වඩා…
“ඒක තමයි ආන්ටි ඒ දවස්වල නැන්දගේ ගෙදරින් මාමට කැමති වෙලා නෑ..එහෙනම් මේක තමා හේතුව…”
“අපි දෙන්නම කෑම එක අතගෑවා මිසක් කෑම කාලා නෑ.. එහෙමම තියලා අපි දෙන්නා ආයේ ගියා මගේ හොස්ටල් එකට.. “
මට සමු දීපු ආන්ටි ආයේ අනුරාධපුරේ ගියා. මට පව් කියලා හිතුනා… මම ගිහින් වොෂ් එකක් දාගෙන මාමට කෝල් කලා… මාමත් තාම කෑවේ නෑ කිව්වා..මං ලබන සතියේ එනවා කියලා මාමට කිව්වා…
ඉතිං මං උදේ ලෙක්චරර් යනවා..හවස හොස්ටල් එකට යනවා ..මේ ටිකේම කෑවේ කැන්ටින් එකෙන්..මගේ හොස්ටල් එකේ මගේ රෑම් එකේ ඉන්නවා නෙතුකි කියලා යාලුවෙක්..එයත් හරි හොදයි..අපි දෙන්නා එක්ක තමයි හැමදේම කලේ…
මේ පාර ගෙදර ගියාම ආන්ටිටත් එන්න කියලා මාමටි ආන්ටිටයි රසට බත් ටිකක් උයලා දෙන්න ඕනි… මං ලෙක්චර් ඉවර වෙලා ඇවිල්ලා හැමදාම පාඩම් කලා..මේ අතරේ මගේ දිහා ලෙක්චර් හෝල් එකෙදි කෙනෙක් වැඩිපුර බලා ඉන්නවා කියලා මට දවස් කිහිපයක් තිස්සේ නෙතුකි කිව්වා.. එයත් අපේ බැජ් එකේමයි… දවසක් එයා අපි එනකොට මග ඉදලා විහගි කියලා කතා කලා..මෙයා කොහොමද මගේ නම දන්නේ …
“ මේ විහගි නේද මම සාගර …නම දන්නේ නෙතුකිගෙන් අහ ගත්තේ… “
“ආ එහෙමද ?ඇයි දන්නේ නෑ නේද?”
“මං ඔයාව දවසක් දැක්කා මාතර දී..කැම්පස් එකේ කියලා මතකයි..කතා කරන්න බැලුවට ඔයා බැලුවෙ නෑ..පස්සේ තමයි දන්නේ බැජ් එකේ මීටරයක් කියලා.. “
“එහෙම නෑ..එදිනෙදා ඒවා කොහොම හරි බලාගන්නවා..ඒකයි.. “
“මට කෙමෙස්ට්රි ටිකක් අහ ගන්න ඕනි..පුලුවන් වෙලාවකදි කියන්නකෝ…
“හරි හරි “ එහෙම කියලා ෂේප් වුනා..
සාගර ඔය විදියට මගේ ලගම යාලුවෙක් වුුනා… මං දන්නේ නැති දේවල් එයාගෙන් අහගත්තා..එයා දන්නේ නැති දේවල් මං කියලා දුන්නා…ඔය විදියට අපි අවුරුදු 4ක් ආශ්රය කලා…
දවසක් මම ගෙදර ගිහින් ඉන්නකොට ආන්ටි ආවා..ආන්ටි කොහොමත් අපිව බලන්න මාසෙට සැරයක් වගේ ආවා…මාමත් දැන් පොඩි ජොබ් එකක් කරනවා..එයාගේ කකුල හොදටම සනිප වුනා… ගෙදර වැඩට හිටපු අංකල් තාම ඉන්නවා..නැත්නම් මාමටත් පාලුයිනේ… ආන්ටි ආවහම මාමා හැමදාම කලේ ආන්ටිව මගඇරපු එක…ඒත් අද …
“තමරි ඔයා මෙහෙම එන එකේ තේරුමක් නෑ නේද?අනික ඔයාට පුලුවන් තාමත් මැරි කරන්න.. ඔයා මෙහෙම එන එකෙන් වෙන්නේ ඒක ඔයාගේ ජිවිතේට හොද නැති වෙන එක.. “
ආන්ටිගේ ඇස්වලින් කදුලු බේරෙනවා මං දැක්කා…
“ මගේ ජිවිතේට හොද නැති වෙන්න තව මොනවද තියෙන්නේ සහන්…”
“ ඔයා අපිට කියන්න බැරි තරම් උදව් කරලා තියෙනවා තමරි..ඒත් ඒ දේවල් ඔයාගේ තාත්ති දැනගත්තෝත් මේ කෙල්ලටත් ප්රශ්නයක් වෙයි..“
“ මට සමාවෙන්න සහන්..මං යන්නම්…මං ආයිත් එන්නෙ නෑ…
ආන්ටි දුවගෙන ගිහින් වාහනේට නැගලා වේගෙන් ගියා..
“අනේ ඇයි මාමේ එහෙම කතා කලේ…මාමා නොදන්න ගොඩාක් දේවල් තියෙනවා.. “
“මට ආන්ටි හැමදේම කිව්වා.. “ මං මාමට සම්පුර්ණ විස්තරේ කිව්වා.. මාමගේ ඇස්වල කදුලු..
“ අනුරාධ මං උඔව මරනවා “ මාමා හියියෙන් බිත්තියට ගැහුවා…
මං අමාරුවෙන් මාමව කොන්ට්රෝල් කරගත්තේ…
ඒත් එක්කම මම ආන්ටිට කෝල් ගත්තා ..ඒත් ආන්සර් කලේ නෑ… හවස මං ආන්ටිට කෝල් කලා..
“ආන්ටි මාත් එක්කත් තරහද?
“අනේ නෑ පුතේ…මාමිට බය ඇති මං නිසා ආයෙත් ප්රශ්න එයි කියලා..තාත්තිට ටිකක් අමාරුයි..මං මේ හොස්ප්ට්ල් ඇඩ්මිට් කරන්න අරන් යනවා පුතේ..පස්සේ ගන්නම්..
“කොහේද හොස්පිට්ල් ආන්ටි…”
“නවලෝක පුතා…”
මම මාමට විස්තරේ කිව්වම මාමා ආන්ටිව බලන්න යන්න ලැස්ති වුනා…මාත් ඉක්මනින් ලැස්ති වෙලා ගියා..අපි රෑ 8 වෙනකොට හොස්පිට්ල් එකට ගියා…
“සහන් ඔයා මෙහේ…”
ඉතිරිය නවවැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…